ලෝකප්රසිද්ධ BTS කණ්ඩායම, තම සාමාජිකයන් හත්දෙනාම එකතුවෙලා කරන්න නියමිතව තියෙන එයාලගේ අන්තිම නිර්මාණය වෙන්කලේ ඔවුන්ගේ ආර්මි රසිකයන් වෙනුවෙනුයි. ටැනීස්ලට එයාලා මේ අරගෙන තියෙන තීරණය ගැන කිසිම පසුතැවීමක් තිබුණේ නැහැ. මොකද තමන්ගේ කැපවීම විතරක් නෙවෙයි, පහුගිය අවුරුදු ගණනාව පුරාම තමන්ගේ ෆෑන්ස්ලගෙන් ලැබුණු සපෝර්ට් එක තමයි BTS කියන නම මෙච්චරක් දුර අරගෙන ආවේ කියන දේ ඔවුන් හත්දෙනා වෙන කාටවත් වඩා හොඳට දන්නවා. ඒ නිසා ආර්මිලාගෙන් පහුගිය අවුරුදු පහළොවටම තම කණ්ඩායමට ලැබුණු ආදරේ ගැන ටැනීස්ලාට ආයෙ ආයෙ මතක් කරන්න කාටවත්ම වුවමනා වුණේ නැහැ.
ඒත් එහෙම වුණත්, මේ වෙනකොටත් හැම ආර්මි රසික, රසිකාවියක්ම පුන පුනා බලාගෙන ඉන්න ටැනීස්ලාගේ මේ කම්බැක් එක, හත්දෙනෙක්ගේ කණ්ඩායමක් විදිහට තමන් දෙපිරිස අතරේ සිද්ධවෙන්න නියමිත අවසාන හමුව කියලා ඒ කවුරුවත්ම දැනගෙන හිටියේ නැහැ. ඉතින් බන්ග්ටන් කණ්ඩායමේ අළුත් නිර්මාණයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න මිලියනයක් වූ ආර්මි රසිකයන්, මේ කම්බැක් එක වෙනුවෙන් බලාගෙන හිටියේ නොඉවසිල්ලකිනි.
ඉතින් සති කිහිපයක් තිස්සෙම පැවැති මීටින්ස්, රෙකෝඩින්ස් වගේම පෙර පුහුණුවීම් ගණනාවකට පස්සේ මේ වෙද්දි බන්ග්ටන් කණ්ඩායමේ අවසාන ඇල්බම් එකේ ටයිටල් ට්රැක් එක මොකද්ද කියන දේ වගේම එහි ලිරික්ස්, මියුසික් වීඩියෝව සිද්ධවෙන්න ඔින විදිහට පවා මේ වෙද්දි බැන්ග් පීඩීගේ වගේම හයිබ් මැනේජ්මන්ට් එකේ අනුමැතිය ලැබිලයි තිබුණේ.
අනිත් මතක් කරන්න ඔින විශේෂම දේ තමයි, මේ පාර ටයිටල් ට්රැක් එකට නම්ජුන්, යුන්ගි විතරක් නෙවෙයි අනිත් පස්දෙනාගේම අදහසුත් එක අකුරකින් හරි මේ ඇල්බම් එක වැඩිදියුණු කරන්න දායක කරගෙන තිබුණා.
VOCÊ ESTÁ LENDO
S.O.S (Save Our Souls) ‖ OT7 [11]
Fanficමොකද්ද BTS කියන්නේ..??? අළුත් කෑමක්ද..??? . . . ~ S A V E O U R S O U L S ~ . . . . Content ahead including Anger, Pain with ideologically sensitive and emotional topics. !! Save Our Souls © 2022 November @Yawa_K (221119)