💚🌹 Chapter 10🌹❤️

667 120 25
                                    

යීබෝ....

හිතට දැනෙන පීඩනේ දැන් නම් දරන්න බැරි තරම්.....මන් දැනන් හිටියා දවසක මේ ප්‍රස්නෙ මතුවෙනවා කියලා.මට ඕනා උණේ බනී ව මේ ප්‍රස්නෙන් කොහොම හරි ඈත් කරලා තියන්න.ඒත් අන්තිමේ මං එපා කියලා හිතපු දේම උණා.මට කවුරු මොනා කිව්වත් ඉවසන්න පුළුවන්....ඒත් මගෙ බනී....මෙතන ප්‍රස්නෙ එයාට මාව දාලා යන්න වෙන එක නෙමෙ. එයා යයි කියන පලියට මං අකමැත්තෙන් තව කෙනෙක්ට එයාගෙ තැන දෙන්න ඕනද.කොහොමත් එයා එන්න කලින් උණත් වෙන කාව වත් මේ වගේ බලාපොරොත්තු උණේ නැතිකොට එයා ගියම උණත් මොකක්ද තියෙන වෙනස.ආපු කේන්තියට කෑ ගහලා ආවා තමා.ඒත් ආයි හිතද්දී දරුණු වැඩිද කියලා හිතෙනවා.ඒත් කවදාවත් මේ තරම් හැඟීම් ගොඩක එකපාර හිරවුන දවසක් මගෙ ජීවිතේ නොතිබුණු තරම්....මගෙ ජීවිතේ ගැන තීරණ ගන්න එපා කියලා බනීට කෑ ගැහුවට පළවැනි පාරට මගෙ හිත මගෙන් ප්‍රස්න කරන්න ගත්තා.මම නොදැන හරි බනී ගෙ ජීවිතේ පාලනේ කරනවා නෙමෙද...ඒත්...මගෙ හදවත තාම විස්වාස කරනවා එයා වෙනුවෙන් කරන්න හොඳම දේ තමා මේ විදිහ කියලා.අද මේ දැන් එයා ගෙවන ජීවිතේ අවාසනාවකට එයාගෙ පිට බලෙන් පටවපු එකක් මිස එයා කැමැත්තෙන් ලං කරගත්තු එකක් නෙමෙ.ඉස්සර එයාටත් එයාගේම හීන තියෙන්න ඇති. එයාගේම කියන අය වෙනුවෙන් බලාපොරොත්තු තියෙන්න ඇති.දවසක එයාට මතකය ඒවි....එදාට ඒ හීන බලාපොරොත්තු ආයීමත් එයාට මතක් වේවි.පිස්සුවෙන් වගේ මට එයාව මගෙ කරගන්න ඕනා උණත්,ළඟින් තියාගන්න ඕනා උණත්....එයාගෙ හීන වලට එයා හැමදාම ගත කරපු ඒ ජීවිතේට ආයි යන්න තියෙන ලොකුම බලපෑම වෙන්න මට උවමනාවක් නෑ. මං අද කරන දේවල් දවසක එයා තේරුම් ගනීවි.මං එයාගෙ ජීවිතේ අද පාලනේ කරත්....ඔව් ඒ එයා වෙනුවෙන්....අනිත් අයට වගේ තමන්ගෙ හීන වෙනුවෙන් තව කෙනෙකුගේ හීන උදුරගන්නවා නෙමෙ මං....ඒ පුංචි පොතේ තිබුණ අකුරක් අකුරක් ගානේ මං දන්නවා ඔයා කෙනෙක් වෙනුවෙන් මහ හුගාක් බලන් ඉඳලා... මහ ගොඩක් ආදරෙ කරලා....ඒ කෙනත් සමහර විට ඔයා වෙනුවෙන් තාමත් බලන් ඇති. . මට හොදක් වෙන දෙයක් නොවුණත්, දැනුවත්ව මං කාටවත් වරදක් නොකරත් ඔයාට මාව හොයන් එන්නත් ලොකු හේතුවක් තියෙන්න ඇති...."පළිගන්න" ඒ වචනෙ මගෙ නම ළඟින් ලියන්නත් ඔයාට ලොකු හේතුවක් තියෙන්න ඇති....

••
•••
••••
•••••

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now