~ 02. Cafe ~

57 15 0
                                    

Minji හිටියේ එයාලගේ හයි ස්කූල් එක ගාව තිබුණු ෆේමස් කැෆේ එකක. එයා එයාගේ හොදම යාළුවො ටිකත් එක්ක පොඩි රවුමක් දාන්න ඇවිල්ලයි හිටියේ.

"ඔන්නී~"
එයාට හුරුපුරුදු හුරතල් කටහඬ ඇහෙද්දි Minji ඔළුව හරවලා පිටිපස්ස බැලුවා. එයාලා හිටපු තැනට ටිකක් එහායින් ටේබල් එකක් ගාව Aria හිටගෙන හිටියේ එයාලගේ ක්ලාස් එකේ ළමයි වගයක් එක්ක.

හැබැයි ඒ ටිකකට කලින්. මොකද තත්පරයක් යන්නත් කලින්ම දුවගෙන ආපු කෙල්ල එයාට වඩා ගොඩක් උස Minjiගෙ ඇඟේ එල්ලුනා.

"Aria ඔයා මොනාද මෙහෙ කරන්නෙ? ගෙදරට හොරෙන් නෙමෙයි නේද ආවෙ?"
සාමාන්‍යයෙන් Ariaගෙ දෙමව්පියො එයාව මෙහෙම තනියම එවන්නෙ නැති බව හොඳටම දන්න නිසාම Minji කෙල්ලගෙන් ඇහුවෙ ටිකක් තදින්. මොකද මේ මුරණ්ඩු කෙල්ල හොරෙන් වත් ඇවිත් ද කවුද දන්නෙ!

"අයියෝ ඔන්නී~ මං හොරෙන් ආවෙ නෑ අනේ. අද අපේ සූබිනාගෙ බර්ත්ඩේ එක, ඉතින් අපිට ට්‍රීට්"
ඔළුව වනන ගමන් කෙල්ල කියද්දි තමයි Minjiගෙ හිතට සැනසීමක් දැනුනෙ.

"හාකො එහෙනම්"
Minji ලාවට හිනා වෙද්දි Aria නම් සුපුරුදු විදිහට දත් ඔක්කොම එළියට දාගෙන හුරතල් විදිහට හිනා උනා.

"ඉතින් ඔන්නි මොකෝ මේ පැත්තේ ආවේ?"

"පොඩ්ඩක් රිලැක්ස් වෙන්න දරුවො~ Exam එකත් ළඟ නිසා අපි හුඟක් බිසීනෙ"
Ariaගෙ ඉණ ගාවට දිග කොන්ඩෙ අවුස්සපු Minji ආයෙමත් එයත් එක්ක හිනා උනා.

"හරි එහෙනම්, මං ටක් ගාලා සෙලිබ්‍රේෂන් එකට ගිහින් එන්නම්. ඔන්නි ඔතනම ඉන්නකෝ~"
උඩ පැන පැන ආයෙමත් එයාගෙ ක්ලාස් එකේ අය ඉන්න තැනට යන Aria දිහා බලාගෙන හිටපු Minji කෙල්ල යාළුවො ගාවට ගියාට පස්සේ ආපහු හිටපු තැනින්ම වාඩි උනා.

"ආව් ආව් කෙල්ලගේ පැණි හිනාව~ ලව් එක කියුට් හොඳේ"
Minjiගෙ යාළුවෙක් වෙච්ච Yuri කියද්දි Minji එයත් එක්ක හිනා උනා.

"අනිවාර්යයෙන්ම එයා හුඟක් කියුට්! My Cute Ball~"

"මයි ඔන්නියෝ~"
කෙනෙක් ඇවිත් එයාගෙ බෙල්ල බදා ගනිද්දි Minji හිනා උනේ මේ එයාගෙ Aria කියලා එයා හොඳටම දන්න නිසා.

"Aria, ඒ පාර මොකද උනේ"
Ariaගෙ අත් එයාගෙ බෙල්ල වටෙන් ගලවගෙන කෙල්ලව ළඟම තිබුණු හිස් පුටුවක වාඩි කර ගන්න ගමන් Minji ඇහුවෙ කරුණාවන්ත හඬකින්.

"ටඩා~ ඔන්නි මේහ්"
මෙච්චර වෙලා Minji නොදැකපු තමන්ගේ අතේ තියෙන පේපර් ප්ලේට් එක උඩ තිබුණු ලොකු බර්ත්ඩේ කේක් කෑල්ල පෙන්නන ගමන් Aria හිනා උනා.

"බර්ත්ඩේ කේක්?"

"ඔව්, ඔන්නිට"
කේක් කෑල්ල අතට අරගෙන ඒක Minjiට කවන්න උත්සාහ කරන ගමන් Aria කිව්වත් Minji කෙල්ලව නතර කලා.

"ඇත්තම කියන්න මට, ඔයා කෑවද?"
Minji අහද්දි කෙල්ල ටික වෙලාවක් කල්පනා කරලා ලාවට ඔළුව හෙලෙව්වා.

"මේ මට හම්බ වෙච්ච කෑල්ල"
Aria බිම බලාගෙන හීනි හඬකින් කිව්වත් ඒක Minjiට නම් හොඳටම ඇහුණා.

"ආහ් පණ්ඩිත කෙල්ල!"
ඔළුව හොලවපු Minji එයාගෙ එක ඇඟිල්ලකින් Ariaගෙ මූන හෙමිහිට ඉස්සුවා.

"ඉතින් මට ඕනි උනේ ඔන්නිට ගේන්නනේ"
ඒ පාර Minjiගෙ මූණ දිහා බලාගෙන තොල් උල් කර ගත්තු Aria කියද්දි Minji ලාවට කෙල්ලගේ ඔළුව අතගෑවා.

"කෝ දෙන්න~"
Aria පුදුම වෙලා බලාගෙන ඉඳිද්දි එයාගෙ අතින් කේක් කෑල්ල ගත්තු Minji ඒක කෙල්ලගෙ කට ගාවට ළං කලා.
"කන්න දරුවො"

"දැං ඔන්නිත්"
කේක් කෑල්ලෙන් ටිකක් කාපු Aria Minjiගෙ අත තමන්ගේ අතින් අල්ලගෙන ඒක එහෙම්මම අනෙක් පැත්ත හරවලා Minjiට කවද්දි පොඩි කෙල්ලට අවනත වෙච්ච Minjiත් ඒක කෑවා.

"Thank you Aria, for the cake"

"It's my pleasure Eonnie~"

Ariaගෙ හිනා වෙන ඇස් දිහා බලාගෙන ඒ කම්මුලක් සිනිඳුවට අත ගාපු Minji තීරණය කලේ එයාගේ හිතේ මේ හුරතල් කෙල්ල වෙනුවෙන් තියෙන දේ ඉක්මනින් ම කියලා දාන්න.

"ඒයි ඒයි ඔක්කොම එයාට විතරයි, අපිට නැහැ. මේක හරි අසාධාරණයි Aria"
Minjiගෙ යාළුවෙක් වෙච්ච යොන්ජුන් එහෙම කියද්දි Aria කලේ ඒ කොල්ලට දිව දික් කරපු එක.

"අර ඉන්නෙ අතන දිලිසි දිලිසි අපේ බර්ත්ඩේ බෝයි, ඔප්පට ඕනෙ නං ගිහින් එයාගෙන් කේක් කෑල්ලක් ඉල්ල ගන්න. අනික ඔප්පා සූබිනාට කැමතියි කියන එක හරි Famous secret එකක්"
කට කොනින් හිනාවෙන ගමන් Aria යොන්ජුන්ගෙ කට වහද්දි හැමෝටම හිනා.

"Sassy Dolly~"
මේ දිහා බලාගෙන හිටපු Minji ලාවට හිනා වෙන ගමන් එයාටම මුමුණ ගත්තා.

"Sassy Dolly~"මේ දිහා බලාගෙන හිටපු Minji ලාවට හිනා වෙන ගමන් එයාටම මුමුණ ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Journey of Love [GL]Where stories live. Discover now