Two: us

76 24 8
                                    

ට්වින්කල් දවල් උන සිද්දිය සම්පූර්ණයෙන් හවස් වෙනකොට අමතක කරලා හිටියේ. ඒකනේ ළමයි කියන්නේ. කාර්ටූන් එකක් දාගෙන ඒක දිහා බලන ගමන් චිත්‍රයක් ඇද ඇද ඉන්න දිහා සෝල් වගේම යේන්ත් බලාගෙන හිටියේ.

සෝල් කිචන් එකේ ඉදගෙන වැඩේ වන නොකර ඩිනර් එක හදන්න උදව් කරන ගමන් කැරට් කෑල්ලක් කකා පැන්ට්‍රිය උඩ වාඩිවෙලා හිටියා. පැත්තට වෙලා ඉන්න එකත් ලොකු උදව්වක්!

"චිකන් ගොඩක් ෆ්‍රයි කරන්න එපා.. එතකොට කන්න බෑ..." සෝල් කිව්වම යේනා තෙල් හැන්දත් අතට අරගෙන සෝල්ගේ පැත්ත හැරුනා..

"එහෙනම් උයාගෙන කන එකයි ඇත්තේ නෝනා!!!" යේනා ආයෙමත් අනිත් පැත්ත හැරුනම සෝල් පහළට නැවිලා යේනාගෙ ඉනවටේ අත යවලා එයාගේ ලගට ඇදගලා අරගෙන කකුල් වලින් යේනව ඇගට හිරකරගත්තා..

"උයන්න ඔනේම නෑ ඉතින්~" සෝල් යේනගේ කනට කරලා හෙමින් කියලා ඇදුමට උඩින් ඉන මිරිකලා ඈත් කරාම යේනා පැතලි හැන්දෙන් සෝල්ගේ ශොර්ට් එකට නිරාවරණය උන කලවා වලට හයියෙන් ගැහුවා.

"ඔහ් ශිට් ගෝඩ්!!!!!" සෝල්ට දැනුනේ හැන්ද වැදුන තැන ගිනිගන්නවා වගේ. රස්නේ නැති වුනත් තෙල් එක්ක හයියෙන් පැතලියට වැදුනම සෝල්ට ගේ ඇතුලේ තරු පෙනුනා.

"හහ්... නිකන්ද කියන්නේ හැන්ද හොද වෙපන් එකක් කියලා.." යේනා පෑන් එකේ තිබ්බ චිකන් ටික අයින් කරලා සොසේජ් දෙකක් දැම්මාම සෝල් පැන්ට්‍රි එකෙන් බැහැලා ෆෝන් එක අතට ගත්තා.

"හොද වෙලාවට ජින්ගේ වගේ 365ස් දවසෙම ඔයාගේ අතේ පෑන් එකක් නොතිබ්බේ..." සෝල් කියාගෙනම කිචන් එකෙන් එලියට ගිහින් එයා වැඩ කරන කම්පැනි එකෙන් ඇවිල්ලා තිබ්බ කෝල් එකට කෝල් බැක් කරා.

'මෑම්!'

'ඔව් මිස් කන්ග්, කියන්න..'

'මෑම් රියලි සොරි, අලුත් ප්‍රොජෙක්ට් එකේ ආකිටෙක්චරර් ඔයාව මීට් වෙන්න ඔනේ කිව්වා. උදේ 11ට සයිට් එකට යන්න පුලුවන් ද?'

'ඇයි ආයෙමත් බෝගම් කාරයා ප්ලෑන් එක වරද්දලද?'

'නෑ නෑ මෑම්, මේක මන් හිතන්නේ ප්‍රොජෙක්ට් එක දුන්න කම්පැනි එකෙන් වෙනස් කරන්න කියපු එකක්. බොස් තමයි කිව්වේ මෑම්ට කියල ඉන්ජිනියර් කෙනෙක්ව දාන්න කියලා. ඒත් ඔයාවම පස්සේ යවන්න කියලා බොස් කිව්වා.'

JUST ONE DAY | GL ft BTS | Where stories live. Discover now