අසව් අසව්...
ඔන්න පුංචි යාළුවනේ අහ ගන්න පුංචි කතාවක් කියන්න යන්නෙ...
එකොමත් එක කාලෙක එක පුංචි කෙල්ලෙක් ඉදියලු ගීත්මා කියලා. පුංචි නෑ එයා පුංචියි කියලා හිතන් ඉන්නවා. අපි ඉතින් හිත හැදෙන්න එයාට එහෙමවත් කියමු. 🌚
අන්න ඒ පුංචි ළමයට දවසක් තැඹිලි පාට මොකක්ද මන්දා w අකුරක හැඩේ ඇප් පොජ්ජක් හම්බෙලා හෙණ ජරමරේලු. ටික දවසක් නොකා නොබී ඒ ඇප් පොජ්ජ එහෙට මෙහෙට කර කව කව ඉදලා අන්තිමට කෙල්ල ඒ සූත්තරෙත් සූත්තරේ හොයා ගත්තලු ඔන්න. අන්න එතන ඉදන් තමා ඒ පුංචි කෙල්ලගෙ වැඩ කෑලි එළියට දාන්න පටන් ගත්තෙ.
දන්න ශිල්ප සේරම දාලා ඒ සූත්තරකාරි ලියනවා කතාවක්. පස්සෙ ඔන්න කතාව පිට පිට කප් ගහද්දි කෙල්ල මිසින්. අපිවත් අවුස්සලා පොර යන්න ගිහින්. ඈ යන්න ගියා මැකිලා ගීම්මා වර්ෂන් 😌
ඔන්න ආයි එකමත් එක දවසක උත්තමාවිය වඩිනවා තව චූටි බබෙක්ගෙ කතාවකුත් එක්ක දෙදහස් විසි එකේ කුක්කයියාගෙ හෙලුකුට්ටන් ඩේ එක දවසෙ. අන්තිමට කතාව යටින් දානවා උපන්දින දවස්වලට පමණක් කතාව දෙමි කියලා.
( ප.ලි. - වගකීමෙන් කියන්නෙ එහෙම ඒක දුන්නන් ඔයා මැරිලත් කතාව ලියනවා හලෝ 🌚 )
කොහොමින් කොහොමහරි එයා ඒක කියෝන අයට ටුටූලා කියලත් දාගන්නවා. අපිනන් දන්නෑ එයා තමා ඕවා දා ගන්නෙ. W අකුරු එක්ක බැඳීම කොච්චර ද කියනවනන් වට්ස්ඇප් කියලා ඇප් පොජ්ජක ගෲපකුත් හදා ගන්නවා එයා. ටුටූලනන් ඒකට ගියේ මනීට ආදරේට මිසක් නපුරු ඕතර්ට ආදරේට නෙමේ. 😌 අන්න ඒ ගෲප හදලා තමා ඒ පුංචි කෙල්ල ජීවිතේ ලොකුම වැරැද්ද කර ගත්තෙ. 😪 මොනා කරන්නද ඉතින් කර පව් ගොනා පසු පස එන රිය සකක් මෙන් පස්සෙන් එනවනෙ. ඕවා දිට්ඨධම්මවෙිදනීය කර්ම ඉතින්. බැඳගත්තානන් ඉතින් බෙරේ ගහනෙකයි තියෙන්නෙ.
ගීම්මා කියන්නෙ ඇත්තවශයෙන්ම කියනවනන් නම්ජූන් ඔප්පා එයාගෙ දේපළක් කියලා හිතන් ඉන්න අර අනිත් අහිංසක කොම්ලො හය දෙනාවත් අයිති කරන් ඉන්න නොම්බර එකේ සූස්තරකාරියක්. අහුවෙන්නෙපා යාළුවනේ ඔයාලා එයාට. හාද 🌚 එයාගෙ මායම් වෙදපප්පගෙ අරිෂ්ශෙට වඩා බලවත්. පරිස්සමෙන් හරිත.
" ඔයාලා කාටවත් මාව මතක නෑ " අන්න ඒක තමා ඒ සූස්තරකාරිගෙ ජාතික ගීය. ඉහේ කෙස් ගාණට වයලා ඇති ඒකනන්.
ගීම්මා ආච්චි දැන් නාකියි. එහෙනන් අදත් ජාතික ගීය වයන්න කලින් ටුටූලගෙන් ඔයාට චූටි තෑග්ගක්. හැපී හෙලුකුට්ටන් ඩේ එකක් වේවා ගීත්මා ආච්චියේ... geethma16 මේක ඔයාට.