💚🌹 Chapter 20🌹❤️

604 115 62
                                    

යීබෝ උදේ ඇහැරෙන කොටත් බනී ඇඳෙ හිටියෙ නෑ.නිදිමතේම අනිත් පැත්තට පෙරළුණු යීබෝ තාමත් බනීගෙ පහස නිසා උණුසුම් වෙලා තිබුණු ඇඳ පුරා අත ගෙන ගියා.ටිකකින් ඉස්සිලා ඒ උණුසුම උඩින් පෙරළුණු යීබෝ බනී ගෙ සුවදට ඉව අල්ලන ගමන් කලින් දවසෙ කතා උණු දේවල් ගැන කල්පනාවට වැටුණා.

'බනී ට විස්වාසයි....මමාට එයාව මට දෙන්න ඕන උණේ සහෝදරයෙක් වගේ නෙමෙයි...'

'ඒ මගේ මමා කියන එක සුවර්.ග්‍රැනී ට අංකල්ට වරදින්න විදිහක් නෑ...'

'ග්‍රැනී කියන විදිහට මමා යනකොට..බනී හම්බවෙන්න හිටියා කියලා සුවර් කරන්නත් බෑ...'

'සමහර විට...මන් නැති පාළුව යන්න මමා එයාව හදාගන්න ගත්තද...'

'ඒත් බනී මමා කුක්කු බිව්වා කිව්වේ....සමහර විට මාමාට කුක්කු තියෙන්න ඇති... එයා යනකොටත් මන් බිව්වා නම්...එහෙම වෙන්න පුළුවන්...'

'අනික...මමා කිව්වේ බනී බණ්ඩියේ ඉද්දි පයින් ගහනකොට අතට දැනුනා කියලලූ.... ඔව් ඒක නිතර කියලා තිබුණා....'

'අනික බනී කිව්වේ...මමා එයාට මන් ගැන කොයිතරම් දේවල් කිව්වත්....කවදාවත් මං එයාගෙ කවුද කියන එක කවදාවත් කිව්වේ නැතිලු....එයාට...එකටත් හේතුවක් තියෙන්න ඇති....'

'මට විස්වාසයි ඒ මගේ මමා.ඒ වගේම බනී මගේ දිදී නෙමෙයි....'

'ඒත්....එයා මේවා දැන ගත්තම....එයාට ගොඩක් දුක හිතෙයි දෙයියනේ....එයාට මේ තරම් ආදරේ කරපු මමා එයාගෙ නෙමෙ කියලා දැනගත්තම....'

'කමක් නෑ...එයාට මං ඉන්නවනෙ....අනික මමා දැන් ගිහිල්ලත්නේ....'

'මං කොහොම හරි එයාගෙ හිත හදනවා....'

'අදම මේ ගැන කතා කරනවා....'

කබඩ් එක ඇරපු යීබෝ ග්‍රැනී ගෙන් ඉල්ලන් ඇවිත් ආයි බලන්නවත් අමතක උණු පෙට්ටියත් අතට ගත්තෙ ශාක්ෂි මොකුත් නැතිව බනී ට හැම දෙයක්ම තේරුම් කරලා දෙන එක ලේසි නෑ කියලා මතක්වෙද්දී.යීබෝ හිටියෙ නොයිවසිල්ලෙන් වගේම කලබලෙන්.

බනී එයාගෙ කාමරේ නැති බව දකිද්දී කිචන් එකෙන් ඇහුණ සද්දෙත් එක්ක ආපහු හැරුණු යීබෝ කලබලේ වැඩි කමටම දොරේ හැප්පෙද්දී අතේ තිබුණ පෙට්ටිය බිම වැටිලා ෆොටෝ ඔක්කොම සී සී කඩ ගියා.

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now