1. ආපහු කොරියාවට

377 47 9
                                    

ක්ලබ් එකේ කන පැලෙන්න තරම් ඇහෙන ඩිස්කෝ එක කොල්ලාට ඒ තරම් ගාණක් වුණේ නෑ.මොකද මේක නුපුරුදු තැනක් නෙවෙයිනේ? ඇගෙන අඩක්වත් නොවැහෙන්න රෙදි පටි කෑලි පටලවගෙන එන කෙල්ලෝ පිරිමින්ගේ ඇගේ ඇතිල්ලෙන විදිහ බලාගෙනම කොල්ලා පස්වෙනි පාරටත් වොඩ්කා වීදුරුව හිස් කරා...

විනාඩියක් ගානේ කොල්ලගේ මනසේ එකම දේ මැවි මැවී පේන්න ගත්තේ හිත තිබුණ තරහ තව වැඩි කරන ගමන්.හිතේ තියෙන වේදනාවත් තරහත් පිටකලේ වොඩ්කා..විස්කී වගේ දේවල්වලින්.ඒත් ඒවා මදි කොල්ලාගේ තරහ නිවන්න...

"ආයිශ් හේස්...!! මම තමුසෙව මරනවා..!!"

අතේ තියෙන වීදුරුව බිමට අතෑරපු කොල්ලා කෑගැහුවේ හයියෙන්.බීපු වොඩ්කා ටික තමන්ගේ උගුර පීච්චීගෙන ඇතුලට ගලාගෙන යනවා දැනෙද්දී ආයෙමත් සැටියට බර වුණ කොල්ල බර හුස්මක් ගත්තා...

ඒත් මොහොතකින් කොල්ලාගේ ලැප් එකට ආපු කෙල්ලෙක් කොල්ලාගේ අවධානේ ඒ පැත්තට යොමු කරගත්තා.පපුවෙන් අඩක් නිරාවරණය වෙලා කලවත් බාගයක්ම එලියේ.ඒත් කෙල්ල කොල්ලාගේ බොත්තම් ගැලවිලා අතරින් පතර පේන කිරිසුදු පපුව දිහා බලාගෙන තොල් දිවෙන් තෙත් කරේ කොල්ලට කට කොනේ හිනාවක් යද්දී....

කොල්ලා ඒ කෙල්ල දිහා බලාගෙනම කෙල්ලගේ තොල් පිරිමදින්න ගත්තේ කෙල්ල ඇස් පියාගන්නකොට. කොල්ලාගේ අත රලුවට කෙල්ලගේ කම්මුල් වල, බෙල්ලේ සංවේදී තැන්වල පිරිමදිනකොට කෙල්ල ඇස් අඩවන් කරගෙන හීනියට කෙදිරි ගෑවේ ඒ අත්වල පහසට....

"ආහ් "

ඊලග මොහොතේ කෙල්ලට කෑගැස්සුනේ කොල්ලාගේ අත තමන්ගේ බෙල්ලට එන්න එන්නම තද වෙනවා දැනෙනකොට.ඒ ක්ෂනිකයෙන් කෙල්ලව පැත්තකට විසි වෙලා ගියා...

"පැත්තකට වියන් බැ#ලී.."

"ජන්කුකා ඕකිව අතෑරපන්...!! "

කෙල්ලගේ කොණ්ඩෙන් ඇදන් හිටපු ජන්කුක්ව ඇදලා ගන්න ගමන් යුන්ගි කෑගැහුවේ කෙල්ල බය වෙලා එතනින් දුවන අතරේ.ජන්කුක් යක්ශයෙක් වගෙයි හැසිරුනේ...

"මම ඒකිව මරනවා !! ඒකි කොහොමද මට එහෙම කරේ.?? හියුන්ග් මාව අතාරින්න.මට ඕකිව මරන්න ඕනේ!! බැ#ලී..!! "

The Summer of Love  [ JJK ] ll Slow Update llWo Geschichten leben. Entdecke jetzt