මේ වෙද්දි ටැනීස්ලගේ අළුත් මියුසික් වීඩියෝව රිලීස්වෙන්න තිබුණු වෙලාවත් පහුවෙලා පැයකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණත්, මොකද්දෝ හේතුවකට ඔවුන්ට තවමත් එයාලගේ SOS වීඩියෝව බලන්න අවස්ථාවක් උදාවුනේ නැහැ.
වීඩියෝව බලන්න අවස්ථාවක් උදාවුනේ නෑ කියනවටත් වඩා හරියනම වචනේ තමයි ඒ වීඩියෝව ඉන්ටර්නෙට් එකෙන් අතුරුදහන් වෙලා කියන එක තමයි.
ඒත් තමන්ගේ කලබලෙන් ගැහෙන හදවත මොහොතකට සන්සුන් කරගෙනම නම්ජුන් එයාලගේ ප්‍රධානියා එහෙමත් නැත්තම් එයාලත් එක්ක හැමදාමත් හෙවනැල්ලක් වගේ අද වෙනකල්ම ඔවුන්ගේ පස්සෙන් ඉන්න බැන්ග් ශී-හියුක්ගේ නම්බර් එකට ඩයල් කරලා, මේ පැටලිලා තියෙන නූල් බෝලෙ ලෙහාගන්න එයාගෙන් උපදෙස් ගන්න මොහොතක්වත් වෙලාව නාස්ති කලේ නැහැ.
ඒත් නම්ජුන්ගේ ප්‍රශ්නවලට ගැලපෙන උත්තරයක් පීඩීගෙන් ලැබෙනවා වෙනුවට කොල්ලට ඒ වෙනුවෙන් ලැබුණේ, තවත් උත්තරයක් නැති විකාර ප්‍රශ්නයක් විතරයි.
"මොකද්ද BTS කියන්නේ---????"
ඉතින් නොහිතපු විදිහට පීඩීගෙන් තමන්ට ලැබුණු ඒ අමුතු ප්‍රශ්නෙ නිසා නම්ජුන් ටිකවෙලාවක් එයාගේ නළලත් රැළි කරගෙන, තමන් දිහා ලොකු බලාපොරොත්තුවකින් බලාගෙන ඉන්න තමන්ගේ බෑන්ඩ් මෙම්බර්ස්ලා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.
ඊටපස්සේ තමන්ගේ සිතුවිලි එකින් එක සන්සුන් කරගෙන ලොකු හුස්මක් පිට කරපු නම්ජුන්, ආයෙමත් පීඩී එක්ක කතා කරන්න එයාගේ වචන ඇමුණුවා.
"අද අප්‍රේල් පළවෙනිදා නෙවෙයි කියලා මං දන්නවා පීඩීනිම්.... ඔයා වගේ කෙනෙක් මගෙන් BTS කවුද කියලා විහිළුවට ඇහුවත්, මට ඒකට හිනා ගියේ නම් නෑ...."
YOU ARE READING
S.O.S (Save Our Souls) ‖ OT7 [11]
Fanfictionමොකද්ද BTS කියන්නේ..??? අළුත් කෑමක්ද..??? . . . ~ S A V E O U R S O U L S ~ . . . . Content ahead including Anger, Pain with ideologically sensitive and emotional topics. !! Save Our Souls © 2022 November @Yawa_K (221119)