යීබෝ.....
එයා මගේ බනී.... මගෙන් අහනකොට...එයා මගේ කවුරුත් නෙමේද කියලා මට දැනුණේ මගේ පපුව පැළෙන්න තරම් වේදනාවක්....ඇත්ත....එයා මගේ කවුරුත් නෙමේ.... ඒත් එදා එයාව දැකපු එක තප්පරේට මගේ හිත ගැස්සුණා....ජීවිතේ පලවෙනි පාරට....එදා ඒ එක තප්පරෙකට හිතට ඇති උණ හැඟීම....හිතින් අයින් කරන්න බැරි තරමට හුගාක් දුර ගිහිං....'අනුකම්පාව' ඒ වචනෙටත් මන් වයිර කරනවා ඒ මොහොතේ ඉඳන්....ඇත්ත මගෙන් උණ වැරැද්ද නිසා මන් පසු තැවෙනවා.... ඒත් ඒ එයා නොවුණා නම්....එදා මට දැනුණ හැඟීම නොවුණා නම්....මං මේ තරම් කැපවෙලා එයා වෙනුවෙන් බලන් නොඉන්න තිබුණා....වැරැද්දකට වන්දි ගෙවන්න....අනුකම්පාව පෙන්නන්න....මීට වඩා හොද ක්‍රම තියෙනවා මං හිතන්නේ....එයාව බලාගන්න මට වෙන කෙනෙක් දාන්න තිබුණා....ඇති තරම් සල්ලි ගෙවලා හොස්පිට්ල් එකටම එයාගෙ වගකීම බාර දෙන්න තිබුණා....ඒත් මට...මට ඕනා උණේ එයා වෙනුවෙන් කැපවෙන්න....ඉතිං ඒ අනුකම්පාවද....මං...මං කොහොමද එයාට තේරුම් කරන්නේ.... අද වෙනකණුත් එයා මගේ කවුරුත් නොවුණත්....එයාව දැකපු තප්පරේ ඉඳන් මට ඕනා උණා එයාව මගේ කරගන්න....ඒත්...දෛවය....හුගාක් කුරිරුයි....එයාව මට මුණ ගස්සපු දෛවයම එයාගෙන් ඈත් වෙන්න තරම් හේතුත් හදලා තිබුණෙ හරි නපුරු විදිහට.....මගේ ආදරේ එයාට තේරුම් කරන්න බැරි තරමට මාව අසරණ කරලා....
•
••
•••
••••
•••••
හදිසියේ කාමරේට කඩන් පහත් උණ කට හඬ නිසා දෙන්නම පියවි සිහියට ආවා...."යීබෝ...."
~~~~~
හදිසියේ යීබෝව හොයන් ආපු ඒ කටහඬ දඟකාර ගැහැනු කටහඬක් වෙද්දී නොදන්න හේතුවකට ඉක්මනින් බනී යීබෝගෙන් ඈත් උණේ ඇස් වල කදුළු පිහගන්න ගමන්...."යීබෝ....ඔයා නම්....දැන් මෙයාව බලන්න අපිට හොස්පිට්ල් එකටම එන්න වෙලානේ අයියෝ...."
බනී කට ඇරන් බලන් හිටියෙ හදිසියේ ආපු ලස්සන ගෑණු ළමයා දුවගෙන ඇවිත් යීබෝව හග් කරන දිහා....
YOU ARE READING
💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -
Fanfiction"ඉතිං....එබැවින් නවතීමී.... හදින් පිටමං.....නොකරමී...." 🥀 මවා අහස 🥀එපා තරු 🥀මට දෙන්න 🥀නුඹ කළුවරේ🥀හිඳි නම්.. ඒ ඇස්.... ඒ ඇස් ඇරලා මන් දිහා බලනකං මං තාමත් බලන් ඉන්නවා.... කාගෙ කවුද ,කොහෙන් ආවද ,මොකට ආවද නොදන්න එයා..... ඇස...