කලබෙලෙන් එයාපෝර්ට් එකේ එහෙ මෙහේ දුවන මිනිස්සු තමන්ගේ ආදරණීයයන් කාලෙකට පස්සේ හම්බුනාම සතුට බෙදාගන්න විදිය ජන්කුක් බලන් හිටියේ චූටි හිනාවක් තොල් අතර රදවගෙන.බලන්නත් ආසයි! සමහර අයගේ ඇස්වල කදුලු පිරෙන්නේ සතුට වැඩිකමට..
අතේ තිබුණ සූට්කේස් එක පැත්තකින් තියපු ජන්කුක් තමන්ගේ බෝල ඇස් වටේටම කරකවන ගමන් පරිසරය රස වින්දා! නැවුම් සීතල හුලං කොල්ලගේ ගතම වෙලාගන්නකොට කොල්ලගේ ගතම වෙලාගන්නකොට නාස්පුඩු හරහා ගමන් කරපු සුවදින් පෙනහැලි පිරවිලා ගියේ නිරාසයෙන්මයි..
ආයෙමත් සූට්කේස් එක අතට ගත්ත ජන්කුක් කලබලෙන් කෙනෙක්ව හෙව්වා..
"චූටි බේබි?? "
ටික වෙලාවකට පස්සේ ජන්කුක්ගේ පිටිපස්සෙන් හුරුපුරුදු කටහඩක් ඇහෙනකොට කොල්ලගේ ඇස් සතුටින් ඒ පැත්තට ඇදිලා ගියා..
"අන්කල් ජෝන්!! "
කොහොම සතුටු නොවී ඉන්නද? කාලෙකට පස්සේ හම්බුන තමන්ගේ ආදරණීයන් ඉදිරියේ? කොච්චර නම් ආස කරන්න ඇත්ද ජන්කුක් මේ වෙලාව එනකම්? කොල්ලා ලන්ඩන් වල ඉදන් ආවේ අකමැත්තෙන් වෙන්න ඇති! ඒත් මෙහෙම දකිනකොට කොල්ලට ඒක කැමැත්තකට හැරෙන්න ඇති!!
"චූටි බේබි ලස්සන වෙලානේ? අදුරන්නත් බෑ දැන්..බොහොම අමාරුවෙන් බේබිව හොයාගත්තේ? "
"ඇයි මන් විතරද? අන්කලුත් තව හැන්සම් වෙලා!! ආන්ටි කෙනෙක් එහෙම හොයාගත්තේ නැද්ද ආ ආ?? "
"හැට පැනපු මට මොන ඇන්ටිලාද බේබි?? බේබිට නම් ඇති නේද? "
"ඒවා අපි පස්සේ කතා කරමු..නමු ලෙට්ස් ගෝ? "
ජෝන්ගේ පපුවට තට්ටුවක් දාලා ජන්කුක් ගාණට කතාව මග අරිනකොට ජෝන්ට ඒ වගක් තේරුණත් ඒක වැඩිය හිතන්න ගියේ නෑ.තමන් මේවාට වැඩිය ඇගිලි ගහන්න යන එක එච්චර හොද වැඩක් නෙවෙයි කියන්න ජෝන් දැනන් හිටියා.
ඒ තරම්ම ජෝන්ට තමන් කරන රස්සාව ගැන අවබෝධයක් තියෙන නිසා වෙන්න ඇති ජියෝන් ෆැමිලි එකත් ජෝන්ට මෙච්චර ලං වෙලා තියෙන්නේ!මොහොතකට කලින් ජන්කුක්ගේ හියොන්ග් කතා කරලා එයාපෝර්ට් එකට එන්න වෙන්නෑ කියනකොට කොල්ලගේ මූණ බෙරි වෙලා ගියා.හදිසි මීටින් එකක් නිසා කොල්ලට එන්න බැරි වුණත් ඒ වෙනුවට එයා ජෝන්ව එවලා තිබුණා..
YOU ARE READING
The Summer of Love [ JJK ] ll Slow Update ll
Fanfictionඇය සෙල්ලක්කාර හදවදකට ආලය කරන අහිංසකාවියක්.. නමුත් ආදරයෙහි අරුත නොදනින ඔහුට ආදරය ලබන්න තරම් හදවත සංවේදී නැතුව ඇති!! -The summer of love - JJK FF Nara__JK