අද තේහ්යුන් කැෆේ එකට යන්නෙ නැතුව ගෙදර නැවතුනා..තේහ්යුන් ඉන්නෙ තනියම. ඊයෙ උන සිද්දිය නිසාත් එවා අමතක කරන්න කියලා තේහ්යුන් ලැහැස්ති උනේ පන්සලට යන්න..
තේහ්යුන් සුදුපාට ශර්ට් එකට කළු දිග කලිසමක් ඇදලා ඔළුව පීරලා සෙරප්පු දෙකත් දාගෙන ලැහැස්ති වෙලා ගෙදරින් එළියට බැස්සා..
Tea - අද මහ අමුත්තක් දැනෙන්නෙ ඇයි..වෙනදා වගේ නෑනෙ..පන්සලට ගිහින් ලොකු හාමුදුරුවෝ හම්බවෙලා පිරිත් නූලක්වත් බැඳගත්තනම් හරියයි..
තේහ්යුන් දිගටම පාරෙ ඇවිදගෙන පන්සලට ගියා..
තේහ්යුන් පන්සලට ඇතුල්වෙන තැන එයාගෙ සෙරප්පු දෙක ගලවලා අයිනකින් තියලා පන්සල ලගට ගිහින් නෙළුම් මල් සල්ලි දීලා අරගත්තා..