බනී....
හැමදෙම හොඳින්....හිතුවාටත් වඩා ගොඩක් හොඳින්.... ඉතිං මන් සතුටු වෙන්න ඕනා නේද.... මට සතුටුයි ඒත් ග්‍රැනි වගේම ෂුආන් හොදින් සලකන හැම වෙලාවකම, හිත පුරාවටම මොකක්දෝ අඩුවක් දැනෙනවා....අවුරුදු 2ක් ගිහිල්ලත්....මන් නැතිකොට හොයලා බලන්නවත් කෙනෙක් ඇත්තටම මට ඉඳලා නැද්ද....යීබෝ මේ අවුරුදු දෙක පුරාම මං කවුද කාගෙ කවුද කියන එක පුළුවන් තරම් හෙව්වලු.... ඒත් එයා කියන විදිහට මං එකපාර මේ ලොකෙට ආපු කෙනෙක් වගේලු....මාව දන්න කියන කෙනෙක්වත්....මගේ නමක් ගමක්වත් හොයාගන්න බැරි උණාලු. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද....මගේ කියලා කවුරුම හරි හිටියොත්....අනේ ඒ කෙනාට මාව හොයා ගන්න බැරි නම්....එයා කොයිතරම් වේදනා විදිනවා ඇත්ද.යීබෝ ළඟ ඉද්දී දැනෙන ඒ හැඟීම....අනිත් අය ළඟ අසම්පූර්ණ බවක් දැනුණත්....යීබෝ ළඟ ඉද්දී මට දැනෙන්නෙ මං අංග සම්පූර්ණයි කියලා....හැමදේම නුහුරු උණත් ඒ ආදරේ...ඒ කටහඬ....මාව බලාගන්න විදිහ.... ඒ සුවද පවා මට දැනෙන්නෙ පුරුදු දේවල් වගේ. ඒත් යීබෝ එයා මාව කලින් දන්නෙ නැත්තම්....එයා මගේ කවුරුත් නෙමෙ නම්....යීබෝ වෙනුවෙන් දැනෙන ඒ හැඟීමට වෙන අයිතිකාරයෙක් ඉන්නවානම්....
•
••
•••
••••
•••••
බනී කල්පනා කරේ නුපුරුදු වටපිටාව දිහා හැරි හැරී බලන ගමන්.....~~~~~
යීබෝ බනී ෂුආන් එක්ක ගෙදරට එනකොටත් ග්‍රැනි මඟ බලන් හිටියා.යීබෝ මතක ඇති කාලෙ ඉඳන් හැදුණෙ ග්‍රැනි ළඟ වෙද්දී ෂුආනුත් වැඩි පුර කාලෙ ගෙව්වෙ ග්‍රැනිගේ ගෙදරමයි.යීබෝට මමා ගැන පොඩි මතකයක්වත් නැති වෙද්දී යීබෝ දැනගෙන හිටියෙ පපාගේ වැරැද්දක් නිසා මමා තමන්ව දාලා ගියා කියන්න විතරයි.පුංචි කාලෙ ඉඳන් යීබෝ අහන ප්‍රස්න වලට ග්‍රැනි ගෙන්වත් උත්තරයක් නොලැබෙන කොට ඒ දාලා යාම කොයි වගේ එකක්ද කියලාවත් යීබෝ දැනගෙන හිටියෙ නෑ.
තමන් තනි උණ එකට ප්‍රධාන හේතුව විදිහට පුංචි කාලෙ ඉඳන් සීයා පපා දොස් කිව්වේ යීබෝගේ පපා ට වෙනකොට යීබෝගේ හිතේ පුංචි කාලෙ ඉඳන් ඇති උණේ පපා නරක කෙනෙක් කියන සිතුවිල්ල වෙද්දී යීබෝ පපාගෙන් දුරස් උණේ නොදැනීමයි.යීබෝ මතක ඇති කාලෙ ඉඳන් පපා රෝද පුටුවකට සීමා වෙද්දී නගරයට හුගාක් ඈතින් තිබුණ නිවසක ජීවත් උණේ තනියම.පවුලෙන්ම හුදෙකලා වෙලා.වැඩුණ වයසට එනකොටත් යීබොට මේ ගැන අමුතු විශේසත්වයක් නොවුණේ දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳන් එයාට පුරුදු විදිහ මේක නිසයි.
YOU ARE READING
💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -
Fanfiction"ඉතිං....එබැවින් නවතීමී.... හදින් පිටමං.....නොකරමී...." 🥀 මවා අහස 🥀එපා තරු 🥀මට දෙන්න 🥀නුඹ කළුවරේ🥀හිඳි නම්.. ඒ ඇස්....ඒ ඇස් ඇරලා මන් දිහා බලනකං මං තාමත් බලන් ඉන්නවා.... කාගෙ කවුද ,කොහෙන් ආවද ,මොකට ආවද නොදන්න එයා..... ඇස්...