TIULIP

90 17 8
                                    

TAE POV

" දන්නවද බේබි දෙයක්....
ඔයා අදත් ගොඩක් ලස්සනයි
රෝස පාටට
රෝස මලක් වගේ " 

- >_< -

  මම අදත් මගේ ලොකර් එක අරිනකොට තිබ්බ පුංචි නෝට් එකයි ටියුලිප් මලයි අතට අරන් බැලුවා . මම ඒක කියෙව්වට පස්සෙ මගේ කම්මුල්වලට ලේ පිරෙනවා මට දැනුනා.

  අද තිබ්බෙ තැඹිලි පාට ටියුලිප් මලක් . කව්ද ඔයා ? කව්ද ඔයා මට මේ තරම් ආදරෙ කරන්න ....මගේ ඉස්සරහට එන්නෙ  කවද්ද ඔයා.? මම බලන් ඉන්නවා... ආසයි ඔයාව බලන්න...

  " ඔහ් .. ටේ අදත් හම්බෙලා නෙහ් ... ආව් ආව් කොල්ල රෝසත් වෙලා.. "

  ජිමිනා කිව්වෙ මගේ අතේ තිබ්බ නෝට් එකට් එබෙන ගමන් .එයාගෙ පිටිපස්සෙන් අනිත් කෙනත් ආවා.

  " අදත් හම්බෙලා නෙහ් ... එයා කවුරු උනත් මාර ස්වීට් කෙනෙක්... "

  ඒ කුකී.

  "හ්ම්.....මට එයාව බලන්න ඕනි . " 

  මට කිව්වෙ මට ඉබේම හුස්මක් පිට වෙනකොට .

  " අපි කීසැරයක් try කලාද ඒ කව්ද කියලා බලාගන්න ඒත් අපිට හොයා ගන්න බැරි උනානෙ . "

  ජිමිනා කියන කතාවත් ඇත්ත . අපි කොච්චර try කළත් හොයා ගන්න බැරි උනා. ඒක හොයා ගන්න එක දවසක් ජිමිනයි කුකීයි උදේ 6 ඉදන් හැංගිලා බලන් ඉදලා . එදා ජිමිනා කුකීව මැරුවෙ නැති ටික විතරයි . එයාව උදේ ඇහැරුවා කියලා.


  මම බලන් ඉන්නව ඔයා මගේ ඉස්සරහට එනකන්. ඔයාව දකින්නෙවත් නැතුව මම ඔයාට බැදිලා. මම ඔයාට ආදරෙ කරන්න අරන්. එන්නෙ හිතෙන්නෙ නැද්ද මං ලගට දැන්වත් ? මම කොච්චර කාලයක් තව බලන් ඉන්න ඕනිද ? මම හිතුවේ ඒ තැඹලි පාට ටියුලිප් මල අතේ තියන්..
.
.
.
.
.
.
.
.
  අපි ඊලග lecture එකට ගිහින් හෝල් එකේ මැදකින් ඉද ගත්තා. ලෙක්චර් එක පැය 3ක්. කතා කරන්නවත් විදිහක් නෑ. ප්‍රොෆෙසර් නැම්ජූන් හරිම සැරයි . හැබැයි හොදයි. කොහොමහරි නිදි කිර කිර අහන් හිටියා . වෙන කරන්න දේකුත් නෑනෙ. ලෙක් එක ඉවර උනමා ජීකුක් දෙන්න බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නිසා එයාලට තනියම ඉන්න දීලා මම ගාඩන් එකට ආවා පොඩ්ඩක් නිදහසේ ඉන්න.

Tiulip [ TaeGi ] ✔️Where stories live. Discover now