9 🌻

256 69 5
                                    

ඉස්කෝලෙ වෙච්ච සිද්දිය මිස් ලීසට කෝල් කරලා අහගත්ත ජිනී, ජූන් හ්‍යුනුත් ආවම පොඩි අය එක්ක කතා කරමු කියල තීරනේ කරගෙන හිටියා. ඒ අතරේ ජිමිනිත් ආයෙම පරන විදිහටම දග වැඩ වලට හවුල් වෙන්න තීරනෙ කරලා තිබුනා.

"පූස් හ්‍යෝන්න්න්න්න්..." ජිමිනි මහ හයියෙන් කෑගහපු හින්දා කුස්සියෙ හිටපු මායි ජිනී සාලෙට ආවා.

"හායි ශර්ලෝ.. හායි ජින් හ්‍යුන්.."

"ඕ යුන්ගියා..එන්න එන්න..ජිමිනී..හ්‍යුන්ට ඇතුලට එන්න දෙන්න දරුවෝ..කූඩැල්ලෙක් වගේ එල්ලෙන්න එපා ඇගේ." ජිනී කියන කිසි දෙයක් කනකට නොගත්ත ජිමිනී කූඩැල්ලා වගේ යුන්ගි ගෙ ඇගේ එල්ලිලා ඉද්දිම එයාවත් උස්සගෙන යුන්ගියා ඇතුලට ඇවිත් වාඩි උනා.

"ඔයා මට මොකුත් ගෙනාවෙ නැද්ද පූස්..??" ජිමිනිගෙ සුපුරුදු තැටිය ප්ලේ කරන්න පටන් ගත්තා ඔන්න.

"ඕ මොකද නැත්තෙ මිමී. මම ඔයාට ලොලිපොප් එකක් අරං ආවෙ. ආ මෙන්න.. ඒකනෙමෙ ජිමිනී ඔයා අසනීප උනාද ළඟදි ඇයි මාව බලන්න ආවෙ නැත්තේ..?" යුන්ගි අහන ගමන් ලොලිපොප් එක ජිමිනිගෙ අතට දුන්නා.

" ස්තූති පූස්..පපා මට ගෙදරින් එලියට බහින්න තහනම් කරානෙ සතියක්. අපි හොබා අන්කල් එක්ක වැස්සෙ තෙමුනට පස්සෙ අපිට උන හැදුනනෙ.පපා පනිශ් කරා." ජිමිනී කට හද හද යුන්ගිට කේලන් කියන්න ගත්තා.

"ආනේ බලන්නකො කවුද ඇවිත් තියෙන්නෙ කියල. කොහොමද යුන්ගියා. ඔයාගෙ බාස්කට් බෝල් මැච් එකට මොකද උනේ. ජීනී මම ආවා." කියාගෙනම ඒ වෙලාවෙ ජූන් හ්‍යුනුත් ගෙදර ආවා.

"මැච් එක දිනුම් හ්‍යුන්. ඊලග එක එන සතියෙ. අද ප්‍රැක්ටිස් නැති හින්දා මම ඔයාලව බලලා යන්න ආවෙ."

" යා හ්‍යුන්ග්...ඔයාලව නෙමෙ මාව කියන්න.. ඔයා ආවෙ ජිමිනිව බලන්න කියන්න." ජිමිනි තරහෙන් කෑ ගහද්දි අපි හැමෝම හිනා උනා. එයාට තරහා ගිහාම රතුවෙච්ච බිම්මලක් වගේ.

"ඩැඩා.............." කියල කෑ ගහගෙනම දුවන් ආපු ටේ බබායි කුකීයිත් එක පිම්මටම ජූන් හ්‍යුන් ගෙ ඇගට පැන්නම තුන්දෙනාම එහෙම්ම සෝෆා එකට වැටුනා.

"ඕ මගෙ කොල්ලොනේ..ඉතින් කියන්නකො අද මොකද උනේ ඉස්කෝලෙ."

"ඩැඩා අද මාග්‍රට් ජිමිනිට මොකද්ද කියලා ජිමිනී අද ගෙදර එද්දි ඇඩුවා. දැං අපි දෙන්නා (ටේ සහ කුකී) හිතන් ඉන්නෙ හෙට ඉස්කෝලෙ ගිහාම මාග්‍රට් ගෙ පොල් දත් 2 ගලවන්න. හොබී අන්කල් තමා කියල දුන්නෙ."

TRIPLE BLASTER (Complete)Where stories live. Discover now