~ 01. School ~

130 17 1
                                    

"ඔන්නියාහ්~"
හුළඟ වගේ දුවගෙන ආපු කෙල්ලෙක් එයා හිටපු බෙන්ච් එකේ ඉස්සරහින් වාඩි වෙනකොට Minji තමන් වැඩ කර කර හිටපු පොතෙන් ඔළුව උස්සලා ඉස්සරහ බැලුවා.

"Aria? මොකද්ද මෙතන කරන්නෙ ආහ්? ඉගෙන ගන්නෙ නැද්ද?"
තරවටු කරන මූණක් හදා ගත්ත Minji අහද්දි Ariaගෙ මූන කියුට්ම කියුට් pout එකකින් හැඩවුණා.

"සොලි ඔන්නී~ ඒත් මට කම්මැලි නිසා මං ක්ලාස් එකෙන් පැන්නා"
අතේ තියාගෙන හිටපු පොත් ටික ටේබල් එක උඩට අත ඇරපු කෙල්ල දත් සෙට් එකම ඉස්සරහට දාලා හිනා උනා.

"අනේ මන්දා Aria ඔයා නම්~ unbelievable!"
Ariaට රිදෙන්නෙ නැති වෙන්න ලාවට ටොක්කක් ඇනපු Minji ඔළුව දෙපැත්තට වනද්දි පොඩි කෙල්ල එයාගේ හාට් ශේප් තොල් දෙකත් උල් කරගෙන ගස්සලා අහක බලා ගත්තා.

"ආහ් ඔන්නියො ආපු වැඩෙත් අමතක උනානෙ මට!"
එකපාරටම ආයෙමත් කුතුහලය දනවන මුහුණක් හදා ගත්ත Aria ටේබල් එක උඩ තිබුණු පොත් ටික Minji දිහාවට තල්ලු කලා.

"මෝ?"
පොත් ටික දිහා බලපු Minji ඇහි බැමක් උස්සලා අහද්දි Aria වයින් කරපු බෝනික්කා වගේ කියවන්න පටන් ගත්තා.

"ඇත්තටම ඔන්නි මේකයි, අපිට හෙට Science Unit Test එකක්. සරලවම කිව්වොත් මට ඔය මඟුල් ලෙසන් එකේ එක වචනයක්වත් තේරුණේ නැහැ. සෝ මං මේ ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න ආවේ. අනිද්දට මට ගෙදරින් යන්න බෑ අනේ"
බැරෑරුම් විදිහට මූනත් හදාගෙන Aria කියවද්දි Minji තේරුම් ගත්තා ඊළඟට එයා කරන්න ඕන දේ~ ඒ තමයි අපේ Kim Ariaට මේ Science Lesson එක පාඩම් කරවන එක!

"ඔයාට ගෙදරින් යන්න බැරි නං ටීචර් කියලා දෙද්දි හරියට ඉගෙන ගන්න ඕනෙ!"
Minji කිව්වම Aria ආයෙමත් ඔරව ගත්තා.

"අනේ නිකන් ඉන්න ඔන්නි! ඔයා මොල ගෙනාපු නැවක් උනාට මං අසරණ ළමයෙක්. මට ඔය අපබ්‍රංස තේරෙන්නේ නැහැ! And after all this is Science! අනේ ඇත්තමයි ඔය මඟුල හොයා ගත්ත මිනිහව මට අහු උනොත් මං ඕකව ඇහේ ඉඳන් හම ගහනවා!"
කටත් උල් කර කර, එක එක expressions දදා තමන්ගේ ඉස්සරහ ඉඳගෙන සයන්ස් හොයා ගත්ත එකාගෙ ඔම්මා අප්පා මතක් කරන Aria දිහා බලාගෙන Minji ආදරණීය විදිහට හිනා උනා.

"ම්ම් ඔය බැනිල්ල නතර කරලා එන්න, මං කියලා දෙන්නම්"
මේ පණ්ඩිත කෙල්ලට මොනා හරි කරලා exam එක ගොඩ දා ගන්න උදව් කරන්න ඕනෙ කියලා දන්න නිසාම Minji කෙල්ලගෙ හුරතලේ අමතක කරලා කෙල්ලට කතා කලා. නැත්නම් ඉතින් ඇත්තටම Aria කිව්වා වගේ කෙල්ලට ගෙදරින් එළියට යන්න වෙයි, ඇත්තටම මේ පොඩි කෙල්ලගේ දෙමව්පියො හරිම ස්ට්‍රික්.

"රියලි ඔන්නී? යේ යේ යේ~ අයි ලව් යූ සෝ මච්~"
ඉඳගෙන හිටපු තැනින් නැඟිටපු කෙල්ල දුවගෙන ඇවිත් Minji ගාවින් වාඩි වෙලා Minjiගෙ කම්මුලකට චූටි කිස් එකක් දුන්නෙ කටපුරා හිනා වෙන ගමන්.

ඒ කෝලම් වලට හිනා උනු Minji කෙල්ලට පාඩම උගන්වන්න ගනිද්දි Ariaත් සද්ද නොකර හොඳට අහගෙන හිටියා. පැයක් විතර උගන්වලා ඉවර වෙලා පොඩි exercise එකක් කෙල්ලට දීපු Minji කෙල්ල දිවත් හපාගෙන ඒකට උත්තර ලියන හැටි බලාගෙන හිටියා.

එයා මේ කරදරකාර දඟකාර පිස්සු කෙල්ලට වශී වෙලා දැනටමත්! She was already in love with Kim Aria and she also knew that this girl loves her too~ දැන් එයා බලාගෙන ඉන්නෙ මේ දේ කියන්න හරි කාලෙ එනකම්~

එයා මේ කරදරකාර දඟකාර පිස්සු කෙල්ලට වශී වෙලා දැනටමත්! She was already in love with Kim Aria and she also knew that this girl loves her too~ දැන් එයා බලාගෙන ඉන්නෙ මේ දේ කියන්න හරි කාලෙ එනකම්~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Journey of Love [GL]Where stories live. Discover now