Chapter 07

110 47 2
                                    

දන්නවද මං ඉස්සර ගොඩක් කම්මැලී.... දැනුත් ලොකු වෙනසක් නෑ ඒක මෙතනට අදාල කතාවක් නෙවෙයි.... පස්සෙ පස්සෙ ඉතින් මං වැඩ කරන්න ආස උනා..... රාජකාරි එක්ක කාර්යබහුල වෙන එක මට සතුට ගේන දෙයක්........ ඒත් ඒක මට අද තරම් වදයක් කියල හිතුනෙ නෑ කවදාවත්......

මේ කදවුරේ සේරම කොහේ හරි තුවාල කරන්..... උදේ පටන් ගත්ත වැඩේ තාමත් ඉවර නෑ...... මෙහෙම පුහුණුවීම් කරන්නෙ කොහොමද මංද..... පුදුම මිනිස්සු.....ඩොක්ටර් හැරිසන් පව් එක අතකින්.....මේ මනුස්සයා මෙච්චර කල් තනියම මේ යක්කු එක්ක හැප්පෙන්න ඇති...එසේ මෙසේ ඇගවල් ද මං අහන්නේ

" ඩොක්ටර් ජෝන්...... විවේකයක් ගන්න ලැබෙන්නෙම නෑ නේද?"

දවල් කෑම වෙලාවත් පැනලා පැය දෙකක් විතර ගියාට පස්සෙ බර්ගර් එකක් කන්න වෙලාවක් හොයාගත්ත අවස්ථාවෙ ඩොක්ටර් හැරිසන් ඇහුවෙ මං ගාවින්ම වාඩි වෙන ගමන්

" රෝහලට මාසෙකට වත් මෙච්චර ලෙඩ්ඩු ඇවිත් නැතුව ඇති..... අම්මො.... හොඳ පන ගියා....."

" දැනට හුස්ම ගන්න.... කදුකර පැත්තෙ පුහුණු වලට ගිය කන්ඩායම තව ටිකකින් එයි... එතකොට ආයෙත් හරි...."

අනේව්..... මට කරන්න බෑ..... අත්දැකීම් ලබාගන්න කියල ආවට අන්තිමට අත් ගලවල කියල යන්න වෙන්නෙ

" ඉවරයක් වෙන්නෙ නෑ වගේ එහෙනම්... කොහොමද ඩොක්ටර් මෙච්චර කාලයක් හිටියෙ....."

" ඔය දරුවා යුද්ධ කාලෙ හිටියෙ නෑ නෙ "

" මට අවුරුදු දෙකේදි යුද්දෙ ඉවර උනේ....."

" හාහ් හාහ් හා.... එහෙනම් දරුවො.... මං යුද්ද කාලෙත් හමුදාවෙ දොස්තර විදියට හිටපු කෙනෙක්....මේ වගේ නෙවෙයි....අත පය ගැලවිලා ගියපු මිනිසුන්ට තනියම බෙහෙත් කරා....එක වතාවකට ලෙඩ්ඩු සීය දෙසීය ගේන්නෙ....."

" මට ඒක අමතකම වෙලා තිබ්බෙ...."

" අමතක කරන්න.... කොහොමත් මතක් කරන්න තරම් හොඳ මාතෘකාවක් නෙවෙයි ඒක "

" ඩොක්ටර් ලෙඩෙක්........"

මට ලොකු උවමනාවක් තිබ්බ ඩොක්ටර් ගෙ අත්දැකීම් අහන්න.... ඒත් කෝ............එක සැරේටම සෙබළෙක් කඩාගෙන පැන්නා

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now