Present * වර්තමානය *" ඔව්. එදා මට අද වගෙ මතකයි.
මම දකින්න ආස කරපු ඒ ඇස් දෙක , ඒ උණුසුම මට එදා දැක්කා ,වින්දා😊.
මම ඇඩුවා. ඔව් මම ඇඩුවා. පැයක් නෑ පැය දෙකක් විතර එකදිගට ටේව බදාගෙන ඇඩුවා. සමහර විට ඔයාලා හිතනවා එති මහ බොලදයි කියලා.
ඒත් විනාඩියකට හිතන්න " තමන් පණ වගෙ ආදරෙ කරන කෙනාව එකපාරටම දැක්කොත් මොන වගෙ හැගීමක් එයිද කියලා ".
මම ඔප්පව බදන් ඇඩුවා. ඔප්පත් කිසිම දෙයක් නොකියා මගෙ කදුලු වලට ඔහේ ගලන් යන්න ඉඩ ඇරියා.මම එදා ගොඩක් සතුටු උනා. ඒත් ඒ සතුට නැති වෙන්න ගියෙ පොඩි වෙලාවයි.😔
_________________😞_________
.
.
ටේ : ම්ම් ....දැන් එති නේද ඇඩුවා 🙂
මම ඒවෙලාවෙ තමා හරි සිහියට ආවෙ.
යුමී : අහ් 😣 ඔප්පා මට සමාවෙන්න. චොම්මල් මියන්හෙ.
මම දැන් යන්න ඕනි.
මට සමාවෙන්න මම හිතලා නොකරපු හැමදේටම.එහෙම කියලා මම සීට් බෙල්ට් එක ගලෝලා කාර් එකෙන් බැහැලා යන්න ගියා. ඒත් මට ලොකුම දුරක් යන්න බැරි උනේ මගෙ කකුල් දෙක පණ නැතිවෙනවා බිම වැටුනා.
නෑ මම වැටුනෙ නෑ. කවුරු හරි මාව වැටෙන්න නොදී අල්ලගත්තා.එකපාරටම ,
ටේ : මේ ඔයාද ?
Tae pov ,
මම අද පොඩි වැඩකට එළියට යන්න ලෑස්ති උනා. ලෑස්ති වෙලා කාර් එක park කරන තැනින් අරන් අපාර්ට්මන්ට් එකෙන් එළියට අරන් යන්න අඩි දෙකක් යන්න උනා විතරමයි කොහෙන්දෝ කඩාපාත් උනු කෙල්ලෙක් කාර් එක ඉස්සරහින් දුවන්න ගියා. ඒත් එකපාරටම මගෙ කාර් එකෙ එයා හැප්පුනා. මට ස්වර්ගය පෙනුනා වගෙ එකක් උනා එවෙලෙ.
ඒත් මගෙ වාසනාවට ද කොහෙද ඒ කෙල්ල පස්ස අත ගගා නැගිට්ටා.
මම කාර් එකෙන් බැස්සෙ නැත්තෙ මාව අදුරගත්තොත් කියලා 😁. මේන් මේකි මන්තර ජප කරනවා වගෙ මට බැනගෙන බැනගෙන ගියා.
රෑට ඇවිල්ලා බෙල්ලත් මිරිකනවා කිව්වා මගෙ 😣.යකො ටේ කියලා එකෙක් ගැන කියො කියො මට බනිනව.
පස්සෙ තමා මීටර් උනෙ මමනෙ ටේ කියන්නේ කියලා 😌.
එතකොට එයාගෙ බයස් මම කියලා මට තහවුරු උනා.
මේන් මේකි නම්බර් ප්ලේට් එකට පයින් ගැහුවා. පයින් ගහපු පාර කෙල්ලෙගෙ කකුල කොර උනාද මන්දා😅.
මමත් ඉතින් බැහැලා ආවා.
ඒ එනකොට කෙල්ල කකුල අතගගා ඉන්නවා. මම ඉතින් කෙල්ලව හරහට උස්ස ගත්තා. මේන් මේකි මගෙ පපුවට ගහ ගහ බෙරිහන් දෙනවා බිමින් තියන්න කියලා 😅. මම හිමීට එයාව පැසෙන්ජර් සීට් එකෙන් තියලා සීට් බෙල්ට් එක දාලා එයා දිහා බැලුවා. ඒ කෙල්ලත් මම දිහා රවල් බැලුවා.ඒත් තත්පරයක් යනකොට මේන් මේ කෙල්ලගෙ ඇස් වල කදුලු.
එකපාරටම ටේ කියලා කිව්වම මම ඩිම් උනා.
ඊටපස්සෙ මාව බදන් අඩන්න ගත්තා.
" අනෙ මගෙ ටේ.....මගෙ ටේ ඔප්පා " කිය කිය පැය දෙකක් විතර ඇඩුවා.
මට මොකුත් හිතාගන්න බැරුව හිටියා.
ඒත් මම ටික වෙලාවක් ගිහින් කෙල්ලට කතා කලාම කෙල්ල පියවි සිහියට ඇවිල්ලා කාර් එකෙන් බැහැලා මගෙන් සමාවත් අරන් දුවන්න හැදුවා. ඒ එක්කම කෙල්ල ඇදන් වැටෙන්න ගියා. ටක්ගාලා මම කෙල්ලව අල්ලගත්තා.
YOU ARE READING
ONE SIDE LOVE
Fanfic* කියන්න දෙයක් තියෙනවා. මේකෙ තියෙන්නෙ එපි දෙකයි. සමහර වෙලාවට හිතේ ආදරයක් ඇතිවෙනවා නේද ඒක ස්වාභාවික දෙයක්. ඒක එන එක වරදක් නෙවෙයි . සමහර වෙලාවට ඒ කෙනාට තද බල බැදීමක් එනවා. ඒ එන්නෙ සසර පුරුද්දට. බොහෝ කාලයක් සසරෙ එකට හිටපු අය. Complete ☺️