Third page

57 7 1
                                    

ඒත් ඇත්තටම ඒක එහෙම ද...

එයා මට ඇත්තටම කැමතිද....

මම එයාට ඇත්තටම කැමති ද...

මේක ඇත්තක්ද.....

එකපාරක් මම දැන දැන රැවටෙන්නද.... මම ආදරෙයි එයාට... එයත් ඒක දන්නවා....

"එතකොට බාප්පගේ දුව... "

" ඔයා මට ආදරෙයි ද නැද්ද කියන්න... මම දන්නවා ඔයා මට කැමති කියලා. ඒත් මේක මට ඔයාගෙන්ම අහන්න ඕනේ "

" ඔයා මට ආදරෙයි ද... "

" මම දන්නේ නෑ ... "

ඇත්තටම ... දන්නේ නෑ කියන එක මොන තරම් ලේසි වචනයක් ද නේ...

" මම දන්න එකම දේ මට ඔයාව ඕනේ ... mentally වගේම physically ත්... ඒත් මට ආශිව අත අරින්න බෑ ... ඒ කෙල්ල මට වැරැද්දක් කරලා නෑ ... "

ආයෙම.... ඇයි ඒ වන්ශ්... මගෙද වැරැද්ද ඔයා කැමති ද කියලා අහපු ගමන් හීන දැක්ක. ඔයාට ඕනේ මාව ලෝකෙටම හොරෙන් තියා ගන්නද...

" මම කැමති.. නෑ මම ඔයාට ආදරෙයි ... මම දන්නේ නෑ මේක කොහෙන් ඉවර වෙයිද කියලවත්... ඒ වගේම මම කරන්නේ වැරැද්දක් ද කියලත්... ඒත් ඔයාට ආදරේ හින්දම මම කැමති එකපාරක් ඒ වැරැද්ද කරන්න... නෑ එකපාරක් නෙවෙයි ආයේ ආයෙම ඒ වැරැද්දෙම පැටලෙන්න... "

ඇත්තටම මම එවෙලේ දැනන් හිටියෙත් නෑ ඒ වගේම මම අද දන්නෙත් නෑ මම මේ කරන්නේ වැරැද්දක් ද නැද්ද කියලා ... මට ඕන උන එකම දේ ලෝකෙටම හොරෙන් හරි කමක් නෑ එයාගේ වෙන්න... මොකද මම ඒ තරමටම එයාට ආදරේ කරා... පිස්සුවෙන් වගේ ආදරේ කරා...

"Thank you මැණික... "

මම දන්නෙත් නෑ ඔයා මං ගාවටම ඇවිත් ...

දවස් ගෙවිලා ගියා... එක දවසකට උදා වුන ඉර බැහැලා යද්දී එයා ආවා අපේ ගෙදරට...  ආශි...මගෙ බාප්පගේ දුව...

" කෙල්ලෙක් පාරේ බැහැලා යන වෙලාවක්ද මේ... කලු කුමාර බැල්ම වැටෙයි මම දන්නේ නෑ ... "

ඇත්තම කතාව ආශි තාමත් වන්ශ්ගේ gf. ඒක මටත් වේදනාවක් දුන්නත් මම හිනා වෙලා එයාට කතා කරා...

" මට කොහොමත් හැමදාම බැල්ම වැටුනේ වටේ යන උන්ගෙන්ම තමා ... "

" මොකද්ද ඒ කතාවේ තේරුම.. "

" දන්නේ නෑ වගේ අහන්න එපා.. යීබෝ අයියා ගැන කියන්නේ... ඔයා එයාගේ ජීවිතෙන් ඈත් වෙන්න... "

" වන්ශ් .. අපි දෙන්නා හොඳ යාලුවෝ විතරයි "

" මම අද නේ දන්නේ හොදම යාලුවොත් නිදි වදිනවා කියලා.. අයියේ හොඳින් කියන්නේ යීබෝ අයියාගෙන් ඈත් වෙන්න.. "

" වන්ශ් මා එක්ක හිටියා කියන්න දන්නවා නම් ඇයි ඔයා එයාගෙන් ඈත් නොවෙන්නේ ?"

"මොකද මම ගෑනියෙක් උනේ එයාගේ අතින් හින්දා... ඒ වගේම මම එයාට ආදරේ හින්දා .. පිරිමියෙට තව පිරිමියෙක්ගෙන් මොනාද ලැබෙන්නේ අයියේ... අඩුම තරමේ ලමයෙක්වත් ලැබෙන්නේ නෑ නේ නම ගෙනියන්න... අනික දැන් යීබෝ අයියා ඔයා ගාවට ආවට හිතන්න එපා එයා එයාගේ හීනවලට ගියාමත් ඔයා ගාවම ඉදී කියලා... ඔයාට ඕනේ එයාටත් ඔයාට වගේම මිනිස්සු අසහනකාරයා කියනවා අහන්නද අහ්... එයාට  හීන තියෙනවා ඔයාට වගේ නෙවෙයි . ටික කාලෙකින් ලංකාවම එයාව අඳුරනවා... එයාගෙන් ඈත් වෙන්න අයියේ මම හොඳින් කියන්නේ...  "

ආශි ගියා... මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා...

රෑ පුරුදු විදිහටම වන්ශ මට කෝල් එකක් ගත්තා ...

" කෑවද මොකද කරන්නේ... "

හැමදාම වන්ශ් පටන් ගන්නෙම එහෙම ... ඒත් අද හැමදාම වගේ දවසක් නෙවෙයි නේ නේද ??

" අද ආශි ආවා. "

"ම්න්... මොකද කිව්වේ "

"ඔයා මටද ආදරේ ආශිටද වන්ශ් "

"මොනාද මේ අහන ප්‍රශ්න "

" උත්තර දෙන්න වන්ශ් "

"ඒකිට ආදරේ නොවෙන්න එයා මට වැරැද්දක් කරලා නෑ නේ "

" එතකොට මට ? "

" මොනාද මේ අහන්නේ "

" මම අහන්නේ මට ආදරේද නැද්ද කියලා "

" ඇයි ආශි කිව්වද අපේ ගෙවල්වලින් marriage එක confirm කරා කියලා "

"අහ් එහෙම එකකුත් උනාද ?? ඉතින් ඔයා කැමති උනා ද "

"ඇයි මම අකමැති වෙන්නේ නිශේන් "

" එතකොට කැමති උනා එහෙම ද.... එතකොට මම ? මම ඔයාගේ හොර මිනිහා ද "

" ඔයාට මොකද උනේ නිශේන් .. "

" මට උත්තර දෙනවා "

" මඟුලක් නොකර තියනවා ෆෝන් එක... මට වැඩ තියෙනවා ... රෙද්දක් කියවන්න ආවා මෙතන "

එච්චරයි .....

එයා තිබ්බා....

එතකොට මම ?????

මමත් තියන්න ඕනේ ද ... ????

.........................................................................................................

කලින් ලිව්ව එකේ  අන්තිම  chapters 3 delete  කරා... හරි නෑ වගේ... අමතක නම් ආයේ  බලලා මතක් කරන් එන්න...



donator Where stories live. Discover now