SHIT 04 |ආත්‍රපෝඩා සංගමය | කොටස 1 - නව අධිරාජ්‍යා | YM

9 1 0
                                    

" උතුමාණෙනි- "

" මගේ දෑහට නොපෙනී යනවා යන්න.! "

ජිමින්ගේ කෑගැහිල්ලට බය වුණු ලේඛම්තුමිය ක්ෂණිකව අතුරුදහන් වුණේ එයාගේ කකුල් වලට පිං දෙන ගමන්..

" ආවා මෙතන උචුමාණෙනි ගාගෙන ඔක්කොම වෙනකන් බලාගෙන ඉදලා.. "

ජිමින් කට ඇද කර කර ඔරොප්පුවට මූණ අකුලාගෙන මේසයක් අස්සට රිංගුවේ එයාට හැමෝමත් එක්ක තිබුණු තරහා නිසා..

"ජි මි නෝ .... ඔයා කොහේද? "

" තමුසෙට මොකද මං කොහේ වුණත් ? "

" ඔය අහුවුණේ අතටම! "

පැය ගානක් ජිමින්ව මන්දිරේ ඇතුළේ හොයපු ජිමින්ගේ මල්ලි වුණු ජන්ගුක් මේස කකුලක් බදාගෙන හැමෝමත් එක්ක තරහා වෙලා උන්නු ජිමින් ළඟින් හාන්සි වුණා..

" අපි මේ ප්‍රශ්නේ හිමීට විසදගමු ජිමිනෝ.. "

" හිමීට..? හිමීට ද..? මං අවරුදු ගානක් මහන්සි වෙලා ශිල්ප එළි දක්වලා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලටම මගේ මුළු ජීවිතේම කැපකරේ අර හීනි ඇස් හැකරැල්ලා ට රජකම දෙන්නද!!!? "

" ඔහොම කෑගලා ප්‍රශ්න විසදන්න බෑ ජිමින්... "

කොහේදෝ ඉදන් දුවගෙන ආපු ටේහ්‍යන්ග් කියද්දී ජන්ගුකුත් ඒකට එකඟ වුණා..

" මං - මං මේකට ගොඩක් මහන්සි වුණා ටේහ්‍යන්ග්..! ඔයාලට හිතාගන්න බැරි තරම්..! ඔයාලට තේරෙන්නේ නෑ.. "

ජිමින්ගේ ඇස් වලින් කඳුළු බේරුණා..

" එහෙම -

" උතුමාණෙනි!!! "

මේස කකුලක් බදාගෙන හිටපු ජිමින්වත් ගැස්සෙනකොට ලේඛම්තුමිය කෑගහගෙන එයාලා පැත්තට ආවේ ටේහ්‍යන්ග්ට එයාගේ වාක්‍ය සම්පූර්ණ කරන්නවත් ඉඩ නොදීයි...

" නව ආත්‍රපෝඩා අධිරාජ්‍යා ඔබතුමාට මංගල ඇරයුමක් ලබා දීලා.. "

" අර හැකරැල්ලා!!!!! "

________________tbc _____________________

20.08.23
13.10.24

Wordcount : 170
©anti-social-cat

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐒𝐇𝐈𝐓 𝐂𝐎𝐋𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍Where stories live. Discover now