💚🌹 Chapter 13🌹❤️

599 117 42
                                    

බනී නොකියම ගිහිං දැන් මාස එක හමාරක් විතර වෙනවා.....ඒ අතරෙ හදිසියේ ආපු call එක නිසා දැනුන නොසන්සුන් කම නිසාම  පපුවත් හිර වෙනවා වගේ වෙද්දී ගෙවලා තිබුණ දුර උපරිම වේගෙන් ආපස්සට ගෙවන ගමන් මගේ car එක ඉගිල්ලුනා.

ආපස්සට හිතලා බලද්දීත් මට දැනෙන්නෙ ගෙවුණ කාලය සම්පූර්ණ හීනයක් වගේ.හොස්පිට්ල් ගානේ ගමක් ගමක් ගානේ පාරක් පාරක් ගානේ මං නොගිය තැනක් නැති තරම්.බනී මං ළඟට ආවෙත් එකපාර වෙන ලොකෙකින් ආව කෙනෙක් වගේ.දැන් ඒ වගේම කිසිම හෝඩුවාවක් නැතිව ආයීම ගිහිං....ඉවසලා ඉවසලා දැන් නම් ඒ ඉවසීමේ අඩියටම වැටුනු තත්වෙක මං ඉන්නෙ...

බනී ආයි මං ළඟට එන්න අකමැති උණත් අඩුම ඉන්න තැනක් ඉන්න විදිහක්වත් දැන ගන්න තිබුණා නම් කොහොම හරි හිත හදාගන්න තිබුණා.ගතින් හොදින් හිටියත් එයා මානසිකව එයා හිටියෙ හොඳ තත්වෙක නොවෙද්දී අලුත් ජීවිතේ එන ප්‍රස්න වලට කොහොම මුහුණ දෙයිද කියලා හිතනකොටත් මගේ ඔලුව අවුල් උණා.මං එක්ක හිටපු ටික කාලෙට මට තෙරුණ එකම දේ උණේ කාගෙන් උණත් ලැබෙන ආදරෙකට බනී මහා හුගාක් ලෝබයි කියන එක. මනුස්සකම් වලට වඩා අමනුස්සකම් පිරුණු ලෝකේ නොදන්න ආදරයක් හොයන් ගිහිං මගේ මැණික අමාරුවේ වැටෙයි කියලා මට බයයි.....

මේ ගෙවුණ කාලෙ පුරාම මං ඔෆිස් එකටත් ගියේ අත් වල ඇගිලි ගාණටත් අඩුවෙන් වෙද්දී කොහෙ හරි පාරක් අයිනෙ car එකේම මගේ රෑ ගත උණා.ෂුආන් මං නැති අඩුව පුරවන ගමන් ofice එකේ වැඩ කරගෙන යද්දී ගෙදර ගිය දවසට දෙකට ග්‍රැනී මං ඉස්සරහා ඉන්නෙ අපහසුවෙන් කියලා මට තේරුම් ගියා.මොකක්දෝ නිසා මට හිතුණෙම බනී මේ වගේ හිටි හැටියේ යන්නත් එයා හේතුවක් වෙන්න ඇති කියලා.ඒත් මං හැමවෙළේම නොදැක්කා වගේ හිටියෙ මං ඉන්න විදිහ නිසාම එහෙම දෙයක් කරා නම් එයාට දැනටමත් දඬුවම් ලැබිලා කියලා දන්න නිසා.

පණිවිඩේ ලැබුණ ගමන්ම මං ආවෙ ග්‍රැනී ගෙ ගෙදරට.අංකල්ගෙන් ලැබුණ ඇමතුම් එක දිගට මඟ අරිද්දී ග්‍රැනී ගෙ නුත් call එද්දී මට දැනුණේ නොරිස්සුමක්.

'උඹලා....ඔක්කොමත් වගකියන්න ඕනා...මගේ කොල්ලා ගිය එකට...'

බැරිම තැන ග්‍රැනී ගෙ call එක answer කරද්දි කතා කරේ අංකල්....

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now