මගෙ පාට්ටයිම් එකටත් ගිහිල්ලා අද මම ගෙදර ආවෙ ජිනී රස කැම කාලා ඉක්මනට නිදාගන්න හිතන්.ඒත් ඉතින් ගේට්ටුව ගාවදිම මට ඇහුන සද්දත් එක්ක මම හොද හුස්මක් උඩට අරං ගෙදර ඇතුලට අඩිය තිබ්බා.
" හායි ගායිස්.. මම...ආ...වා.."
අන්තිම ටික කියාගන්න වත් සිහියක් තිබ්බෙ නෑ මට. මේක ගෙදරක්ද.. මට හිතුනෙ එච්චරයි."නෝ නෝ ජිමිනී. නියුටෙලා බෝතලේට අත දාන්න එපා. ටේහ්යුන්.......ඔතනින් බහින්න ඔයා වැටෙයි දෙයියනේ... ජිමිනා අයිස්ක්රීම් කන්නත් බෑ ඔයාට දැං..මම එක පාරක් කිව්වා. ටේහ්යුන් ලිප ගාවින් අයින් වෙන්න පිච්චෙයි.....
කිම් නම්ජූන්න්න්න්...... දෙවියන්ගෙ නාමෙට මනුස්සයො මට මේ ළමයි දෙන්නව බලාගන්න උදව් කරනවා..නැත්තන් මම තමුන්ව ඩිවෝස් කරලා දානවා..."
ජින් හ්යුන් පිටි නාගෙන කෑ ගහනවා. ටේහ්යුන් ව ජින් වඩාගෙන ජිමිනිගෙ ශර්ට් එකෙන් අල්ලලා උස්සගෙන. එතකොට ජූනි හ්යුන් කෝ.......
නිකමට ඇහැ හරවලා බලපු මට හීන් දාඩිය දාන්න ගත්තා..."මගෙ දෙවියනේ..."
ජංකුකී රතුපාට ඇදුමක් ඇදගෙන පපුවෙ සිල්වර් පාට මොකද්ද අලව ගෙන නම්ජූන් හ්යුන්ගෙ කරේ නැගලා.
"යේ අයන් මෑන්.. කිශි කිශි පුශ්......ඩඩා අපිට තව මැනික් 3යි හොයාගන්න ඕනෙ...ඉක්මනට යමූ..."
කියල කෑ ගහනවා.අසරන නම්ජූන් පිස්සෙක් වගේ ගේ ඇතුලෙ දුවනවා.
"කිම් නම්ජූන්න්න්න්න්න්........" ආයෙත් ජිනී.
" කෝ දෙන්න හ්යුන් මට මේ දෙන්නව. මම වොශ් දම්මන් එන්නම්."
ඉක්මනට ජිනී ගාවට ගිය මම නිවුන්නු දෙන්නව මගෙ ලගට ගත්තා." ගොඩක් ස්තූති ශර්ලෝ. මම හිතුවා මට පිස්සු හැදෙයි කියල. ආහ්හ් මගෙ ඔලුවත් රිදෙනවා. මේ නම් මගේ ළමයි නෙමේද කොහෙද."
ජිනී රගපාලා කියද්දි මට හිනාගියා."අපි යනවා ජිනී. ඔයාට පුලුවන් ද තනියම ඩිනර් රෙඩි කරන්න එතකම් මම මෙයාලව තියා ගන්නම්."
"ලොකු උදව්වක් ශර්ලෝ.ස්තුති ඔයාට."
කියලා ජිනී කුස්සියට යද්දි මම දග බෝල දෙක අතින් අල්ලන් උඩට ගියා.උඩට එද්දී ලාවට මම දැක්කා නම්ජූන් හ්යුන් සෝෆාවෙ හරහට වැටිලා ඉන්නවා සහ ජංකුකී හ්යුන්ගෙ කොන්ඩෙන් අල්ලන් ඇග උඩ නැගලා ඉන්නවා.
.
.
.
.
.
![](https://img.wattpad.com/cover/321857072-288-k47843.jpg)
YOU ARE READING
TRIPLE BLASTER (Complete)
Fanfic[Completed ] "බුදාම්මෝ මාව බේරගනියෝ.....කවුරුත් නැද්දෝ....පපා මාව මරන්න හදනවා.......දෙයියනේ......කවුරුත් නැද්දෝ......බේරගනියො..........ඩඩා මාව බේරගනියො...අයියෝ මට දත් මදින්න බෑ අයියෝ...."