හෝසොක්ගේ ගෙදරට ආවාම හෝසොක් නිදන් ඉන්න ගුකීව වඩාගෙන ඇතුලට ගියේ ටේහ්යොන්ග් ඉස්සරහින් වාහනේ නවත්තනකොට .... ඉක්මනට වාහානේ නවත්තලා බැහැලා අනිත් පැත්තට දුවගෙන ආපු ටේහ්යොන්ග් ජන්කුක්ට බහින්න උදව් කරලා ජන්කුක්ව ඇගට වාරු කරගත්තේ ජන්කුක්ට අද දවසේ මහන්සි වැඩී කියලා තේරුන හින්දා...
දෙන්නම ඇතුලට එනකොට ගුකීව ඇදෙන් තියල හෝසොක් ඉස්සරහට ආවා..
"ඔයා ඔතනින්ම ඇතුලට ගියාම තියන ගෙස්ට් රූම් එකට ගිහින් වොශ් එකක් දා ගන්න... ඇදුම් ගෙනත් තියන්නම්... ජන්කුක් එන්න මන් සෝදන්න උදව් කරන්නම්..."
කියලා ටේහ්යොන්ගේ අත අයින් කරලා ජන්කුක්ව තමන්ගේ ගාවට ගන්න ගමන් හෝසොක් කියනකොට ටේහ්යොන්ග් බලන් හිටියේ බලාපොරොත්තු කඩ උන ස්වරූපයෙන්... එයාව ගෙස්ට් රූම් එකට දාන්නේ ඇයි... හහ්..
"මන් ජන්කුක්ට උදව් කරන්නම්......... ආආහ්... නෑ.. නෑ.. මම යන්නම් වොශ් එකක් දා ගන්න.. තැන්ක්යූ හ්යුන්ග්..."
ජන්කුක්ට ඇග සෝදන්න උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න හැදුවත් හෝසොක්ගෙන් හම්බෙච්ච බැල්ම එක්ක ඉක්මනටම හෝසොක්ට ඔලුව නවලා අචාර කරලා පෙන්නපු කොරිඩෝ එක දිහාට ටේහ්යොන්ග් ඇවිදගෙන ගියේ ජන්කුක් හිනාවත් තද කරන් බලන් ඉන්නකොට...
"එතකොට තමුන්... සිහිය ආවා විතරයි ආයෙත් සිහිය නැති කරගන්නවා මම ආවේ නැත්නම්..."
ජන්කුක්ටත් ඔරවන ගමන් කීව හෝසොක් ජන්කුක්ව එක්කගෙන රූම් එකට ගියා...
"දැන් හැමදේම හරිද..."
හෝසොක් ඇහුවේ ජන්කුක්ගේ ඇග තෙත මාත්තු කරන ගමන්...
"ම්ම්.. මන් අවස්තාවක් දුන්නා... "
ජන්කුක් හෙමින් කීවේ හෝසොක්ගේ ප්රතිචාරය මොකක් වෙයිද කියලා බයෙන්...
"මන් මුකුත් කියන් නෑ ජන්කුක්... මෙන්න මෙතනට දැනෙන කෙනෙක්ව ඔයාගෙ ජීවිතේට තෝරගන්න... ගුකීටත් ඔයාටත් හොදක් වෙන දේකට මන් කවදාවත් අකමැති වෙන් නෑ.. "
ජන්කුක්ගේ පපුවට අත තියලා හෝසොක් කියනකොට ජන්කුක් හෝසොක්ට තුරුල් උනේ පුන්චි දරුවෙක් වගේ... හෝසොක් හිනා වෙන ගමන් ජන්කුක්ගේ පිට අත ගාලා ඔලුවෙන් හාදුවක් තැවරුවා...
YOU ARE READING
• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉ
FanfictionA young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life a child... __ 🇵 🇦 🇮 🇳 🇴 🇫 🇱 🇴 🇻 🇪 __ ____|𝕋𝕒𝕖𝕂𝕠𝕠𝕜|_____ ° Contains mature parts...