6. ලොකුකම

149 32 6
                                    

එදා පාටියෙන් පස්සේ දවස් තුන හතරක්ම ගත වුණත් තාමත් බෝනා හරියට ජන්කුක්ට කතා කරේ නෑ.ඒ වගේම ජන්කුක් බෝනාව ගණන් ගත්තේ නෑ!එයාට ඊට වඩා රාජකාරියක් පැවරිලා තිබුණේ..එයා ජින් එක්කම ඔෆිස් එකට ගිහින් වැඩ වලට උදව් කලේ කම්මැලි කම නිසා!!

එතකොට බෝනා වෙනදා වගේම එයාගේ ස්ටඩි වල යෙදුනා.ඒ අතරතුරේ ලව් එක කන්ටිනිව් කරන්නත් අමතක කරේ නෑ.!එදා ජන්කුක් කියපු වචන බෝනාට අමතක වුණෙත් නෑ.ඒවා හැමවෙලේම එයාට මතක් වුණා වගේම ඒ ගැන නොහිතා ඉන්න පුලුවන් තරම් කෙල්ල උත්සහ කරා!!

කෙල්ලට නම් මේ දවස් ටික හරි සාමකාමියි! ඒත් ජන්කුක්ට? කොල්ලට පිස්සු වගේ. හේස්ගෙන් පස්සේ තාමත් කෙල්ලෙක්ව හරියට ආශ්‍රය කරන්න කොල්ලට ටයිම් එකක් හම්බුනේ නෑ.අඩුම ක්ලබ් එකට යන්නවත් කොල්ලට නිදහසක් තිබුණේ නෑ..ඊටත් වඩා එයාගේ හිතේ හැමවෙලේම වැඩ කරේ හේස් තමයි එයාට adjust වන හොදම කෙනා කියලා..ඒත් හේස්ගේ වැඩ නිසා  එයාට කෙල්ලව එපා වෙලා තිබුණා

කොල්ලට ඕන වුණා හේස් විදිහටම තමන්ව දරාගන්න පුලුවන් කෙනෙක්ව  හොයාගන්න!!ඒ නිසාම හැම දේම පස්සකට දාලා අද දවසම නිදහසේ ගෙවන්න තීරණය කරපු ජන්කුක්ගේ පලවෙනි පියවර වුණේ නවය විතර වෙනකම් නිදාගත්ත එක.පස්සේ නැගිටලා කෑමත් අරගෙන බීච් එක පැත්තේ යන්න කොල්ලා තෝරගත්තේ යාලුවෙක්ගේ බයික් එකක්!!

බයික් එකත් ස්පීඩ් එකෙන් එලවගෙන ආපු කොල්ලා මුලින්ම කලේ බීච් එකට කිට්ටුවෙන්ම තිබුණු රෙස්ටුරන්ට් එකකට ගියපු එක. එයා ගියපු එක ඇත්තටම පොඩි කොෆි ශොප් එකක්!!බයික් එකේ යතුර ජැකට් එකේ සාක්කුවට දාපු කොල්ලා අත් දෙක කලිසමේ සාක්කුවට ඔබාගෙන ගිහින් කවුරුවත් නැති ටේබල් එකකින් ඉදගත්තා!!

මෙනු එකෙන් එයාට ඕන දේ තෝරගෙන  ඕඩර් කරපු කොල්ලා ෆෝන් එක අතට ගත්තේ මේ දවස්ටිකේ ඒකවත් හරියට කරගන්න බැරි වුණ නිසා.වේටර් කෙනෙක් ගෙනත් දුන්න බනානා මිල්ක්ශේක් එකත් බොන ගමන් කොල්ලා වටපිට බැලුවත් කොල්ලට දකින්න හම්බුනේ තමන්ගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්න කෙල්ලෝ ටිකක්..

කටකොනේ හිනාවක් ගියපු කොල්ලා ග්ලාස් එකෙන් එලිය බලාගෙන හිටියත් කොල්ලගේ ඇහිබැමි ඇකිලුනේ එලියේ ඉන්න බෝනාව දැකලා.ඒකත් එදා හිටපු කොල්ලාත් එක්ක. එයා ඒ පැත්තට යන්න නැගිට්ටත් නැවතුනේ එකදිගට ෆෝන් එක රින්ග් වුණ නිසා.

The Summer of Love  [ JJK ] ll Slow Update llTempat cerita menjadi hidup. Temukan sekarang