වෙනදා මෙන්ම උදෑසන අවදි වූ Xiao පාපැදියද පැදගෙන පාසල කරා යන්නට ගියේ දරුවන්ට ඉගැන්වීම තම රැකියාව වන නිසාම නොව ගුරුවරයෙකුගෙන් දරුවන්ට විය යුතු යුතුකමක් වූ හෙයිනි ...පාසලට ගිය Xiao ව දුටු ලමුන් ඔහු කරා දුව ආවේද ඔහු දරුවන්ට දක්වන ආදරයට සමානව ඔහුට දරුවන් ගේ ආදරය නොඅඩුව ලැබුණු නිසයි ...
ඔහු පාසල නිම වී තම නිවසට යන අතරමගදී ඔහුට මුණගැසුණේ ඔහුගේ හදවතේ හිමිකාරියයි ..
ඔව් ඒ ඇය cheang xiao ... දම් පැහැති දිග ගවුමට ඇයව තවත් ලස්සනට Xiao ට පෙනී ගියේ මිහිපිට සුරංගනාවියක් වගේ .. ඇය ඒ තරමටම ලස්සනයි ..
Xiao ඇය දැක හිත ඇතුලින් මදක් තිගැස්සී ගියද එය පිටතට නොපෙන්වා තම පාපැදියද තල්ලු කරගෙන ඉදිරියට යන විටදී ඇය ඔහු හා සිනාසෙන විටදී ෂාඕ. ...
" ඔබ මෙතන...? "Xiao පුදුමයෙන් අසද්දී ඇය යලිදු වතාවක් සිනාසී ...
" මගේ වාහනය හදිසියේම නැවතුනා ... මට යාමට නොහැකි නිසයි මා කවුරුන් හරි එන තෙක් රැදී සිටියේ ..." ඇය සංසුන් අයුරින් කියද්දී Xiao " මා මදක් එය බලන්නද .? "
ඔහු ඇයගෙන් අසද්දී ඇය සෙමෙන් තම හිස උඩ පහල කලේ ඔහුට අවසර දෙන ගමනුයි ..
" ආ දැන් නම් හරි ...එච්චර ලොකු දෙයක් එහි තිබුනේ නැහැ .." අහිංසක ලෙස සිනාසී ඔහු පවසද්දී ඇයද ඔහුට පෙරලා සිනාසී ස්තූති කර පිටව යන්නට ගියේ ෂාඕ තුල ඇය ගැන ඇති වූ හැගීම තව තවත් වැඩි කරමිනුයි ...
පැයකට පමණ පසු නිවසට ආ Xiao සිනාසෙන ගමන් නිවසට ගොඩවෙන දුටු Xiao ගේ මවට එය පුදුමය දනවන කරුණක් වූවත් ඇය කිසිවක් නොඅසා පිරිසිදු වී ආ Xiao හට නූඩ්ල්ස් දැමු බදුනක් ලබා දෙන ගමන් ...
" පුතේ ආ මෙන්න .. මං හෙට තාත්තත් එක්ක ඔයාගේ සීයාව බලන්න යනවා ...මාසයක් යනකන් පුතාට තනියම ඉන්න පුලුවන්ද.... " ඇය දුකින් තම පුතු දෙස බලා එලෙස කියද්දී ඔහු සිනාසී " පුලුවන් අම්මේ .. ඔයාලා පරිස්සමට ගිහින් එන්නකෝ .."
" සීයට ටිකක් අමාරු නිසා නොයා බැරිකමටයි යන්නේ .. මගේ හිතට හරි නෑ පුතාව ගෙදර දාලා යන්න වෙන එකට " ඇය නැවතත් කියද්දී Xiao...
" අම්මේ මට දැන් විසි හතයි .. මට තනියම ඉන්න පුලුවන් .." ඔහු රාත්‍රී ආහාරයත් රැගෙන නින්දට න්නට ගියත් ඔහුට ආ ක්ෂණික සිතුවිල්ලට කොලයක් රැගෙන ඔහු ඔහුගේ සිත තුල ඇයගේ රූපය මවා ගනිමින් ඇයව සිතුවමට නැගූයේ සිත ඇය කෙරෙහි දැනුන නුපුරුදු හැගීම තව තවත් ඔහුගේ සිත වෙලා ගනිද්දී....
සිතුවම ඇද එය දෙස බලා සිටි xiao " මං හිතන්නේ මගේ හිත මට නොදැනීම ඔබට ආදරය කරන්න පටන් අරන් cheang.... නමුත් ඔබ මට ආදරය කරන්නේ නැහැනේ .. ඔබට මා තවම හමුවීලත් දින දෙකයි .. "
ඔහු එම සිතුවම දෙස බලා එය පරිස්සමට මේසයෙහි ලාච්චුව තුලට දැමූ xiao නින්දට වැටුණේ දැනුන මහන්සිය නිසයි ...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කතාව හරි නෑ වගේද ..?
💖💖💖
- Pink panther
YOU ARE READING
White Daliya ● HANAHAKI |XZ ||GxB✔️
Fanfictionමගේ හදවත නම් උද්‍යානයේ ඇති වූ සුදු ඩේලියා මල් පැලයෙහි හිමිකාරිය ඔබයි .. එය වේදනාකාරි ... නමුත් මං ඒ තරමටම එයට ආදරෙයි ... 💮 ( Coverd by Armygirl920 ) Published - 2022.12.17 Finished - 2022.12.17 [ Don't copy my work ]