One: start

175 38 19
                                    

නර්සරි ඒරියා එකේ දෙමාපියෝ ගොඩක් පිරිලා හිටියා වගේම ඒ අය තම තමන්ගේ උජාරුව අනිත් අයට කියන ගමන් මහා හයියෙන් හිනාවෙමිනුත් හිටියා. ඒ මැදි වයස පසු කරපු අය. තරුණ දෙමාපියෝ එකිනෙකාට සුහද හිනාවක් විතරක් හුවමාරු කරගත්තේ ලොකු කමකට නෙවෙයි! මෙතන මේ හැමෝම ඉන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් කියන එක විතරක්ම මතකයේ තියාගෙන..

නර්සරි එකේ බෙන්ච් තිබ්බ හරියේ හිතපු තවත් කපල් පාඩුවේ හිටියා. ඒ වගේම එතන තවත් අය එයාලට අවශ්‍ය ලෝක වල අවශ්‍ය විදිහට හිටියා. මේ එක්තරා කාලයක ලස්සන දවසක්!!

"සෝල්..."

"ම්ම්ම්ම්"

"සෝල්!!!" තමන්ගේ වයිෆ් වුන අවුරුදු 29ක කිම් ජින්සෝල්ගෙන් ලැබුන ප්‍රතිචාරෙට එච්චර නොපැහැදුනු සෝල්ගේ වයිෆ් කිම් යේනා සෝල්ට අන්තිමට ටිකක් හයියෙන් කෑගැහුවම සෝල් ෆෝන් එකෙන් ඔලුව උස්සලා එයාට රවන ලස්සන වයිෆ් දිහා බලලා පුරුදු ශේප් හිනාව දැම්මා.

"ඇයි ප්‍රින්සස්?" සෝල් බටර් එක දාගෙනම ඇහුවම යේනා ඉස්සරහා බලාගත්තා..

"වෙලාව කීයද දැන්?" යේනා ඔහේ ඇහුවම සෝල් එයාගේ ෆුල් ආර්ම් ටැටු එකක් ගහලා තිබ්බ අතත් ෆෝන් එක අල්ලගෙන් හිටපු වම් අතත් බැලුවා.

"මගේ අතේ ඔරලෝසුවක් නෑ ප්‍රින්සස්!" සෝල් ආයේ ෆෝන් එකට මූන දාගත්තා. යේනා අඩියක් ඉස්සරහට තියලා සෝල්ගේ අතේ තිබ්බ ෆෝන් එක ඇදලා ගත්තම සෝල් ගැස්සිලා ගිහින් යේනා දිහා බැලුවා. " මේවා වලත් වෙලාව තියෙනවා කියල අමතක උනාද මෝට්ට සෝල්?"

"ආහ්හ්හ්..." සෝල් අත් දෙක පිටිපස්සට කරලා ඔලුව පස්සෙන් බැදගෙන බෙන්ච් එකට හේත්තු උනා.. " ඒක මට අමතක උනා... නිකන් නෙවෙයි නේ ප්‍රින්සස් මට මොට්ට සෝල් කියන්නේ..." සෝල් අමුතු විදිහට හිනාවුනාම යේනා කම්මුල් රතු කරගෙන ෆෝන් එක එහෙම්ම බෑග් එකට දාගත්තා..

"හරියට වාඩිවෙනවා සෝල්!!!" යේනා සෝල්ගේ කකුලට අතින් ඇනලා කිව්වම සෝල් බෙන්ච් එකෙන් නැගිටලා එයගේ ශර්ට් එක හදාගෙන කලිසම පිටිපස්ස පිහිදගත්තා. උදේ 11ට නර්සරි එකට එන එක සෝල් කවදාවත් තනියම කරේ නෑ. හරිම කම්මැලි වැඩක් ඒක..

JUST ONE DAY | GL ft BTS | Where stories live. Discover now