" සඳ ඒ නුඹමද.. "
අධීර කිවුවෙ කාමරේ එහා කෙළවරට පස්සෙන් පස්සට යනගමන්...
" ඕයී.. ඕක දෙනවා.. " සයෝන් බෙරිහන් දුන්නෙ අධීරගෙ ඇඟට පනින ගමන්.. ඒත් අධීර පැත්තකට පැනලා ඇදේ එහා පැත්තට ගියේ ආයේ තමන්ගෙ අතේ තිබ්බ පොත දිහා බලන ගමන්...
" රෑ කලුවර මැදින්... " සයෝන් ගහපු කොට්ට පාරකින් අධීරගේ කවි පදේ ඉතුරු ටික වැහුනා...
" ඕක දෙනවා හොඳ හිතින් මට.. නැත්තන් මං... " සයෝන් කිව්වෙ ආයෙත් අධීරව පන්නන ගමන්...
" ඇයි ඇයි මොනා කරන්නද.... " අධීර ඇහුවෙ මේසෙ එහා පැත්තෙන් හිටගන්න ගමන්...
එතකොට මේසේ මෙහා පැත්තෙන් හිටපු සයෝන් එකපාරටම දැක්කෙ අධීර පණ වගේ ආරක්ශා කරන කාර් එකේ යතුර....
ඒක පැනපු ගමන් අතට ගත්තු කොල්ලා යතුර අධීරට පේන්න එහාට මෙහාට වැනුවා...
අධීර අතේ තිබ්බ සයෝන්ගෙ කවි පොත එහෙම්මම මේසෙන් තිබ්බෙ සයෝන්ගෙ හැටි මේ දවස් ටිකට හොඳට දැනන් උන්න නිසා...
" මේක බිම වැටිලා කුඩු වෙලා යනවට ආසයිද.. " සයෝන් හිනා උනා..
" හරි හරි.. මං තිබ්බා උඹේ පොත.. ඕකත් තියපන් දැන් පැත්තකින්. "
" ආ... ඇයි ඇයි... කෝ අර කවි කිව්ව කට දැන් වැහිලාද.. " සයෝන් දිගින් දිගටම අධීරට විහිලු කරද්දි අධීර තව වචනයක් කියන්නවත් පරක්කු නොවී මේසෙ වටෙන් ගිහින් සයෝන් ළඟට ආවෙ සයෝන් එහාට පනිද්දී.. ඒත් එතකොට කොල්ලා පරක්කු වැඩියි... අධීරයි බිත්තියකුයි ඇදයි අතර මැදි උන සයෝන් පැනගන්නෙ කොහොමද කියලා කල්පනා කරද්දි අධීර හිනාවෙවී කොල්ලා ළඟට ආවා...
සයෝන් කරගන්න දෙයක් නැතුව පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු උනේ කාමරේ වටේටම ඇස් යව යව පැනගන්නෙ කොහොමද කියලා කල්පනා කරන ගමන්...
අධීර සයෝන් ගාවට එන්න ඔන්න මෙන්න තියෙද්දි කොල්ලා කරේ අධීර හීනෙකින් වත් නොහිතපු දෙයක්..
සයෝන් යතුර තමන් ඇදන් උන්නු අන්ඩර්වෙයාර් එකේ ඇතුළට දාගත්තෙ අධීරට යතුර ගන්න බැරි වෙන්න... සයෝන් එහෙම කරලා හිනා උනත් පුදුමෙන් පිරිලා තිබ්බ අධීරගෙ මූණ ඊළඟ මොහොතෙ අමුතුම හිනාවකින් සැරසුනෙ කොල්ලට වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙද්දී..
YOU ARE READING
Hearts of Glass 💔
Romanceහිත නිකන් වීදුරු වලින් හදලා වගේ... එහෙම නේද.. පොඩ්ඩ ඇත්තන් ඉරිතලනවා.. කැඩෙන්න බලනවා... ඒත් කැඩෙන්න, කැඩෙන්න පිළිසකර කරන් ආදරේ කරන එකටලු සැබෑ ආදරය කියන්නෙ.... එත් එක හදවතක් කැඩිලා බිදිලා කුඩු වෙලා යනකන්ම ආදරේ කරොත්... ආයෙ අමාරුවෙන් හරි හදාගෙන ආදරේ ක...