💚🌹 Chapter 11 🌹❤️

602 115 17
                                    

බනී නොකියම ගිහිං සතියකුත් ගතවෙද්දී යීබෝ පිස්සුවෙන් වගේ පාරක් පාරක් ගානේ බනීව හොය හොය ඇවිද්දා.බනී එක්ක ආව ගිය හැම තැනකම බනී ඉඳිවි කියලා හිතෙන හැම තැනකම හෙව්වා.තමන්ගෙ ආත්මගරුත්වෙත් බල්ලට දාලා අංකල් මිං ට කතා කරලා උදව් ඉල්ලුවා.

"දැන් ඉන්න තැනක් කෙසේ වෙතත් කලින් හිටපු තැන ගැන නම් මන් ඉක්මනින්ම හොයලා කියන්නම් යීබෝ....අනික තමුසෙට මාෆියා එක ඔයතරම් අරහං නං මොකද ඌ ගැන හොයන්න විතරක් අපේ උදව්.තමුන් මහ ලොකු කෙරුමනේ. තමුසේ හරියට රැස් පෙන්නගෙන නේද හිටියෙ පහුගිය ටිකේ ආ....මොකො කුමාරයා නොකියාම ගියාම රැස් බැස්සද...."

ඒ වචන වලට තවත් රිදෙන්න තැනක් නැති වෙද්දී යීබෝ මිං ඉස්සරහා ආයි ආයීමත් බැගෑපත් උණා.

කෑමක් බීමක් නින්දක් විවේකයක් නැතිවම අතන මෙතන ඇවිදපු නිසා දැනුන මහන්සිය තෙගුණ තෙගුණ වෙලා දැනෙන්න උණේ බනී ගැන පුංචිම හෝඩුවාවක් නැති වෙද්දී.ආරංචිය ලැබුණ ගමන්ම ග්‍රැනී වගේම ෂුආන් යීබෝගේ තනියට යීබෝගේ නිවසට ආවත් යීබෝ නිවසේ රැදුණු වෙලාවක් නැති තරම්.

යීබෝ මේ දවස් ටිකේ පිස්සුවෙන් වගේ හැසිරෙන විදිහ නිසා ග්‍රැනී හිටියේත් හුගාක් දුකින් වෙද්දී මේ හැම දේකටම තමුනුත් වගකියන්න ඕනා කියන සිතුවිල්ලත් එක්ක ග්‍රැනීට තමන් එක්කම දැනුණේ කේන්තියක් වෙද්දී සති කීපෙකට කලින් මිං යීබොත් එක්ක රන්ඩු වෙලා ඇවිත් තමන්ට කේන්තියෙන් කෑ ගැහුවට පස්සෙ වෙනදා වගේ යීබෝගේ ගෙදර නොයා මඟ ඇරපු හැටිත්, බනී යන්න කලින් දවස් දෙකකට කලින්  බනීම ඇවිත් තමන්ව මුණ ගැහුණ විදිහත් අද යීබෝ හැසිරෙනවා තරම්ම වේදනාවකින් බනීත් ඒ මොහොතේ හැසිරුණ හැටිත් ග්‍රැනී ට ආයි ආයිමත් මතක් උණා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now