තැඹිලි පාට ට හුරු රතු පාටකින් හැඩවුනු හවස් යාමයේ බුසාන් අහස හරි ලස්සනයි.. ඒ ලස්සනට එකතු වුනු රාස්සිගෙ අව්ව වැටුනු මුහුදු වෙරලේ හඬ එහා මෙහා දුවන දරුවොන්ගෙ හිනා හඬ වගේම ඒ ලස්සන විඳින්න මුහුදු වෙරළට ගොඩ වුනු ආදරවන්තයින්ගෙ ආදර බස් ඔහුගෙ කන් පුරවව්වා..ඒ ආදර වදන් නිසා හරි අමුතු හිනාවක් ඔහුගෙ මුවේ මැවෙද්දි ඔහු නොදැනුවත්වම දිගු සැනසුම් සුසුමක් පිට කලේ ඒ හිනාවත් සමගමයි..
" මොකද සැනසුම් සුසුම්..?? දුකයිද..??"
" ම්ම් ගොඩක්...."
" ඒත් මේ අපේ දෛවය.. මට තවත් මෙහෙම ඉන්න බෑ ටේහ්‍යුන් ."
" ඔව්.. මම දන්නවා.. ඒකයි හිතේ කිසි වෛරයක් නැතුව ඔයාට යන්න දෙන්නෙ මම. මට දුක මගේ දරුවා ගැන විතරයි ජියා .. තාම ඉපදිලා මාසයක්වත් නැහැනේ.."
" දරුවව ටික දවසකට බලාගන්න. සමාවෙන්න දරුවට මාව ඕනිකාලෙම ඔයාලා දෙන්නවම අත් හරිනවට. ඒත්... මට දැන්වත් නිදහසක් ඕනි.."
" හ්ම්ම්... යන්න.. දරුවා ගැන හිතන්න එපා . ගැහැනු දරුවෙක් වුනත් මට කෙල්ලව කරදරයක්වත් බරක්වත් නෙවෙයි.. ඒ ඉන්නෙ මගේ ලෙයින් හැදුනු මගෙ චූටි කෙල්ලනෙ ජියා..."
ටේහ්‍යුන් අවසන් වචන ටික කිව්වෙ කෝපයක්වත් වෛරයක්වත් රහිත ඒත් උපහාසාත්මක හැඟීම් පිරුනු මුහුණකින්.. අවුරුදු 5ක ආදර කතාව .. අවුරුදු දෙක හමාරක විවාහා ජීවිතය බූසාන් අහස යට හරි සන්සුන්ව.. හරි දයාබරව අවසන් කරද්දි ජියා යාන්තමින් හිනා වෙලා එතැනින් යන්න ට ගියේ ටේහ්‍යුන් වගේම සති තුනකට කලින් මේ ලෝකෙ එලිය දැකපු චූටි කිරි කැටියවත් තනි කරලා.
ආදරය හරි අමුතුයි.. " හැඟීම් " කියන වචනයෙ කිමිදෙන ගිලෙන මිනිස්සු බහුතරයක් ඒ හැඟීම් අහිමිවීම් එක්ක පිස්සෝ වෙනවා.. එහෙමත් නැත්නම් වෛරක්කාරයො වෙනවා.. අනෙකාගෙ සතුට දකින්න බැරි තරමට ලොකු ආත්මාර්ථකාමී බවකින් ඒ හදවත් පිරිලා යනවා..
ටේහ්‍යුන් ට තිබුනා ජියාව ළඟින්ම තියාගන්න.. කෙල්ලට දහදුක් දීලා හිරකාරියක් කරන්න. අවසන් මොහොතෙත් කෙල්ලගෙ හිත රිද්දලා සමුගැන්මක් දෙන්න..