First page

279 16 4
                                    

" දැන් මොකද කරන්නේ ඔයා... යනවද එහෙට "

" මට හිතා ගන්නත් බෑ soleil.. මේ වෙන හැම දෙයක්ම පුදුම වේගෙන් නේ වෙන්නේ.. "

දවස් දෙක තුනකට කලින් ආව call එකක් හින්දා පැයකට කලින් lawyer xing මාව හම්බෙන්නේ ආවා... මුලින්ම donation එක.. දැන් මේක... මාවම පැටලිලා...
අහ් මම ඔයාලවත් පැටලෙව්වද... කමක් නෑ .. ටිකෙන් තේරෙයි...

" මට යන්නත් හිතෙනවා... මේක නම් එයාගේ last request එක මට ඒක කරන්න ඕනෙ ... after all එයා මට කරේ payback කරන්න බැරි උදව්වක්... "

" come on bae... ඔය තරම් nervous වෙන්න එපා.. ඔයා දන්නවා ඔයාට ඕන දේකට මම ඉන්නවා කියලා... "

" ම්න්.. බලමුකෝ... "

" love you my selene "

යන්න යද්දිත් මාව cuddle කරන් හිටිය එයා කියද්දී මම ඔලුව වැනුවේ මම දන්නවා කියන්න... ඔව් මම ඒක දන්නවා තමා... මට අන්තිම මොහොතට දින ගනින්න පුලුවන් උන වෙලාවෙත් ඊට පස්සෙත් එයා මං ගාවම හිටියා... මාව අතාරින්න මගෙන් වැඩක් නෑ කිව්ව හැම තැනකම එයා හිටියා... අනිත් එය කියන දේ නාහා එයාගේ හදවත කියන දේ විතරක්ම අහලා.. මම යන්න කියද්දිත් එයාගේ උත්තරේ උනේ අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි කියලා... ගොඩ දෙනක් ගොඩක් තැන්වල කියන වචනයක්.. ඒත් මගේ soleil මට ඔප්පු කරලා පෙන්නපු දෙයක්...

මගේ soleil... ඔව් එයා මගේ soleil තමා.. මගේ ඉර... french වලින් soleil කියන්නේ ඉරට... හේතුව නම් අහන්නේ මට කියන්න තියෙන්නේ එහෙම හේතුවක් නෑ ... කියන කරන හැමදේටම මිනිස්සු හේතු හෙව්වා නම් හේතු හැදුවා නම් හේතුවක් ඇතුව නම් මේ සේරම කරේ මේ ලෝකෙ ගොඩක් කතාවල අවසානේ වෙනස් වෙයි... ඔව් ගොඩක් කතාවල... මේ කතාවත් ඇතුලුව...

" අපි හෙට යන්ද "

රෑ වෙලා මම එයාට msg එකක් තිබ්බේ එයාගේ උත්තරේ අනිවාර්යයෙන් ඔව් කියන්න මම දන්න හින්දා... මගේ soleil මට ආදරෙයි අනිත් හැමදේටම වඩා... ඒ ආදරේම මම දෙයක් ඉල්ලුවොත් දෙපාරක් නොහිතම ඒක දෙන තැනට එයාව පත් කරා... නෑ එයා කියන විදිහට මම ඒ තැනට එයාව ගෙනාවලූ... මගේ ආදරේ හරිම සරලයි.. සරල වැඩි හින්දම මගේ ආදරේ ලබා ගන්න අමාරුයි කියලා තමා එයා නම් කියන්නේ...

" නිවුණු මනුස්සයෙක් වගේ... "

එතන්ට ආව ගමන් එයාගේ කටින් එලියට පැන්නේ ඒක..

"ඇයි"

" මනුස්සයෙක්ව මනින්න පුලුවන් ලේසිම තැනක් ලූ එයාගේ bedroom එක කියන්නේ.. මොකද ඒක තමා එයාලගේ personal space එක... lawyer කියපු හැටියට මෙයා තනියම හිටපු කෙනෙක්.. ඉතින් මේ ගෙදරම එයාගේ ප්‍රතිරූපයක් කිව්වට වැරදි නෑ නේ ... "

" කවුද කිව්වේ... ඔයාලගේ professor bunny ද "

" ම්න්.. එන්න ඇතුලට යන්... අද මට practical එකක් seli... මට ඔයාව දාලා යන්න වෙනවා... "

කිව්වත් වගේ එයා ගියා... මෙතන ආරක්ෂිතයි කියලා තේරුන හින්දා මාව තියලා ගියේ ආයේ ගන්න එයාම එන්නම් කියලා...

මෙතන ගැන කිව්වොත් simple but elegant ... wooden finish එකක් තිබ්බ ගෙයක්...

ඇතුලට ගිය මට මුලින්ම දකින්න ලැබුනේ ලියුමක්.... චූටි ලී මේසයක් උඩ වේලුනු සූරියකාන්ත මලක් එක්ක තිබ්බ ලියුමක්... පිට නම මට දාලා ලිව්ව එකක්...

" ඔයා මේක දකිනවා කියන එකේ තේරුම ඔයා මගේ last request එක පිළි අරන් මගේ properties සේරම පිළි ගත්ත කියන එක. මම දන්නවා දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ... ඒකට උත්තරේ ඔයාට හම්බෙයි. ඒත් ඒ වෙනුවෙන් ඔයාට මාව දැන ගන්න වෙනවා... ඉතින් ඔයාට පුලුවන් නම් නමක්වත් ගමක්වත් අඩුම රූපයක් දන්නෙ නැති මනුස්සයෙක් ගැන කොහෙන් ආවද කොහෙට ගියාද කියලා දන්නේ නැති මනුස්සයෙක් ගැන දැන ගන්න ඔයාට ප්‍රශ්න සේරටම උත්තර ලැබෙයි... මම ඔයාගේ donator. "

එච්චරයි ... එයා තීරණය මගේ අතට දීලා නිහඬ වෙලා... යටින් එයාගේ diary එක තියෙන තැන ගැන පොඩි note එකක්...

දන්නේ නෑ මොනා කරන්නද කියලා.. මට මුකුත්ම හිතා ගන්නත් බෑ ... කිව්වත් වගේ මම එයාව කොටින්ම දන්නේ නෑ ... අනික මේ සේරම වෙන වේගේ හිතාගන්න බැරි තරම්ම වැඩී...

මගේ පලවෙනි yizhan ff එක... කාලෙකට කලින් මංම ලිව්ව short story එකක් ලාවට වෙනස් කරලා ff එකක් කරා... hope you'll enjoy...

අවුල් වගේ නම් කියන් යන්න.. අපි හදා ගමු හා ද...

donator Where stories live. Discover now