New members of kim family (68)

4.1K 645 712
                                    

🐯:ක්...කුකී ? ම්..මේ ඩිවොස් පෙපර්ස්...?

ටේහියුන්ග්ගේ අත් දෙක බලන් ඉන්නැද්දිම වෙව්ලන්න පටන් ගත්තා....හදවත ඇතුලේ යමක් හිර වෙලා තියෙනවා කියලා දැනෙද්දි ටේහියුන්ග්ට නොදැනීම ඒ සීතල පොලව උඩ දණ ගැහුනා..එයාට තවමත් මේ අත් උඩ තියෙන ෆයිල් එක ගැන විශ්වාස කරන්න බැරි උනා....

ඇස් වලට පිරෙන කඳුලු බිංදු ඒ ඇස් අස්සේ හැංගිලා ඉන්න තවත් ඉඩ නැතිකමට කම්මුල් දිගේ පහලට ගලාගෙන යද්දි ටේහියුන්ග් බොඳ උන ඇස් වලින් අතේ තිබ්බ ෆෝර්ම් වල ජන්කුක් අත්සන් කරලා තිබ්බ ඒ සයින් දිහා බැලුවා....

කොහොමද මෙච්චර ආදරේන් හිටිය ජන්කුක් මේ වගේ බලපතල තීරණයක් තනියමම අර ගත්තේ....?

🐰: ඔයා මොනාද හිතුවේ ටේහියුන්ගී..? මං මෝඩෙක් කියලාද ? ඔය දේ නෙමෙයි ඔයා මට නොකියා මගෙන් බලාපොරොත්තු උනේ...? මං ඔයාට කිව්වා දෙයක් තියෙනවා නම් ගැන මට කියන්න කියලා...නමුත් ඔයා ? හිතුවේ මං මුකුත්ම දන්නේ නැහැ කියලාද ? පාන්දර නැඟිටගෙන හොස්පිටල් ගානේ දුවද්දි , ප්‍රොජෙක්ට් එක නිසා බිසී කිය කිය ලන්ච් එක අරගෙන එද්දි ඔෆිස්  එකෙ නැති වෙද්දි ,කැබින් අස්සේ බබෙක් ලැබෙන්න ඉන්න ගැහැනු කෙනෙක්ගේ බඩ කිස් කරද්දි මං මුකුත් දන්නේ නැතුව ජීවත් වෙන්න ඕනද ටේ ? මං හැමදේම දැකලාත් නොදැක්ක ගානට ඉන්න ඕනද ?

🐯: ක්...ක්..කුකී-

🐰: මං හිතන්නේ මං මෙදා පාර දුන්න ක්‍රිස්මස්  ගිෆ්ට් එක ඔයාට ඇත්තටම හුඟාක් වටින එකක් වෙන්න ඕන...අහන්න...මං තවත් වදයක් දෙන්නේ නැහැ ඔයාට...ඔයා මාව ඩිවොස් කරන්න...අපි වෙන්වෙමූ...නම්බු පිට අපි වෙන්වෙමූ...ඔයා දැන් ඔයාගේ අර ප්‍රෙග්නට් කෙල්ල එක්ක මෙහෙ නවතින්න...තවත් මගෙන් ඔයාට කරදරයක් නැහැ...අනික වගේ තත්වෙක ඉන්න කෙනෙක්ව තනියම දාලා මාත් එක්ක බොරුවට ජීවත් වෙන්න එන්න එපා....මං දන්නවා මං අසම්පූර්ණයි...ඔයා කොච්චර කිව්වත් නැහැ කියලා මං දන්නවා ඔයාත් ගැන එහෙම හිතනවා කියලා...හැමෝම කියනවා පවුලක් සම්පුර්ණ වෙන්න දරුවෝ ඕන කියලා...මං එන්න එන්න ලොකු වෙනවා මිසක් පොඩි වෙන්නේ නැහැ...ඉතිං මට හැමදාම ඔයාගේ ඔඩොක්කුව උඩ හුරතල් වෙන්න බැහැ....ඒකට තමයි අපි දරුවෝ හදන්නේ...ප්ලීස් මගේ ඉල්ලිම පිලිගන්න...මගේ හිතේ ඔයා ගැන කිසිම තරහවක් නැහැ..මේ ඇත්තමයි....මගෙත් එක්ක ජීවත් වෙනවාට වඩා ඔයා තනියම හරි පරිපූර්ණ ගැහැනියෙක්ව හොයාගෙන සම්පුර්ණ වෙන්න උත්සාහ කරපූ එකට මට අවංකවම  සතුටු වෙනවා....මේ අපි දෙන්නේගේ අන්තිම ක්‍රිස්මස් එක වගේම එකට ඉන්න අන්තිම දවස....කලබල වෙන්න එපා..මට අද රෑ විතරක් මේ කොහි හරි ඉන්න දෙන්න..හෙට ඉර පායපූ ගමන් මං ඔයාගෙන් ඈත් වෙලා බූසාන් යන්නම්....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now