Happy women's day (69)

4.1K 605 647
                                    

( මාස හතරකට පසූ )

ටේහියුන්ග්ගේ ගෙදර නැවතිලා මාස තුනක කාලයක් මව් කිරි වලින් ටේහියුන්ග්ගේ දරුවන්ව පෝෂණය කරපූ ජීයා මාස තුනකට පස්සේ තමන්ගේ රාජකාරිය සම්පුර්ණ කරලා ඒ ගෙදරින් එලියට ගියා....

ඒ කාලේ අතරතුර ජන්කුක්ගේ පවුලේ සෙරමල්ලාත් ඔක්කොම දේවල් මඟ නතර කරලා දඩිබිඩියේ කොරියාව බලා ආවේ ජන්කුක් කිව්ව ඒ සුභ ආරංචිය ඇස් දෙකෙන්ම දැකලා තහවුරු කර ගන්න ඕන කියන බලාපොරොත්තුවෙන්......

දැන් මුලු කිම් මැන්ශන් එකම සතුටින් පිරිලා ගිහින් තිබුනා....

මේ ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න හැල්මෝනි කවුද කියලා ඇහුව්වොත් එකපාරම කෑගහලා ඒ මං කියලා කියන්න පුලුවන් තරමටම අජුම්මා හිටියේ කියලා නිම කරන්න බැරි තරමේ  සතුටකින්....

පුංචි එවුන් එක්ක මුලු දවසම වගේ ගත කරන අජුම්මාට දැන් තමන්ගේ රාජකාරි පවා අමතක වෙලා ගිහින් තිබුනේ ගෙදර අනිත් මිනිස්සුට කිහිප දවසක්ම එලියෙන් කෑම කන්න සලස්වලා.....

ටේකුක් සහ ටේකුකී කියන්නේ කිම් පවුල එලිය කරමින් එකවරම පෑවූ චන්ද්‍රයායි සූර්‍යයයි....

පුංචි ප්‍රින්සස් නොහොත් නොටි කෙල්ල ජන්කුක් වගේම පුංචි දඟ මල්ලක් උනා....කොයි වේලාවෙත් දඟල දඟල ඉදලා ටේහියුන්ග්ටම මොනා හරි අකරතැබ්බයක් කරන්න මඟ බලන් ඉන්න ටේකුකී මොනා උනාත් තමන්ගේ පපාට වඩා අප්පාට සුට්ටම සුට්ටක් වැඩිපුර ආදරේ කරා....

එතකොට අහිංසක ටේකුක්....කොයි වේලාවෙත් අඬාගෙන තමන්ගේ පපාගේ තුරුලේ  නිතරම හුරතල් වෙමින් හිටිය පුංචි කොලු පැටියා ඇරපු අතක් නැහැ ටේහියුන්ග් වගේම කියලායි අජුම්මා නම් කියලා තිබුනේ....කිසිම කෙනෙක්ගේ අතට ලේසියෙන් යන්න අකමැති ටේකුක් හරිම ඉක්මනින් නැලවෙන්නේ ජන්කුක්ගේ අත් උඩ විතරයි...ජන්කුක් කියන්නේ පුංචි කොලු පැටියාගේ ෆෙවරිට්ම පර්සන්...එත් ටේහියුන්ග් තමන්ගේ නූනාව ඇස් ඉදිරිපිටම හුරතල් කරනවා කියලා දකින වාරයක් වාරයක් ගානේ හරි ඉක්මනට  ජෙලස් වෙන ටේකුක් යටගිරියෙන් කෑගහලා අඬන්න පටන් ගන්නේ ලැට් එකේ හිටියාත් දුවගෙන එන ජන්කුක් හරි තමන්ගේ පැත්තට ඉන්නවා කියලා එයාගේ අප්පාටයි නූනාටයි හඟවන්නයි.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now