ඇඳුම ඇඳගෙන සෙලීන් නාන කාමරයෙන් එලියට ආවෙ දෙගිඩියාවෙන්. එයාට ජන්ග්කුක්ව සතුටු කරවන විදියට මේ වෙලාවෙ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒත් එයා මේ ඇඳුම ඇඳගෙන ජන්ග්කුක් එක්ක ඉන්නවා තේහ්යන්ග් දැක්කොත්...
තේහ්යන්ග් සෙලීන්ට ඒ ඇඳුම විසි කරලා දාන්න කියලා කියලා දැන් ගොඩක් කල්. ඒත් විසි කරලා දාන්න තරම් ඇඳුම ලස්සන වැඩියි. ඒ නිසා සෙලීන් ඒක තේහ්යන්ග්ට හොරෙන් තියාගෙන හිටියා.
ඉතින් මේක ඇඳගෙන අද එයාට පේන්න එලියට යනවා කියන්නෙ... පාටි එක ඉවර වුනාම මොනවා වෙයිද?
සෙලීන් එලියට එනකොට ජන්ග්කුක් සෝෆා එකේ සුවපහසුවට ඉඳගෙන එයා දිහා බලාගෙන හිටියේ තෘප්තිමත් දෑසකින්.
කමක් නැහැ... තාත්තා වෙනුවෙන්නෙ... ටේ තේරුම් ගනීවි.
ජන්ග්කුක්ගෙ ටයි එකයි වේස්ට්කෝට් එකයි ජැකට් එකයි තවමත් සෙලීන්ගෙ ඇඳ උඩ.
"මිස්ටර් ජොන්, සූට් එක ඇඳගන්න මම උදව් කරන්නම්." සෙලීන් ජන්ග්කුක්ට එහෙම කියලා එයාගෙ ඇඳ ළගට ගියේ ජන්ග්කුක්ටත් එයා පස්සෙන් එන්න කියලා නොකියා කියමින්.
ඉතින් ජන්ග්කුක් සෝෆා එකෙන් නැගිටලා සෙලීන් පස්සෙන් ඇඳ ළගටම ගියා.
කීව විදියටම ඇඳුමට සෙලීන්ගෙ පිට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා. ඇඳෙන් ජන්ග්කුක්ගෙ ඇඳුම් ගන්න නැවෙන ගානෙම ඇඳුම තව තවත් විවර වෙලා සෙලීන්ගෙ ලස්සන හම ජන්ග්කුක්ට නිරාවරණය වෙනවා.
තමන්ගෙ ඇඟ දිහා ජන්ග්කුක් ගොඩක් හොඳින් බලාගෙන ඉන්න බව සෙලීන්ට දැනෙනවා. ඒත් පුදුමෙකට වගේ එයාට ඒ ගැන කිසිම සෘණාත්මක හැගීමක් දැනුනේ නැහැ.
ඇඳුම් දෙක ඇඳගන්න උදව් කරලා සෙලීන් ජන්ග්කුක්ගෙ කොන්ග්‍රස් බැජ් එකයි කොලර් බ්රූච් එකයිත් ගහගන්න උදව් කරා.
ජන්ග්කුක් ඒ සම්පූර්ණ කාල සීමාව පුරාම සෙලීන්ගෙ මූනෙන් අහකට ඇස් ගත්තෙ නැහැ.
"හැම දේම හරි මිස්ටර් ජොන්, අපි යමුද?" කොලර් බ්රූච් එක දාලා ඉවර වෙලා සෙලීන් ඇහුවෙ තවත් ජන්ග්කුක්ගෙ බැල්ම දරාගන්න බැරිව. හැබැයි සෙලීන්ට ජන්ග්කුක්ගෙන් ලැබුනෙ වෙනම විදියක පිළිතුරක්.
ESTÁS LEYENDO
FAKE IT till you BREAK IT | jjk
Fanficවිවාහ කොන්ත්රාත්තුවට අනුව විවාහ වෙලා අවුරුදු පහකින් සෙලීන්ගෙයි ජන්ග්කුක්ගෙයි විවාහය අවලංගු වෙලා යනවා. ඉතින් සෙලීන් හිතාගෙන හිටියෙ අවුරුදු පහකින් ජන්ග්කුක්ගෙන් වෙන් වෙලා තමන්ගෙ පරන ආදරය හොයාගෙන යන්න. මොකද සෙලීන්ගෙයි ජන්ග්කුක්ගෙයි විවාහය සිද්ධ වුනේ ත...