Extra Chapter 02

53 13 1
                                    

"ඉස්සර කන්ද දිහා බලන් හැමදාම හිතුවේ කන්දෙන් එහා පැත්තේ මොනාද තියෙන්නේ කියලා. දවසක් මම තාත්තිගෙන් ඇහුවා...

"තාත්තී කන්දෙන් එහා පැත්තේ මොනාද තියෙන්නේ?"

" කන්දෙන් එහාපැත්තේ තියෙන්නේ දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් සඳ..."

ඇයි ජාති,ආගම්, කුල බේද? ඔක්කොම මිනිස්සුනම්? මම මගෙන්ම ඇහුවා.

ඒ තමයි මේ සමාජේ හැදිලා තියෙන විදිය. මම ටික ටික ලොකු වෙද්දි මට තේරුණේ එහෙම..

හැමදාම ඉර පායනකන්, හඳ පායනකන්,තරු බලන්න ගියාම බලන් හිටපු කන්දෙන් එහා පැත්තේ ඔයා ඉන්නවා කියල දැන් දැනෙද්දි කන්ද වෙනදට වඩා ආදරණියයි. හැබැයි කියන්න තේරෙන්නැති මොකක්ද දුකක් තියෙනවා...

ඉතිං නැවුගල ඔයත් හරි පුදුමයි. හිත් දෙකක් දෙපැත්තේ තියන් මැදට වෙලා ඉන්න අපූරුව..."

👽🥀

බනීගෙන් චෙරීට....... 🐰🍒

"හිත් දෙක දෙතැනක වුනත්
අඩි ගානක උස කන්දකින් දෙ⁣කොනක වුනත්
හැමදාම හැම රෑකම
දෙතැනක ඉදන් දෙන්නම දැක්කේ
එකම සඳක් වගේම එකම තරු පොකුරක්
ලෝකේ කොච්චර බාධක ඉස්සරහට ගෙනාවත්
ලැබීමක්,ගැලපීමක් සම්බන්ධයක් තියෙනවනම්
මොන විදියකින් හරි ඒ හිත් ⁣එකතු වෙනවා
පොඩිම පොඩි බලා⁣පොරොත්තුවක්
දරාගන්න හිතට හයියක්
හදවතක් පිරුණු ආදරයක් එක්ක
අනාගතේ ගොඩක් දේවල් වෙනස් වේවි...
ඔය පේන කන්ද මැදින් එහා කෙලවරට යන්න
පුංචිම පුංචි අඩි පාරක් හැදිලා තියෙනවා...
පාර දුෂ්කරයි ගොඩක් දුෂ්කරයි
හැබැයි....
හිතේ හයියයි බලාපොරොත්තුවයි පෙරමන් කරන්
ඒ පුංචිම පුංචි අඩි පාර පාදන් ගමන යන්නෝන
එතකොට පවුරු බාධක බිදෙයි ඉබේටම... 💜

 💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
4:20 "Because of You" ☑Where stories live. Discover now