" දරුවො ,මේ අහන්න මම කියන දේ.
ජීවිතෙ අනිත්‍යයි තමා. ඒත් එහෙමයි කියලා ඔයාගෙ මේ තරුණ ලස්සන ජීවිතෙ නිකම් ඔහෙ ගලාගෙන යන්න දෙන්න එපා "" ඒත් මෙහෙණියනි මට ජීවිතෙ කලකිරිලා. මට හොදටම එපා වෙලා.
මම ආස කරන දේවල් මට ලැබෙන්නේ නෑ. මම මට ......මට තේරෙන්නේ නෑ මෙහෙණියනි 😔. මේ හැමදේම දුකක් විතරමයි. මට මහණ වෙන්න ඕනි මෙහෙණියනි."" දරුවො යුමී......මගෙ ඇස් දිහා බලන්න. බලලා ඇස් අහකට ගන්නෙ නැතුවම මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න."
" ම්ම් හරි මෙහෙණියනි. "
" යුමී ,ඔයා ආස කළා නේද කොරියන් එන්න ? "
" ඔව්. ගොඩක් ගොඩක් ආස කළා 😊"
( මෙහෙණියගෙ ඇස් දිහා බලන් මම කිව්වා.)" ඇයි ඔයා එන්න ආස කළෙ ? "
" 😶😶😶😶😶 "
" කියන්න මට යුමී "
" ඒකට ගොඩක් හේතු තියෙනවා මෙහෙණියනි. ප්‍රදාන හේතුව උනෙ කොරියාව කියන්නේ මගෙ සිහින දේශය"
" ඒකමද ප්‍රදාන හේතුව ?ම්ම් කියන්න දරුවො 🙂. ඒකද ප්‍රදාන හේතුව ? ඔයා ඔයාගෙ හදවතට ඇහුම් කන්න දෙන්න "
" 😔😔 මෙහෙණියනි ,තව හේතු දෙකක් තියෙනවා. එකක් තමා මම ගොඩක් හීන මැව්වා Kpop idol කෙනෙක් වෙන්න.
අනිත් හේතුව _____😣😣 ( මගෙ ඇස් වල කදුලු ඉනුවෙ මටත් නොදෙනිවමයි.)"" මගෙ ඇස් දිහා බලන් කියන්න යුමී. කෝ මට කියන්න "
" 😞 ඒ......ම්ම් ඔව් එයා තමා. ඒ ඇස් දෙක. ඔව් ඒ ඇස් දෙක තමා මෙහෙණියනි. මම කොරියාවට එන්න ප්‍රදාන හේතුව ඒ ඇස් දෙක. මගෙ ඇස් අස්සෙ අතරමන් උනු ඒ ඇස් දෙක බලන්නයි මම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙන කොරියන් ආවෙ."
" 😇 ඉතින් ඇයි ඒක කියන්න ඔච්චර මහන්සි උනේ ....ම්ම්...."
" මොකද මෙහෙණියනි මම ඒ හෙව්වෙ මට අයිති නැති ඇස් දෙකක්."
" ඒ ඇස් දෙකට ඇයි ඔයා එච්චර ආදරෙ කරන්නෙ ? "
" මොකද ඒ ඇස් දෙක මට අමුතු ශක්තියක් දුන්නා. ඒ ඇස් දෙක දැක්කාම මගෙ හදවත නිවුණා. කොටින්ම කිව්වොත් මම ඇස් අස්සෙන් දැක්කෙ අවන්ක ,පිවිතුරු ආදරයක්. මට පළවෙනි වතාවට ලෝබ කමක් ඇති උනා. ආත්මාර්ථකාමී හැගීමක් දැනුනා.මට ඕනි උනේ ඒ ඇස් වලින් මන් දිහා විතරක් බලනවට. "
YOU ARE READING
ONE SIDE LOVE
Fanfiction* කියන්න දෙයක් තියෙනවා. මේකෙ තියෙන්නෙ එපි දෙකයි. සමහර වෙලාවට හිතේ ආදරයක් ඇතිවෙනවා නේද ඒක ස්වාභාවික දෙයක්. ඒක එන එක වරදක් නෙවෙයි . සමහර වෙලාවට ඒ කෙනාට තද බල බැදීමක් එනවා. ඒ එන්නෙ සසර පුරුද්දට. බොහෝ කාලයක් සසරෙ එකට හිටපු අය. Complete ☺️