05. ට්‍රේඩ් එක

215 51 23
                                    

"ජන්ග්කුක්, කොහොමද වැකේෂන් එක? එන්ජෝයි කලාද?"

"ඔව් සර්, හැම දේම හොඳින් සිද්ද වුනා." සීයගේ ප්‍රශ්නයට ජන්ග්කුක් පිළිතුරු දුන්නෙ තමන්ට එහා පැත්තෙන් හිටි සේරි මෙතනින් යවාගන්නෙ කොයි වෙලාවෙද හිතමින්. සේරිට ජන්ග්කුක් හිතන දේ ගොඩක් හොඳට තේරෙනවා. ඒත් සේරි ලේසියෙන් ජන්ග්කුක්ට හිස නමන්න සූදානම් නැහැ.

දෙන්නම වයසක මිස්ටර් ජොන් එක්ක දවල් කෑමට එකතු වෙලා හිටියේ සාම්ප්‍රදායික ජපන් අවන්හලක.

"ජොන් ජන්ග්කුක්-ස්සි, ඊළග වතාවෙ මාවත් බුසාන් එක් කරගෙන යන්න. ඔයා ඉක්මනටම මැරි කරන්නනෙ ඉන්නෙ, එතකොට අපිට ආය එන්ජෝයි කරන්න වෙන එකක් නැහැ."

ජන්ග්කුක්ටයි වයසක මිස්ටර් ජොන්ටයි තේ වත්කරමින් කිම් සේරි සීයගෙයි ජන්ග්කුක්ගෙයි කතාව මැදට ආවා. ජන්ග්කුක් තේකෝප්පෙ අත මිරිකගත්තෙ ඒ වචන නිසා දැනුන තරහින්. සේරි ජන්ග්කුක්ගෙ ඉවසීම පරීක්ෂා කරනවා.

වයසක මිස්ටර් ජොන් සේරි තමන්ට පිරිනැමූ තේ කෝප්පය අතට අරගෙන එයා එක්ක හිනහා වුනා. ඒ ජන්ග්කුක් දිහා හොරැහින් බලමින්.

සීයගෙ හිනහව සේරි එක්ක තියන සුහදශීලී බව නිසා නෙමෙයි කියන්න ජන්ග්කුක් දන්නවා. සීයා හිනා වෙන්නෙ එයාට. ජන්ග්කුක්ට.

සාමාන්‍යයෙන් ඕනම අවස්ථාවකදි බොහොම සාමකාමීව සංසුන්ව ඉන්න ජන්ග්කුක්ගෙ හිස ගිනි තියන්න සේරිට පුළුවන් කියලා වයසක මිස්ටර් ජොන් මේ මෑතකදි ඉඳන් තේරුම් අරන්. ඒකට හේතුව හොයා බලන්න වයසක මිස්ටර් ජොන් හිතින් සටහනක් යොදාගත්තා.

මුළු දිවා ආහාරයම ගත වුනේ මේ විදියට තුන් දෙනාගෙම මවාගත් සිනහවන් මත. ජන්ග්කුක්ගෙ වෙලාවට සේරි එදා ජන්ග්කුක් එක්ක පිටත් වෙන්න නොයිඳ කලින්ම සමුදුන්නා. එයා යන්න ගියාට පස්සේ තමයි ජන්ග්කුක්ගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ.

"ළමයෙක් වදන්න ඉන්න ගෑනියෙක් අරන් හතර අතේ රවුම් ගහන්නෙ මොකද ජන්ග්කුක්?" සේරි පිටත් වෙලා ගියාට පස්සෙ සීයා ජන්ග්කුක්ගෙන් ඇහුවා. එයා තවමත් ජන්ග්කුක්ට කතා කරන්නෙ සමච්චලේට.

FAKE IT till you BREAK IT | jjkWhere stories live. Discover now