2💖

47 16 8
                                    


කැඩී පුපුරා බොරලු වලින් පිරී ගිය කුඩා අබලන් තාර පාරෙ තම පාපැදියත් පැදගෙන දහදිය වලින් කමිසය තෙත්වී ගොස් .. මුහුණ පුරා දාදිය බිදු ද ගලා යන්නට වූයේ පාපැදිය පැදයාම නිසාවෙනි....

කදු මුදුනකට වන්නට තිබූ තම කුඩා නිවසට යන්නට ඔහු හති දමමින්  භාගයක් දුරකට තම පාපැදිය පැදගියත් ඉතිරිය ඔහු පයින් යෑමට තීරණය කලේ පාපැදිය පැදීම හේතුවෙන් දැනුන වෙහෙස නිසයි ...

නිවස අසලට පැමිණ නිවසේ අයිනකට වන්නට පාපැදිය නැවතූ xiao පිටතින් තිබූ ජල කරාමය විවර කර වතුර උගුරක් බී උගුර කට තෙමා ගත්තේ දැනුන අධික තිබහ නිසයි ...

නිවස තුලට ගොඩ වූ xiao ව දුටු ඔහුගේ මව " xiao පුතේ .. මහන්සිද.... මං තේ එකක් බලන් එන්නම් .. ඇගපත හෝදන් එන්න .." ඇය තම පුතු වූ Xiao ට අංලෙස පවසා මුළුතැන්ගෙයට යන අතරේ xiao පිරිසිදු වන්නට ගියා ....

ඇද මතට වී කාමරයේ තිබූ කුඩා radio එකේ යන සින්දු වලට සවන් දෙන ගමන් සිටි xiao ලගට පැමිණි ඔහුගේ මව තේ කෝප්පය ඔහු අසලින් තබද්දී ඔහු එය අතට රැගෙන තම මවට සිනාවකින් සංග්‍රහ කර තේ කෝප්පයෙන් උගුරු කිහිපයක් බී නැවතත් ඇදට වැටුණේ  ගතට දැනුන මහන්සිය නිසයි ...

එහෙත් අද ඔහුට වෙනදා මෙන් නිදියන්නට හිතක් නැතිව වගේ ...දෑස් පියාගත් වනම ඔහුගේ  මනසට පැමිණෙන ඒ ඇය නිසයි ...

බීජිං නගරයේදී මුණගැසුණූ කලුවන් දෑස් යුගලක් පිරිපුන් ලා රෝස පැහැති දෙතොල් දිගු නාසයකුත් හිමි ලා කහ පැහැති පැහැපත් සමකින් හෙබි ඒ තරුණිය ඔහුගේ සිත දැනටමත් ඔහුටත් හොරා සොරාගෙන අවසන් ...

" cheang xiao ...ඔබේ නම වගේම ඔබත් බොහොම සුන්දරයි ..." ඔහු ඇයගේ නම තම මුව තුලින් සැරින් සැරේ පවසන පවසන වාරයක් පාසාම ඔහුගේ මුවගට සිනාවක් පැමිණියේ ඔහුටත් හොරායි....

එලෙස ඇදේ එහෙට මෙහෙට පෙරලෙමින් සිටි ඔහුට ඉබේම නින්ද ගියේ ඔහුගේ හිත හොරාගත් ඒ තරුණියව තම සිහින තුලද දකින ගමනුයි ....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කතාව කොහොමද ලමයි ..

අවුල් වගේද ...

මං මේකෙදී පාවිච්චි කරන භාෂා ශෛලිය වෙනස් ....


💖💖💖

- Pink panther

White Daliya ● HANAHAKI |XZ ||GxB✔️Where stories live. Discover now