චේයොන්ග් රජතුමාගේ කාමරේ පැත්තට යනකොට කෙල්ලව එක්කගෙන යන සර්වන්ට් රජතුමාගේ දින චර්යාව කිව්වා කෙල්ල ඒක අහගෙන ඉදලා තඩි ඈනුමක් යැව්වාම මෙච්චර වෙලා කියවමින් හිටපු සර්වන්ට් චේයොන්ග් දිහාට හැරිලා රැව්වා කෙල්ල මොංගල් හිනාවක් දැම්මා පඩිපෙළ නැගගෙන තට්ටු හතක් උඩට ආපු කෙල්ලට හොදටම හතියි
මුන්ට teleport වෙන්න පුලුවන් එකේ මොන සෙද්දකට ද යකෝ මෙච්චර තට්ටු ගානක් නැග්ගේ අඩුගානේ ලිෆ්ට් එකක්වත් සෙට් කරන්න බැරි ද
චේයොන්ග් මාලිගාව හදපු එකාගේ හත්මුතු පරම්පරාවම ආදරෙන් සිහිපත් කරන ගමන් සර්වන්ට් පස්සෙන් ගියා අන්තිමේ දී විශාල දොරක් ඉස්සරහ නැවතුනා
" රජතුමනි.....ඇය පැමිනියා..."
මේක නිකන් historical drama එකක් වගේ නේ යකෝ
" එන්න කියන්න "
රජතුමාගේ ගැඹුරු කටහඬ රූම් එක ඇතුලෙන් ඇහුනා චේයොන්ග් එක්ක හිටපු සර්වන්ට් කෙල්ල රූම් එකේ දොර ඇරලා ඇතුලට යන්න කිව්වා රූම් එක දැකලා චේයොන්ග්ගේ කට ඇරුනා කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන රූම් එක පුරා ඇස් යැව්වේ මේක රජාගේ රූම් එක ද කියලා හිතාගන්න බැරුව
රූම් එක ලස්සන නිසා චේයොන්ග්ගේ කට ඇරුනා කියලා ද හිතුවේ නැත මිතුර රූම් එකට පිස්සෙක් පැනලා ඔක්කොම අනිත් පැත්ත ගහලා වගේ අනියා පිස්සෙක් හිටියාට වඩා අනන්තයි
හෑ....මේක ද royal bedroom එක කියන්නේ....? මීට වඩා මගේ රූම් එක පිලිවෙලයි නේ යකෝ මිනායා ඉන්න තිබ්බේ....ඒකි කොයිවෙලෙත් කෑගහනවා මගේ රූම් එක පිස්සන් කොටුවක් වගේ කියලා එතකොට මේකට කියන්නේ මොකද්ද ඌරු කොටුවක් කියලා ද..?
" තමුසේ සිරි නරබලා ඉවර ද...?"
එක පාරට පිටිපස්සෙන් ඇහුනු ගැඹුරු කටහඩක් නිසා චේයොන්ග් පපුවට අත තියාගෙන පිටිපස්සට හැරුනා
මූ හැමතිස්සේම පිටිපස්සෙන් එන්නේ මොකද...? ඉස්සරහින් ආවාම මුගේ ඇගේ කෑල්ලක් අඩු වෙනවාද...? මේ මිනිහා...උප්ස් වැරදුනා මිනිහෙක් නෙවෙයි නේ වැම්පියෙක් නේ තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදිලා නවතින්නේ... Wait...wait වැම්පයර්ලාට හාර්ට් ඇටෑක් හැදිලා තියෙනවා කියලා ඉතිහාසයේ කොහෙවත් සදහන් වෙලා ඤැ නේ ආ කමක් නැ හාර්ට් ඇටෑක් හැදුනු පලවෙනි වැම්පයර් විදියට ඉතිහාසය ගත වෙන්න පුලුවන් වාහ්.... ගැම්මක් තමයි ඉතින්
YOU ARE READING
𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅
Vampireඅවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..?