ටේහ්‍යුන් දරුවව එක්කන් වෙනදටත් වඩා කලින් ගෙදරට ආවෙ උදේ ඉදන් චූටි කෙල්ලගෙන් ටේහ්‍යුන්ට විසුමක් නොවුනු නිසා. යාන්තමින් සූහගෙ මව්කිරි ටිකට , රස්නෙට මෙල්ල වුනු කෙල්ල පැයකට එක හමාරකට නිදාගත්තත් ඉතිරි වෙලාවෙ හිටියෙ ඇහැරගෙනමයි.
දරුවවත් ඔම්මට දීලා ටේහ්‍යුන් වොශෲම් එකට ගියේ දවසෙම වෙහෙස නිවාගන්න කියලා හිතාගෙන. වෙනදට වැඩ හින්දම හෙම්බත් වෙලා එන කොල්ලා අද චූටි කෙල්ලයි වැඩයි දෙකම නිසා හිටියෙ හුඟක් මහන්සියෙන්..
ශවර් එකෙන් වැටෙන සීතල වතුර බිංදුවක් ගානෙ ටේහ්‍යුන්ගෙ ඇඟ සිපගනිද්දි කොල්ලා ඒ නිසා දැනෙන සනීපය ඇස් පියාගෙන හරි හරියට වින්දා.. වේගෙන් ඉහල පහල යන ටේහ්‍යුන්ගෙ හුස්ම තමන්ගෙ මහන්සියට වගකිව්වා..පැයක් විතර වොශ් රූම් එකේ ඉඳලා ටේහ්‍යුන් ටවල් එක පිටින්ම ඇඳේ දිහා වුනේ දිගු හුස්මක් හෙලන ගමන්. තවමත් ජියාගෙ ප'ෆියුම් සුවඳ මුලු රූම් එකේම පිරිලා ගිහින්.. රූම් එකේ අස්සක් මුල්ලක් නෑර ටේහ්‍යුන්ගෙත් ජියාගෙත් මතක පිරිලා තිබුනා..
බූසාන් අහස යට වලලලා ආවයි කිව්වට..
ඒ මතක
ඒ ගැහැනිය
මුලු හිතින්ම ඈත් කලා කිව්වට..
පුලුවන්ද මනුස්සයෙක්ට ලේසියෙන් ආදරයක් අත්හරින්න.. අමතක කරන්න..ඉතින් ඒ වලලපු මතක අතරින් ලස්සන මතක ටිකක් තෝරාබේරාගෙන ටේහ්‍යුන් ඒ මතක ආයෙත් මතක් කලේ සමහරවිට කොල්ලා වචනෙන් නොකිව්වට.. හැඟීම්වලින් ප්‍රකාශ නොකරට ජියා ගැන තියෙන ආදරේ අල්පමාත්‍රයක්වත් අඩු වෙන්නෙ නැති නිසා වෙන්න ඇති..
One year before
2021 ජනවාරි..
" මට සමාවෙන්න ටේහ්‍යුන් ..."
සීතලම සීතල රාත්‍රියක ටේහ්‍යුන්ගෙ නිරුවත් පපුවට ඔලුව තියන් ජියා ඉකි ගැහුවෙ කෙල්ලගෙ වගේම ටේහ්‍යුන්ගෙත් ඇස් කඳුලින් තෙත් වෙලා තියෙද්දි..
" අඬන්න එපා.. මේක අපේ වැරැද්දක් නෙවෙයිනෙ මැනික.."
" ඒත්... ටේ ඔයා දරුවොන්ට ආසයිනේ.."
"ඔව්... ප්‍රෙග්නන්සි ටෙස්ට් තුන හතරක් නෙගටිව් වුනා කියලා බලාපොරොත්තු නැති කරගන්න ඕනි නෑනෙ ජියා.. ඩොක්ට කිව්වනෙ දවසක අපිට දරුවෙක් හදන්න පුලුවන් කියලා..ම්ම්ම්.."