5💖

49 15 21
                                    


බීජිං නගරයේ සුපුරුදු විදිහටම කාර්යබහුලත්වයකින් පිරිලා ඉතිරිලා ගොස් ඇති වීදි පුරා මිනිසුන් කලබලෙන් එහේ මෙහේ ගියත් ඔහු පමණක් එක් අතක ගිටාරයක් රැගෙන වෙනදා මෙන්ම ඇයව හමු වූ තැනට ගොස් ගිටාරය වයමින් ගායනා කරන්නට පටන් ගත්තේ අවට මිනිසුන්ද ඔහු දෙස ඇස් කොනෙන් බලන් ඔහුව පසු කරන් යන විටයි ....

නමුත් ඔහු එය ගැන සැලකිලිමත් නොවී දිගටම තම ගායන කර ගෙන ගියත් එක්වරම කැස්සක් තම මුවින් රුධිරය සමග ඩේලියා මල් පෙති පිටවූයේ ඔහුගේ හදවත රිදුම් දෙමිනි ...

ඔහු ඉක්මනින් තම මුවින් පිටවූ එම රුධිරයෙන් නැහැවී ගිය මල් පෙති ද තම අතෙහි මිට මොලවා ගනිමින් ගසක් යටට ගොස් මදක් විවේක ගත්තත් එක්වරම අහස සිසාරා කලුකරමින් පැමිණි වලාකුලක් සමග අහස ගුගුරැවා මහ වැස්සක් ආරම්භ වූයේ අනික් මිනිසුන්ද කලබලෙන් තම කුඩ ඉහලා එක එක තැන් කරා දිව යද්දී ...

වැස්සෙන් බේරීමට Xiao තම ගිටාරයද රැගෙන බස් නැවතුම්පළක් තුලට දිව ගියා ...

නමුත් ඔහුගේ දෛවය අද ඔහුට කාරුණික වෙලා වගේ ...

ඔව් ඇය සුදු දිග ගවුමක් හැද ...එක් අතකින් කුඩයක් රැගෙන ඔහු අසලට පැමිණ එය අකුල පැත්තකින් තබා ඔහු අසලට ගියත් ඔහු තවමත් සිටියේ වෙනත් බලා ගෙනයි ...

ඔහුගේ අවධානය ගැනුමට ඔහු ලගින් ඇය හිදගත්තත් ඔහු හැරී නොබැලුව නිසා ඇය මදක් තම උගුර අපහසුවෙන් පාදලා ඔහු දෙස බලන් සිටියදී ඔහු ඇය දෙසට හැරුණු ගමන් ඇයව දුටු ගමන් ඔහු ඉබේම හුන් තැනින් නැගිට්ටුනත් cheang ඔහුට අතින් නැවතත් ඉදගන්න ලෙස සන් කරපු ගමන් ඔහු නැවතත් ඉඳගත්තේ පුදුමයෙන් තම දෑස් විසල් කරගෙනයි....

" ඔබට කොහොමද ..? " ඇය xiao ගෙන් එලෙස අසද්දී අහිංසක ලෙස ඔහු සිනාසී " මා හොදින් .. ඔබට ? " පෙරවා එම ප්‍රශ්නයම නැවතත් ඇයගෙන් අසද්දී ඇයත් " මාත් හොදින් ... ඔබව මා දුටුවේ හුග දවසකින් "

ඇය එලෙස අසද්දී ඔහු " හ්ම් " කියා පවසද්දිම කැස්සක් පිට වූයේ එය මුවින් ආවරණය කර ගැනීමට අසාර්ථක උත්සහයක නියලැද්දීයි ....

" කවුරු නිසාද...මෙය " ඇය ඔහුගෙන් එලෙස මද වෙලාවක් නිහඩව සිටි xiao " එය ඔබ වෙනුවෙන් ..." cheang දෙස නොබලා පාරේ යන වාහන දෙස බලන් ඔහු කියද්දී cheang ...

" ඇත්තටමද ..? " එලෙස කියද්දීම ඇයගේ මුවින්ද රුධිරය සමග මුසු වූ රතු ඩේලියා මල් පෙති පිටවෙද්දී Xiao ඇය දෙස පුදුමෙන් බලා ...

" එය කවුරුන් නිසාද ..? " ඔහු ඇයගෙන් අසද්දී ඇයත් ...

" එය ඔබ නිසා ..." ඇය කදුලු පිරි දෑසින් කියද්දී ඔහු ඇය දෙස තවමත් පුදුමයෙන් බලා සිටියා ...

" මං ඔබට ආදරෙයි zhan ... ගොඩක් ආදරෙයි ..." ඇය එලෙස කියද්දී ඔහුත් තම කදුලු පිරි දෑසින් ඇය දෙස බලා .." මමත් ඔබට ගොඩක් ආදරෙයි cheang "

ඇයව වැලදගන්න ගමන් කියද්දී ඇයත් ඔහු වැලදගත්තේ හදවතෙහි ඇති ආදරය උතුරා යද්දීයි....

" වැස්සත් පායලා ...නේද ? " ඇය xiao දෙස බලා කියද්දී ඔහුත් " ඒකනේ.... එහෙනම් අපි යමු නේද ?"

ඇය දෙසට තම දෑත දිගු කරද්දී ඇයත් ඔහු හා තම දෑඟිලි පටලවා ගනිමින් වීදියෙහි ඉදිරියට ඇවිද ගියේ ඉතා සතුටින් ....

●●● සමාප්තයි ●●●

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් ඔන්න කතාව ඉවරයි...

පරිස්සමින් ඉන්න ...

💖💖💖

- Pink panther

White Daliya ● HANAHAKI |XZ ||GxB✔️Where stories live. Discover now