💚🌹 Chapter 6🌹❤️

712 135 46
                                    

යීබෝ....

මං ආයිමත් ඒ පුංචි නෝට් බුක් එක කියවන්න හිත හදාගත්තේ හරි අමාරුවෙන්.ඒත් ඉවසීමක්, සීමාවක් නැතුවම පිස්සුවෙන් වගේ බනී පස්සෙම දුවන හිතට ආයිමත් ඉබි යතුරු දාන්න  හොදම විදිහ ඒකයි කියලා හිතෙද්දී අවුරුදු දෙකකට පස්සෙ මන් ආයිමත් හිතට දහිරිය ගත්තත් මට හිතුනේම වෙන්න තියෙන දෙයක් වෙන්න ඉඩ ඇරලා මේ කරදරකාර පොත පුච්චලා දාන්න ඕනා කියලා....ඒත් දවසක....බනීට හැම දේම මතක් උණොත්.... කොයි තරම් වේදනාවක් උණත් එදාට ඒ මතක පුච්චලා දාන්න පුළුවන් වෙයිද මට....එයත් එක්ක මේ ගෙවන ලස්සන කාලෙටත් දවසක එයා වයිර කරන තරමට හේතු හදන්න මට උවමනාවක් නෑ. දවසක මතකේ ආව දවසක එයා මාව දාලා ගියත්,මට මොන දෙයක් කරත් මට ඕනා මේ ගෙවන කාලෙ එයාගෙ ජීවිතේ ලස්සන මතකයක් කරන්න....අද මතකයක් නැති උණත්,මතකේ ආව දවසක එයාගෙ හැඟීම් අකුරු උණ පුංචි පොත එයාට හුගාක් මතක් වෙන්න ගනීවි.එදාට මගේ අතින්ම මේ පොත එයාට දීලා සමුගන්න මට ඕනා උණා.එතකන්....බනී මට සමාවෙන්න ඔයාගෙන් මේක හංගන් ඉන්නවාට....මං වගේම ඔයත් ඒ අකුරු අස්සෙ අතරමං කරන්න,අතීතයක් නිසා වර්තමානෙන් පැනලා යනවා දකින්න,මං වගේම අපේ අනාගතේ ගැන වේදනා විදිනවා බලන්න මට ඕන නෑ රත්තරං....

••
•••
••••
•••••

යීබෝ උදේම නැගිටලා බනී ව බලන්න කාමරේට ගියේ රෑ එළිවෙනකං හිතට වද දුන්න හැම සිතුවිල්ලක්ම හිතේ කොණකට තල්ලු කරන ගමන්....අද යීබෝගේ පුංචි මාලිගාවේ බනී ගෙ පලවෙනි දවස වෙද්දී බනී අවදි වෙනකොට ළඟට වෙලා ඉන්න යීබොට උවමනා උණා.බනී ඇහැරිනවට බයෙන් සද්ද බද්ද නොකරම දොර ඇරියත් ඉලඟට දැකපු දේ නිසා යීබෝ ගැස්සිලා ගියා.

"අනේ බනී....ඇයි දෙයියනේ මේ...."

ඇඳ පාමුල බිම ඉඳන් හිටපු බනී ට ඇඳට   හේත්තු උණ ගමන් එහෙමම නින්ද ගිහිං තිබුණා වෙද්දී තාමත් රතු වෙලා තිබුණු මූණේ වෙලිලා තිබුණු කදුළු පැල්ලම් දිහා යීබෝ බලන් හිටියෙ වේදනාවෙන්....බනී ට සිහිය ආපු දවසෙ ඉඳන් යීබෝ හැම රැයක්ම බනී එක්ක රෝහලේම ගත කරද්දී,හිස පුරා දුවන යීබෝ ගෙ ඇගිලි වල පහසත් එක්ක නින්දට යන බනී බෙහෙත් සැර නිසාමද කොහේද එළිවෙනකං හොදින් නිදාගත්තා.ඒ ගැන ආයි මතක් වෙද්දී ඒ හැමවෙලාවකම බනී නිදියන්න කලින් කියපු වචන ආයිමත් යීබෝගේ කන් ඇතුලේ දෝංකාර දෙන්න උණා....

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now