💚🌹 Chapter 9🌹❤️

644 125 28
                                    

බනී....

අන්තිමේදී මට හැමදේම තේරුම් ගියා....පපුව පැළෙන තරම් වේදනාවක්  අත දිගේ ඇවිත් හදවත මිරිකනවා.... යීබෝගේ ඇස් මන් වෙනුවෙන් ආදරෙන් පිරිලා තියෙනවා මං දැක්කත්,ඒ හදවත මං ළඟ ගැහෙන තරම් මට ඇහුණත්,හිත පුරවලා තිබුණ ආදරේ මට දැනුණත් හැමදාම එයා අපි අතර සීමාවක් තියා ගත්තා.එයාගෙ ආදරේ මට ඉහටත් උඩින් දැනුණත් ආදරේ කියන වචනෙ කටින්වත් පිට නොවෙන්න එයා පරිස්සම් උණා.කොයි තරම් මට ළංවෙලා හිටියත් අද දවස වෙනුවෙන් මිසක් කවදාවත් එයා මට අනාගතේ වෙනුවෙන් බලාපොරොත්තු දුන්නේ නෑ. හැඟීම් පිරිලා ඉතිරිලා ගිය රෑක උණත් මං වචනෙන්ම එයාව ඉල්ලද්දී මඟ ඇරලා නොගියත් නළලෙන් තියපු පුංචි සිපුමකට එහා නොයන්න එයා පරිස්සම් උණා.මට කොයි තරම් වේදනාවක් දැනෙනවා කියලා දැනන් හිටියත්  එයා ළඟ නැති අනාගතයක් ගැන මගේ හිත හදන්න උත්සාහ කරා.ඔව්....අද...මං අන්තිමේට තේරුම් ගත්තා.මං එන්න කලින්ම එයාගෙ අනාගතේ වෙන කෙනෙක් වෙනුවෙන් ලියවෙලා.එයා මේ හැමදෙම කරෙ ඒ නිසා....ඒත් දෙවියනේ ෂුආන්....එයා කොහොමද මට මේ තරම් හොදින් සැලකුවේ.... යීබෝයි මමයි ගැන, අපි අපිත් එක්කවත්  එළිපිට කතා නොකරන අපේ බැඳීම ගැන...එයා පලවෙනි දවසෙ ඉඳන්ම විවුර්තව කතා කරා.හැම වෙළේම මගේ හිත හැදුවා....යීබෝ වගේම එයත් මේ ගැන මගෙන් හැන්ඟුවා.....ඇයි....කවුරු වෙනුවෙන්ද....මොකක් වෙනුවෙන්ද....

••
•••
••••
•••••
යීබෝ කොයිතරම් දොරට ගහ ගහ කතාකරත් බනී ගෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දී හිතට දැනුණ බය ඊලඟට පිටවුණේ කේන්තියක් විදිහට වෙද්දී,මේ තරම් වෙලා ඇහුණ  මිං ගෙත් යීබෝගේත් කෑ ගැහිල්ල ඇහෙන්නෙ නැති වෙන්න අත් දෙකෙන් ම කන් දෙක වහගෙන බිම වැටිලා අඬ අඬ හිටපු බනී මීට ටිකකට කලින් තමන්ට පලවෙනි වතාවට ඇහුණ යීබෝගේ නපුරු කට හඬ ආයීමත් දොර ළඟින් ඇහෙද්දී ගැස්සිලා ගියා.

"බනී දොර ඇරපං....උඹත් මගේ යකා අවුස්සන්නේ නැතිව මේ දොර ඇරපං මිනිහෝ..."

බනී බයටම හිටපු තැනින් නැගිටෙද්දී අඩියට දෙකට ගිහිං දොරෙ ලොක් එක  ඇරලා කාමරේ අනිත් කෙළවරටම දුවලා ගිහිං දොරට පිටුපාලා බිත්තිය දිහා බලන් හිටියෙ යීබෝගේ නපුරු බැල්ම ආයිමත් හිත තුල එහා මෙහා යද්දී.

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now