බනී....
අදත් හවස්වෙද්දී ආවෙ වෙනදා වගේම සුපුරුදු තැනට.මොකක්දෝ හේතුවකට පලවෙනි දවසෙ ඉඳන්ම මං මේ පරිසරේට ආස උණා....මඟදී හම්බ උණ කීප දෙකෙක්ම මං දිහා හැරි හැරි බැලුවේ පුදුම වෙලා.ඔව් හැමදාම එහෙමයි.මනුස්සයෝ ගල්වෙන තරම් සීතලේ නිකංම ටීසර්ට් එකකුත් කොට කලිසමකුත් විතරක් ඇදගෙන කලිසම් සාක්කුවක අතකුත් දාගෙන අනිත් අතින් පොතකුත් අරන් මේ ලෝකේ සිහියක් නැතිව යන මාව පිස්සෙක් වගේ පේනවා ඇති....
ඒත් මං කැමති එහෙම.දවසම වැඩ කරලා සෑහෙන දුරක් ගෙවන් පයින්ම කන්ද නැගලා ඇවිත්....ලොකු වංගුවකුත් එක්ක පාර අයිනෙ තිබුණ බෙන්ච් එකේ වාඩි වෙලා හීතලේ මිරිකී මිරිකී හිත ඇතුලේ හිරකරන් හිටපු හැඟීම් එළියට දාන එක වෙද්දී දැන් ඒක පුරුද්දකට ගිහිං....ඒ දරාගන්න බැරි හීතල මීදුමෙන් පිරුණ පරිසරය හිතේ තියෙන දුකට ආශිර්වාදයක් වගේ...
එන වෙලාවට යන්තම් පැහැදිලිව තිබුණත් ටිකෙන් ටික මීදුම වැඩි වෙද්දී හිරිගඩු පිපෙන අත් ඇග වටේ ඔතන් සිතුවිලි වල අතරමං වෙලා හිතේ තියෙන දුක කදුළු කරන්න නොදැනීම මං ඇබ්බැහි වෙලා.ඉර බැහැලා කලුවර වැටෙනකංම බලන් ඉන්න මම හොස්ටල් එකට ගියේ රෑ වෙලා.
YOU ARE READING
💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -
Fanfiction"ඉතිං....එබැවින් නවතීමී.... හදින් පිටමං.....නොකරමී...." 🥀 මවා අහස 🥀එපා තරු 🥀මට දෙන්න 🥀නුඹ කළුවරේ🥀හිඳි නම්.. ඒ ඇස්.... ඒ ඇස් ඇරලා මන් දිහා බලනකං මං තාමත් බලන් ඉන්නවා.... කාගෙ කවුද ,කොහෙන් ආවද ,මොකට ආවද නොදන්න එයා..... ඇස...