3 ☁️☁️

571 102 71
                                    

මහද නිවාලන
පුංචි මල් පොට්ටුව ඇය,
කිරිසුවඳවත් නොදැනී
රැව්දෙන ඉකිබිඳුම්,
හද ගිනි අවුලයි,
කොයින්ද අම්මෙක්,
ලෙය කිරි කරනා,
ඇය වෙනුවෙන්..

#නිසී

kim_son_joon තෑන්ක්ස් බබා.. මේ වචන මට හරියට වටිනවා 🥺🥺🥺💗💗

______________________________________

" මැනික දන්නවද.. හෙට ඉදන් ඔයාට ඔම්මා කුක්කු හම්බෙනවා.."

" ඔම්මා කුක්කු බීලා ඉක්මනට ලොකු වෙන්න ඕනි තේරුනාද.. අප්පට ආසයි ඔයාට ලස්සනම ලස්සන ඇඳුම් අරන් දෙන්න.. ඇති වෙනකන් අයිස්ක්‍රීම් අරන් දෙන්න...ම්ම්ම්ම් තව ඔයා ආස හැමදේම අරන් දෙන්න.. ඔයත් එක්ක කතා කරන්න තමයි අප්පා වැඩියෙන්ම ආස. ඔහ් අමතක වුනානෙ මගෙ මේ චූටි රෝසමල එක්ක අප්පා හැමදාම සෙල්ලම් කරනවා... ඒ නිසා ඉක්මනට ලොකු වෙන්න.. අප්පට හිතේ හැටියට කියවන්න හරි ඉන්නෙ ඔයා විතරයිනෙ මගෙ මැනික.."

පුලුන් පිරුනු පැනල් එකකින් ඔතපු චූටි කෙල්ල ටේහ්‍යුන්ගෙ ඇදේ නිදාගෙන ඉද්දි ටේහ්‍යුන් තමන්ගෙ මහපට ඇඟිල්ලෙන් චූටි කම්මුලක් පිරිමදිමින් කතා කලේ හිනා වෙවී.. කාටවත් නොපෙන්පු ජියාගෙන් පස්සෙ ටේහ්‍යුන්ගෙ මුහුනෙ තියෙන ලස්සන හිනාව දකින කෙනා තමයි මේ චූටි කෙල්ල.. ඒක ටේහ්‍යුන්ට ආවේනික හිනාවක්.. තමන් ආදරය කරන කෙනෙක් එක්ක කතා කරද්දි විතරක් මුහුනෙ මැවෙන ලස්සන වගේම පියකරු හිනාවක්..

" යාහ් හ්‍යොං.. බබා හම්බුනාට පස්සෙ මාව අමතක වුනාද.."

" හ්‍යොං මට රිප්ලයි කරනවා.."

" මටනෙ ඔය වෙනස්කම. ඉන්නවකො මම කොරියාවට එනකන්.. තමුසෙයි අර කොට ඩයල් එකයි දෙන්නම එකයි.."

එක දිගට මෙසේජ් එනවත් එක්කම කෝල් එකක් ආව නිසා ටේහ්‍යුන් පුලුවන් ඉක්මනට ෆෝන් එකට අතට ගත්තෙ රින්ගින්ටෝන් එක නිසා කෙල්ල ඇහැරෙයි කියලා බයට.. මොකද කෙල්ල නින්දෙන් ඇහැරුනොත් ආය නිදි කරවනව බොරු..

" kookie..."

ෆෝන් ස්ක්‍රීන් එකේ නම සඳහන් වෙලා තිබුනෙ අන්න ඒ විදියට.. ඒ නම දකිද්දිම ටේහ්‍යුන්ගෙ හිනාව අලුත් වෙද්දි කොල්ලා කෝල් එක අන්ස්ව කලේ නොඉවසිල්ලෙන්..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐅𝐄𝐄𝐋𝐈𝐍𝐆 | 𝐊𝐓𝐇 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 | 𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠 Where stories live. Discover now