මේ කතාවේ ඉදිරියට යාමට මත්තෙන් , මතුවට මා අසා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරක් ඔබේ හදවතින් විමසා සිටින්න. දෙතුන් වරක් සිතා බලන්න. ප්‍රශ්නය සරළ යැයි සිතේවි. නමුත් , පිළිතුර කිසි විටක සරළ නොවේ.
01. ඔබේ ජීවිතයට ' ඉතිහාසය අධ්‍යයනය' වැදගත් යැයි සිත්ස්නවාද ?
02. ඔබ , ඔබට ලැබුණු දෙයට වඩා නොලැබුණු දෙය පිළිබඳ සිතනවාද ?
03. ඔබ , ඔබටම ආවේණික , ඔබ විසින්ම සාදාගත් මනෝලෝකයක සිටිනවාද ?
04. සමාජයක පැවැත්මට ආගම් / දර්ශන අවශ්‍ය බව ඔබ සිතනවාද ?
05. නොපෙනෙනා දේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?
06. තම පුද්ගලබද්ධ ස්වාර්ථය උදෙසා ලොවක් අඳුරේ දැමීමට ඔබ සූදානම් ද ?
(එනම් , ඔබ , ඔබ උදෙසා ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් අයෙක් ද?)
07. චිත්තවේග අනුව තීරණ ගැනීමට ඔබ හදිස්සි වේ ද ? තීරණ ගැනීමට පෙර ඔබ හොඳින් සිතන්නේද ?
08. සමාජ සම්මතයන් සැමවිටම නිවැරදි වේද ?
09. ඔබ ඉපදී ඇත්තේ කුමක් සඳහාදැයි ඔබට මේ මොහොත වන විට අදහසක් තිබේද ?
(එනම් , ඔබ විසින් මේ ලෝකය / සමාජය උදෙසා කුමක් කළ යුතු දැයි ඔබ වටහාගෙන තිබෙන්නේ ද ?)
10. " ජීවිතය" යනු කුමක් ද ? ඔබේ මතය කෙබඳු ද ?මේ ප්‍රශ්න සියල්ල එකිනෙකට සම්බන්ධ නොවන අපිළිවෙල ප්‍රශ්න ලෙස සිතේ ද ? එසේ සිතනුයේ නම් , ඔබේ ජීවිතයේ සිදුවන සියලු දේ සැම විටම එකිනෙකට සම්බන්ධ යැයි ඔබ සිතන්නේ ද ?
ඉහත ප්‍රශ්න සියල්ලටම ඔබට තර්කානුකූකව අදහස් දැක්විය හැකි ද ? එසේනම් , ඔබට 49 කතාංගයේ පළමු දිගහැරුම සහ දෙවන දිගහැරුම කියවා අවබෝධ කර ගත හැකි වනු ඇති.
මේ කතාව... ඔබේ බුද්ධිය සමඟ ගැටෙනු ඇති.▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▷
ප්‍රධාන චරිත සඳහා මා සංකේතානුකූකව යොදාගත් චරිත රූප පහතින්...
BINABASA MO ANG
▣▶ 𝗕𝗲𝗵𝗶𝗻𝗱 ( 𝗧𝗵𝗲 𝗦𝗰𝗲𝗻𝗲𝘀 ) ◀▣
Mystery / Thrillerහතලිස් නවයේ කතාංගයේ පළමු දිගහැරුම වූ " පිටු හතලිස් නවයක් සමඟ බැඳුණු දින හතලිස් නවය" ( 49 Pages with 49 Days ) අවසන් වූ පසු එහි දෙනව දිගහැරුම ලෙස " තිරය පිටුපස " Behind ( The scenes ) දිගහැරෙන බව පවසනු කැමැත්තෙමි ❤️ පළමු දිගහැරුනට වඩා වෙනස් , කොරියා...