හැමදාම මං එයාගේ ලස්සන අත් දිහා ගහට මුවා වෙලා බලාගෙන හිටියේ ආදරේ පිරුණු ඇස් වලින්..
එයා හැමදාම ඇවිල්ලා අල්ලනවා..
හැමදාම බලලා යනවා..
හොදින් රැක බලා ගන්නවා..හැබැයි මාව නෙමෙයි..
ඒ ගහ.. මං හැමදාම හැංගිලා ඉන්න ගහ.. එයාගේ දිලිසෙන ලොකු ඇස් වලින් එයා හැමදාම ඒ ගහ දිහා බලාගෙන හිටියා.. ඒ වුණත් එයාට මාව පෙනුණේ නෑ.. පෙන්න විදිහක් තිබුණෙත් නෑ.. මොකද මං හැංගිලානේ හිටියේ..
ඒත් මං හොරෙන් එයාගේ ලස්සන යෝධ ඇස් දිහා බලාගෙන හිටියා.. ඒ අත් ගහ ලස්සනට අතගාද්දී මාවත් ඒම ආදරෙන් අත ගෑවනම් කියලා මට හිතුණා..
ඒත් මං දන්නවා බැරි වෙලාවත් එයා මාව දැක්කොත් මාව අල්ලලා විසික් කරලා දානවා කියලා..
ඒ වගේම එක දවසක් එයා මාව දැක්කා.. ඒ ලොකු ඇස් වලින් මං දිහා බලාගෙන හිටියා.. මාත් බලාගෙන හිටියා.. එයාගේ ලොකු අතක් මගේ පැත්තට එද්දී මාත් ඒ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..
එයාගේ ඇස් නපුරු පාටයි.. වෙනදා වගේ නෙමෙයි..
එයා එයාගේ ලොකු අතේ ඇඟිලි වලින් මාව ගොඩක් ඈතට වීසි කරලා දැම්මා..
මං බඩගින්නට ගහේ කොළ කාපු නිසා එයා මාව වීසි කරලා දැම්මේ කුණු ගොඩක් වගේ..
පණුවෙක් තමයි.. ඔව් මං ගස් වල කොළ කන පණුවෙක්.. ඒත් මගේ හදවත බිඳුණා.. ඒක ඒ මනුස්සයා කෑලි කෑලි කරලා දැම්මා.
ඒත් මං තවදුරටත් පණුවෙක් නෙමෙයි.. දැන් මං තටු තියෙන සමලයෙක්.. මට තටු එනකන් මං දැනගෙන හිටියේ නෑ මං නිකන් ම නිකන් පණුවෙක් නෙමෙයි දළඹුවෙක් කියලා..
නිමි..
මනුස්සයෙක්ට පෙම් බැඳී දළඹුවෙකුගේ කතාව එසේ නිමා විය..
________________________________________
18.50
21.10.22©anti-social-cat
SHIT 2 is coming soon
YOU ARE READING
𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐒𝐇𝐈𝐓 𝐂𝐎𝐋𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍
RandomHere are some random shits that pop up into my mind.. එකිනෙකට නොගැලපෙන සිතුවිලි එකතු කොට ලියා ඇති අතර කිසිදු ආදර්ශමත් හෝ කුතුහලය දනවන කිසිවක් මෙහි අන්තර්ගත නොවේ.. මෙය හුදෙක් මා තනියම සිටිනා විට මගේ මනසට ආ විකාරරූපි සිතුවිලි වල අකුරු එකතුවක් පමණි.. M...