Part - 09

168 22 6
                                    

VegasPete Beginning of the love - 09

මා උදෑසන අවදි වන විට Vegas මා අසළ සිටියේ නැත.ඉදින් මා ඔහු සොයා පැමිණීමේදී රූපවාහිනිය නරඹමින් ඔහු සාලයට වී සිටින අයුරු මම දුටිමි.නුහුරුව පාද තබමින් මා යන්නට වූයේ ඔහු සිටිනා ඉසව්ව වෙතය.

"Pete...why're you walking like ...."

සිය හිස කරකවමින් ම දෙස බැලූ ඔහු මාගේ නුහුරු වූ පාද රටා පිළිබඳව මාගෙන් විමසන්නට වූයේ මා ලජ්ජාවෙන් රත් පැහැ ගැන්වෙද්දී ය.

"කරන්න තියෙන ඔක්කොම කරලා දැන් අහන ලස්සන.."

මා මටම පවසා ගත්තේ ඔහු දෙස හොරැහින් බලමිනි.

"ම්ම්ම්ම්...කෙනෙක් කියපු විදිහට තමයි මං කළේ...
.....කියපු කෙනාට අමතක වුණාට මට නම් මතකයි..."

ඔහු මා දෙස දෑස් යොමු කරමින් පවසන්නට වූ නිසාවෙන් මා නිරුත්තර වූයේ ඔහු මා දෑතින් අල්වා ඔහු මා ඔහුගේ උකුළ මතින් හිඳුවා ගන්නා විටදී ය.

"ඇවිදින්න අමාරුයි වගේ නම් මට පුළුවන් උදව් කරන්න..."

සිය දෙතොල් මා ගෙළ පුරා ගෙන යමින් ඔහු පවසන්නට වූයේ සිය දෑත් මා සිරුර පුරා ගෙන යමිනි...

"නෑ නෑ ...මට පුළුවන්..ඔයා කරදර වෙන්න එපා.."

මා ඉක්මනින් ඔහුගෙන් ඉවත් වූයේ ඔහුගේ උපකාරයන් ගැන මා හොඳින්ම දන්නා නිසාවෙනි. එවිට Vegas සිය මුහුණත් හකුළුවා ගනිමින් නැවතත් රූපවාහිනිය නරඹන්නට වූයේ මා වෙත තරවටු බැල්මක් හෙළමින්.

🌸🌸🌸🌸🌸🌸🌸

එදින ගත වූයේ කිසිදු විශේෂයකින් තොරව ය.මා මුළු දිනය පුරාම නිවෙසට වී ගත කළ අතර Vegas සිය රාජකාරී කටයුතු සඳහා නිවෙසින් පිටව ගොස් සිටියේ ය.එනිසාවෙන් තනිව නිවෙසෙහි හුන් මා හට දිනය දැඩි අලස ලෙස දැනෙමින් තිබිණි.මන්ද ඔහු නිවසෙහි සිටියානම් මා ඔහු අසළට වී කාලය ගත කරන නිසාවෙනි.

අලසව සයනය මතට වී සිටි මා දෙසවනට වැකුණේ Vegas ගේ රථය නිවෙසට පැමිණෙන හඬයි. ඒත් සමඟින් මා පහත මහල වෙත දිව යන්නට වූයේ දැඩි ප්‍රීතියෙනි...එවිට මා දුටුවේ දෑත් බැඳ ගනිමින් තරප්පු පෙළ පාමුළට වී මා දෙස බලා සිටිනා Vegas ගේ රුවයි.ඔහු දැකීමෙන් දැඩි සතුටට පත් වූ මා තරප්පු පෙළෙහි පහළට දිව යන්නට වූයේ නොයිවසිල්ලෙනි.නමුදු නොසිතූ අන්දමින් මාගේ පාදය පැටලී මා සිරුරේ සමබරතාවය මා හට අහිමිව යන්නට වූයේ මා පහළ හුන් Vegas ගේ සිරුර මතට වැටෙනා විටදී ය.

ඇත්තෙන්ම එලෙස මා වැටුනා නොවේ.ඔහු ඉදිරියට පැන සිදු වීමට ගිය අනතුරින් මා බේරා ගත්තා යැයි කීවා නම් නිවැරදි ය...

"Pete...ඔයා පොඩි ළමයෙක් වගේ කියන්නෙ නිකන්ද ඉතිං...පොඩ්ඩක් සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනි...

...මං මෙතන නොහිටියනම් මොකද වෙන්නෙ.."

ඔහු පවසන්නේ මා හිස පිරිමදිමිනි.

"ඔයා ආපු නිසයි මං දුවගෙන ආවෙ..."

පුංචි දරුවෙකු වැරැද්දක් කිරීමෙන් අනතුරු ගතු කියන්නාක් මෙන් ඔහුගේ මුහුණ දෙස බලමින් මම පවසන්නට වීමි.

මා තවමත් සිටියේ ඔහුගේ දෑත් අතරට මැදිවය.ඒත් සමඟින් ඔහු මා හට පෑවේ මා ප්‍රියතම වර්ගයේ රස කැවිලි පිරි බඳුනකි.

"මේ මටද...?"

මා මුව අයා ඔහු දෙස බලමින් ඇසූයේ, ඔහු කිසි දිනෙක මෙවැනි පුංචි පුංචි ආදරණීය හැසිරීම් දක්වතැයි මා බලාපොරොත්තු නොවූ නිසාවෙනි.

"ම්ම්ම්...මට මතක් වුණා ඉතිං.මං නැතුව පාළුවෙන්නෙ ඉන්න ඇත්තෙ..."

Vegas ආදරණීය ලෙස පවසද්දී ඔහුගේ ගෙළ වටා මාගේ දෑත් යොමු කළ මා ඔහුගේ කොපුළක් මත හාදුවක් තැබූයේ හදවත පුරා ඉතිරී යන්නට වූ සතුට නිසාවෙන්මය.

"ලෑස්ති වෙන්න...ගමනක් යමු....."

මා තව තවත් පුදුම කරමින් ඔහු පවසන්නට වූයේ මා හදවත විසල් ප්‍රීතියකින් උතුරා යන විටදී...

මා තව තවත් පුදුම කරමින් ඔහු පවසන්නට වූයේ මා හදවත විසල් ප්‍රීතියකින් උතුරා යන විටදී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
VegasPete Beginning of the love...Where stories live. Discover now