Three: behavior

86 23 11
                                    

හරියටම පාන්දර 4.30ට විතර යේනා නැගිට්ටා. ඇදේ අනිත් කෙලවරේ හොදට බදාගෙන නිදාගෙන ඉන්න ට්වින්කල්ලුයි සෝල් දිහා බලපු යේනා හිනාවෙලා ඇදෙන් කෙලින් වෙලා වාඩිවුනා. බෙඩ් කබඩ් එකේ තිබ්බ ලෑම්ප් එක ඔන් කරලා කොන්ඩේ පෝනි ටේල් එකක් දාගත්තා.

පාන්දරම සෝල්ට යන්න වෙන නිසාම යේනා නැගිට්ටා. යේනා ඇදෙන් බැහැලා එයාගේ පැත්තේ ඩුවට් එක හදලා සෝල් ඉන්න පැත්තට ගිහින් ඒ පැත්තේ ලැම්ප් එකත් ඔන් කරා.

"සෝල්... සෝල්... නැගිටින්න.." යේනා සෝල්ගේ ලගට ගිහින් කතා කරාම සෝල් එක අතක් නවලා එයාගේ ඔලුවෙන් තියාගෙන එක ඇහැක් ඇරියා. සෝල් එහෙම්ම අනිත් පැත්තට හැරිලා එයාගේ ඇගට අතයි කකුලයි දාගෙන සෝල්ට ගුලිවෙලා නිදාගෙන ඉන්න ට්වින්කල් දිහා බැලුවා. කොච්චර කොට්ට තිබුනත් ට්වින්කල් ආස කරේ සෝල්ගේ අතට ඔලුව තියාගෙන ඉන්න..

"වෙලාව කීයද?" සෝල් ඇස් දෙක එක අතකින් පිහිදගෙන ස්ලීපින් වොයිස් එකෙන් ඇහුවා. යේනා ට්වින්කල්ට යට වෙලා තිබ්බ එයාගෙම අත හරියට හැදුවම ට්වින්කල් නින්දෙන්ම නහයෙන් අඩන ගමන් තවත් සෝල්ට තුරුළ් උනා.

"4.30යි... නැගිටින්න පරක්කු වෙයි.." යේනා ඕවර් කෝට් එක දාගෙන එතනින් ගියාම සෝල් පරිස්සමින් ට්වින්කල්ගෙ ඔලුව උස්සලා කොට්ටෙට තියලා කොට්ටයක් සෝල් හිටපු තැනින් තිබ්බා. ආයෙමත් ට්වින්කල් කෙදිරි ගාලා අනිත් පැත්ත හැරුනම සෝල් ඇදෙන් බැහැලා ඈනුමක් ඇරියා.

සෝල් නැවිලා ට්වින්කල්ගේ නලළ පෙක් කරලා ඩුවට් එක් පොරවලා කාමරෙන් එලියට ගියේ ඩෝර් එක ලාවට වහගෙන. ඒත්, මෙච්චර වෙලා හිටපු ඔම්මයි මමායි දෙන්නම ඇදේ නෑ කියලා තේරුන ට්වින්කල්ට ඇහැරුනා. ඇස් වලට කදුලු පිරිගෙන එනකොට ට්වින්කල් ඇදෙන් කෙලින් වෙලා කාමරේ වටේම ඇස් යැව්වා.

ඒත් ලෑම්ප් දෙකෙන් ආපු ලා එළිය ඇරුනකොට මුලු කාමරේම අදුරේ තිබ්බේ. ට්වින්කල් බයවුනා~ ඔම්මා එයාව දාලා ගිහින් කියලා. උණු කදුලු කැට දෙකක් රෝස කම්මුල් දෙකෙන් ගලාගෙන ඩුවට් එක උඩට වැටුනම ට්වින්කල් අත් දෙකෙන්ම කදුලු පිහිදගෙන ඇදෙන් බැස්සා.

"ඔම්මා..."

"ඔම්ම්- මා..." ට්වින්කල් ඇදෙන් බහින්න කකුල ඩුවට් එකේ පැටලිලා බිමට වැටුනා. සද්දෙටම ඔලුව ඇදේ පත්තක වැදුනම ට්වින්කල් වැදුන තැන අල්ලගෙන යටිගිරියෙන්ම කෑගහගන්න ගත්තා.

JUST ONE DAY | GL ft BTS | Where stories live. Discover now