his mistress 🖤 (67)

3.3K 633 276
                                    

මාස ගානක් ගෙවීගෙන ගියා....

ජන්කුක් නිතරම ඇහුව්වත් ඇයි දවසක් මෙකින් ලව් කරන වේලාවේ තමන්ගේ සීඩ්ස් ටික පොඩි ප්ලාස්ටික් කප් එකකට දා ගත්තේ කියලා ඒ හැමවේලාවෙම එක එක කතා කියමින් බටර් පාරේන් ලිස්සලා ගිය බුද්ධිමත් ටේහියුන්ග් නිසා ජන්කුක්ට ටේහියුන්ග්ගේ අවුරුදු ගානක valid එකක් තියෙන වටින  ලොකු ප්‍රොජෙක්ට් එකක් සම්පුර්ණයෙන්ම රහසක් උනා....

අන්තිම වතාවට ජන්කුක් සහ ටේහියුන්ග්ගේ රණ්ඩුවෙන් පස්සේ මාස අටක්...ඔව් හරියටම මාස අටක් හරිම සාමකාමීව සතුටින් වෙනදා වගේම ගෙවීලා ගියා....

ජන්කුක් පුලුවන් තරමක් ටේහියුන්ග්ගේ තුරුලේ හුරතල් වෙමින් ටේහියුන්ග්ට දරුවෙක් නැති අඩුව දැනෙන්න නැති වෙන්න තමන්ගේ උපරිමෙන්ම ඇපකැප උනාත් ඒ හිතේ කොනක තවමත් පොඩි වේදනාවක් හැංගිලා නොතිබ්බාම නෙමෙයි....ඒ අතර ටේහියුන්ග්න්ද ජන්කුක් ගැන වෙනදාටත් වඩා හොයලා බලමින් ජන්කුක්ට තමන්ගේ සම්පුර්ණ අවදානේම දීලා ජන්කුක්ව පරිස්සම් කරන්න වග බලා ගත්තා....

දෙන්නාගේ ආදර කතා මැද , හුරතල් වැඩ මැද පුංචි පුංචි බොරු රණ්ඩු   හමූවේ මාස අටක් ගෙවීගෙන ගියාත් ලඟකදි ඉදලා ජන්කුක්ගේ හිතට හරි අමුතු බරක් දැනෙන්න ගත්තා...

ටේහියුන්ග් වැදගත් ප්‍රොජෙක්ට් එකක වැඩ  කියලා වෙනදාට හවස හයට ගෙදර එන එක දැන් රෑ දහය වෙද්දි කිසිම හේතුවක් නැතුවම ජන්කුක්ගේ හිතට එක එක බය හිතෙන සිතුවිලි දැනෙන්න උනා...ටේහියුන්ග් අවුරුදු ගානක් තිස්සේ කම්පැනි එකේ වැඩ කරා....අවුරුදු ගානක් තිස්සේ ප්‍රොජෙක්ට් දහස් ගානක් කරා නමුත් ඒ කිසිම වේලාවක ටේහියුන්ග් මේ තරම් කාර්යයබහුල වෙලා රෑ දහයට එකොලහට ගෙදර ඇවිත් තිබුනේ නැහැ......

එදාත් එක්තරා සමාන්‍ය දවසක්...

ජන්කුක්ගේ හිතට දැනුන හදිසි ආශාව නිසා අජුම්මා එක්ක එකතු වෙලා හදපූ දවල් කෑම ටික ලන්ච්බොක්ස් එකකට දාගෙන ජන්කුක් ගියේ ටේහියුන්ග්ගේ කම්පැනි එකට.....

🌷: ගුඩ් මෝනින් සර්....

ටේහියුන්ග් ඇනවසරි එකට දුන්න ලස්සන තනි රත්තන් chain එකත් , ඒකේම පෙන්ඩන් එක විදිහට දෙන්නාගේ පින්තුර දාලා හදලා තිබ්බ locket එකත් හැමෝටම පේන්න ටීශර්ට් එකෙන් එලියට ගත්ත ජන්කුක් ලස්සන හිනාවක් එක්ක reception  එකට එද්දි එතන හිටිය කෙල්ල ජන්කුක් එක්ක සුහදව හිනා උනා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now