Chapter 04

114 27 3
                                    

Kimtaehyung pov

මගේ අසලියා මල. මම ආසයි ඔයාට එහෙම කියන්න. වාරෙකට පිපිලා අයෙම පරවෙලා යනවා. ආයෙත් වාරේ ආවාම ලස්සනට පිපෙනවා. ඉතිං ආයෙම ඒ වාරෙට මට ඔයාව දකින්න පුලුවන් වෙයිද මම ආවොත් ඔයා බලන්න. එදා හිටපු තැනම ඔයා ඉන්නවද? මට එදා ඔයාව මගේ කරගන්න ඕනි වුනෙ නැ. මට ඕනි වුනේ ඈත ඉදන් ඔයාව විදින්න. ඒත් මම දැන් පසු තැවෙනවා. එදා මම ඔයා ලගට ගියානම් ඔයාට කතා කරානම් අද මේ විදියට විදවන්නැති වෙන්න තිබුණා. ඒත් මට කවදාවත් ඔයාගේ වෙන්න බෑ. ඒකයි නීතිය. ඉතිං ඒ නීතිය මට දැනුන මගේ ආදරේ මගෙන් ඈත් කරා.

Jungkook pov

හන් රිවර් එක පේන තැනක පොඩි ශොප් එකක එලියේ වාඩි වෙලා මම සෝජු එකත් බොන ගමන් හන් රිවර් එක දිහා බලන් හිටියා. හැමදාම ලස්සනට ලයිට්ස් දාලා තියෙන පාලම ලඟ රෑට සෙනඟ පිරිලා ඉන්නවා. එක එක්කෙනා එක එක හේතු නිසා පාලම ලඟට එනවා. බෙන්ච් වල වාඩි වෙලා පාලමට හේත්තු වෙලා ඔහේ ගග දිහා මිනිස්සු බලන් ඉන්නවා. හන් ගග පාලම කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩක් දන්න තැනක්. වගේම මිනිස්සුන්ගේ හිත් වලට සහනයක් ගෙනාපු තැනක්. වගේම සමහර ප්‍රශ්න වලට මිනිස්සු ජිවිතෙන් වන්දි ගෙවපු තැනක්. මහන්සි වෙලා ඉන්න වෙලාවක වුනත් පාලම ලඟට ඇවිත් ඒ සීතල හුලගත් එක්ක ඈත ගග දිහා බලන් ඉද්දි මිනිස්සු කොච්චර හිටියත් හිතට ලොකු නිදහසක් දැනෙනවා. සමහරු කියනවා හන්ග් ගග කියන්නේ තැනක් නෙමේ හැගීමක් කියලා.

ඒ මොනවා වුනත් මම ඉස්සර ඉදන් දැක්කේ හන්ග් ගග පාලම සෙනග පිරුණු තවත් එක තැනක් විදියට මගේ ⁣ඒලියන්ව දකිනකන්ම. එදා තරම් ලස්සනට ඒ සෙනග පිරුණ හං ගග පාලම මම කවදාවත් දැක්⁣කේ නෑ. ඇත්තටම එදා ඉදන් මටත් හන්ග් ගග පාලම කියන්නේ හැගීම් ගොඩක්. මම දිහා විතරක් බලන් හිටපු ඒ ඇස් දෙක ජිවිතේ පලවෙනී වතාවට මාව හැගීම් ගොඩකින් පිරෙව්වා. ඒ බලන බැල්මට මගේ හාර්ට් බීට් එක හිතාගන්න බැරි තරම් වේගෙකින් ගැහුණා. හරියට එයා මගේ හදවතට ගොඩක් ලඟ කෙනෙක් වගේ දෙයක් මට ඒ එයාව දැකපු පලවෙනි දවසේ දැනුනා. මට වැඩි වෙලාවක් එතන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නැති නිසාම මම ආයෙම අාවා. ඒත් මගේ හිතෙන් එයාව අයින් කරන්න මට බැරි වුනා. හරියට අපි මීට කලින් හම්බවෙලා තියෙනවා වගේ දෙයක් මට දැනුනා. මම ගෙදර ඇවිල්ලත් කල්පනා කරේ ඒ කවුද කියලා.

4:20 "Because of You" ☑Where stories live. Discover now