Note එකේ තිබ්බ විදිහට මම එයාගේ bedroom එකට ආවා.. මුලු ගෙදරම සතියක විතර ඉඳන් කවුරුවත් ඉඳලා නෑ කියන්න සාක්ශි ඕනෑවටත් වඩා තිබ්බා.. ගෙදරටම තිබ්බ එකම අමුතු දේ උනේ කිසිම ෆොටෝ එකක් නොතිබ්බ එක... නෑ ෆොටෝ තිබ්බා. තිබ්බ සේරම එක එක paintings .. ඒත් මේ ගෙදර අයිතිකාරයගේ එකක්වත් නෑ ... ඒක නිකම් එයා හරියට එයාවම හංගගත්තා වගේ.... මුලු ලෝකෙන්ම සමහර විට එයාගෙනුත් එයා එයාවම හංග ගන්න ඇති....
Bed එක උඩ leather cover එකකින් හැඩවුනු පොත diary එක තමා කියන්න මට අමුතුවෙන් පේන බලන්න ඕනෙ උනේ නෑ .... වෙන කෙනෙක්ගේ diary එකක් කියවන එක වැරැද්දක් හින්දම මුලින්ම මට අමුත්තක් දැණුනත් මේක එයාගෙම request එකක් හින්දා මම දෙපාරක් නොහිතා ඒක කියවන්න ගත්ත ...
මෙතන ඉඳන් ඔයාලා දැන් කියවන්නේ එයාගේ diary එක....
..........................................................................
දන්නවද ඈන් ෆ්‍රෑන්ක්ටත් තිබ්බා diary එකක්... මුලු ලෝකෙම ප්‍රසිද්ධ උන... මට ඔයා එහෙම වෙනවා බලන්න ඕනෙ නෑ ... කොටින්ම මට එහෙම දෙයක් ඕනෙ නෑ ... ඒත් ඔයාට පුලුවන් ද මම වෙන්න... ගොඩක් වෙලාවට unwritten උන මගේ කතාව ඔයාගේ ඇතුලේ හංග ගන්න...
මට හිතා ගන්න බෑ ... මම ඔයාට මොනා කියලද කතා කරන්නේ... අඩුම තරමේ මම කවුද... අහ් මම කවුද නේ... මේක ලියද්දී මට මතක් උනේ බොහීමියානුවා ව... මතකද ඒකෙ මුල්ම කොටසේ සජිත අනුත්තරගේ දෙබස...
" මම කවුද !!? මම කවුද .... මාර දාර්ශනික ප්‍රශ්නයක් නේ සර් අහන්නේ... "
ඇත්තටම අපි කවුද කියන එකට හරි උත්තරයක් අපි ළඟ තියෙනවා ද... මම හිතන්නේ නෑ ... ඔයා මම කවුද කියන එක මනින්නේ මගේ ආගමෙන් නම් මම කතෝලික... මගේ ජාතියෙන් නම් මම සිංහල... මගේ family background එකෙන් නම් අම්මගේ පැත්තේ අය ඇහැළේපොල නිලමෙගෙන් කෙලින්ම පැවතගෙන එන පවුලකින් වෙද්දී තාත්තාගේ සීයා තමා අපේ පැත්තට හිටිය අන්තිම ගම්මුලාදෑනියා...
ඒත් දන්නවද ඔය කිසිම දේකින් වැඩක් නෑ ... නමට කතෝලික උන මම ඇත්තටම ඇදහුවේ මනුස්සකම... ඉතින් සමහර අයට අනුව මම අදේවවාදියෙක්.... නමට සිංහල උන මම වැඩි හරියක් පාවිච්චි කරේ english ... මම අහන සිංදු, කියවන පොත්, වෙන දෙයක් තියා වෙලාවකට මම අනිත් අය එක්ක කතා කරෙත් english වලින්... ඉතින් එයාලට අනුව මම high class ලූ... english පුලුවන් වීමම මාව සමාජය ඇතුලේ මුරුංගා අත්තේ තිබ්බා වගේ වැඩක් ඒ... එතකොට මගේ පවුල... ඒකෙනුත් වැඩක් නෑම තමා ඉතින් ... මොකද මේ වෙද්දී මම වෙන රටක ජීවත් වෙන තනි මනුස්සයෙක්...ඉතින් ඔය කිසිම දේකින් දැන් වැඩක් නැත...